ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සංකූලතා
ආර්තවයෙන් පසු වැඩි වයස් ගතවත්දී ඕනෑම කාන්තාවක් මුහුණ දෙන මීළඟ තත්ත්වය වන්නේ ආර්තවහරණයයි. ආර්තවහරණය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද ඇති වෙනවා. ආර්තවහරණය, ස්වාභාවික ආර්තවහරණය සහ කෘත්‍රිම ආර්තවහරණය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. නව යොවුන් වියේදී ආරම්භ වන ඔසප්වීම මැදිවිය අවසානයේදී (අවුරුදු 45 -50) සම්පූර්ණයෙන්ම නැවතීම ස්වභාවික ආර්තවහරණයයි. ඩිම්බ කෝෂ ඉවත් කිරීම, ගර්භාෂය ඉවත් කිරිම, පළිකාවක් වැනි රෝගී තත්ත්වයක් නිසා කිරණ ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඩිම්බ විනාශ වීම වැනි තත්ත්ව නිසා ඔසප් වීම නතර වීම කෘත්‍රිම ආර්තවහරණය ලෙස හැඳින්වෙනවා. ආර්තවහරණයට ප්‍රධාන හේතුව ඩිම්බ පිටවීම නතර වීමයි. ආර්තවය නතර වී අවුරුද්දක් ගත වූ පසු ආර්තවහරණය ස්ථීරවම සිදුවූ බව නිගමනය කළ හැකියි. ඔසප් වීම සිදු නොවී සහමුලින්ම නතර වීම ආර්තවහරණය ලෙස (Menopause) හැඳින්වෙනවා. කාන්තාවකගේ අවසාන ඔසප්විම සිදුවන දිනට අවුරුදු දෙකකට පෙර සහ අවසන් ඔසප් වීම සිදුවී අවුරුදු තුනක් ගතවන තුරු කාලය ආර්තවහරණ සමය ලෙස හඳුන්වනවා. මේ කාලසීමාවේදී බොහෝ කාන්තාවන්ට කායික මෙන්ම මානසික ගැටලු ද රැසක් ඇති වෙනවා. ආර්තහරණයේදී සිතට සහ ගතට අපහසුතා නොදැනෙන වාසනාවන්ත කාන්තාවන් 15%ක් පමණ සිටිනවා. ඉතිරි 85% ටම ආර්තවහරණ සමය තුළ විවිධ සංකූලතා ඇති වෙනවා. මේ සංකූලතා අතර,
- අක්‍රමවත් වූ ආර්තවය.
- සිරුරේ එකවර හට ගන්නා රස්නය (Hot flushes) සහ දැවිල්ල (බොහෝවිට ශරීරයේ ඉහළ කොටසේ ඇති වේ)
- මුත්‍රා කරන විට ඇතිවන වේදනාව
- කිවිසුමක් හෝ කැස්සක් සමඟ ඉබේම මුත්‍රා පිටවීම
- නිතර අමතක වීමේ ස්වභාවය
- අවධානය යොමු කිරීමට නොහැකියාව
- ඇඟපත රුදාව
- රාත්‍රී කාලයේදී අධික ලෙස දහඩිය දැමීම
- සමේ හිරිවැටීම
- වරින් වර ඇතිවන පපුවේ ගැස්ම
- නින්ද නොයෑම
- හිසරදය
- බර වැඩිවීම
- මහන්සි ගතිය
- මනසේ ඇතිවන කලබලකාරී බව
- නොරිස්සුම් ස්වභාවය (කේන්ති යොම)
- කාන්සාව (කලකිරුණු බව)
- ලිංගික ආශාව හීනවීම
- යෝනි මාර්ගයේ තෙත් ගතිය අඩුවීම නිසා සංසර්ගයේදී වේදනාව ඇතිවීම. ප්‍රධාන ලෙස දැකිය හැකියි.
මැදිවිය අවසානයේදී කාන්තාවකට ඇතිවන සියලුම රෝගවලට හේතුව ආර්තවහරණය යැයි සිතීම වැරදි මතකයකි. ඇස් පෙනීමේ දුර්වලතා කණ ඇසීම අඩුවිම, අජීර්ණය වැනි රෝග ලක්ෂණ ආර්තවහරණය සමඟ සබඳතවක් නොදක්වයි. එසේම මැදිවියේ බොහෝ කාන්තාවන්ට ඇතිවන දියවැඩියාව රෝගී තත්ත්වය නිසා ඇතිවන සංකුලතා ආර්තවහරණය නිසා ඇතිවන තත්ත්ව ලෙස වරදවා වටහා නොගත යුතුයි. මේ නිසා එවැනි තත්ත්ව ඇති වූ වහාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරික්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. ආර්තවහරණය ළං වනවිට කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ විවිධ වෙනස්කම් සිදුවේ. ඩිම්බ කෝෂ මඟින් නිපදවනු ලබන ස්තී‍්‍ර හෝමෝනවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වීම ක්‍රමානුකුලව නතරවිම සිදුවෙනවා. කාන්තාවක් දරු ප්‍රසූතියකින් පසු මවු කිරිදෙන පළමු කාලයේදී ඔසප් වීම නතර වීම තාවකාලික ආර්තවහරණයක් ලෙස හැඳින්වෙනවා. මේ කාලයේදී ඩිම්බ පිට නොවීම නිසා ආර්තවය සිදු නොවුන ද නැවත එය ඩිම්බ පිටවීමත් සමඟ යතා තත්ත්වයට පත් වෙනවා.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත
ආයුර්වේදයට අනුව ඉඟුරුවල ගුණ :ඉඟුරු උෂ්ණ වීර්යයෙන් යුතු ඖෂධයක් වගේම සෙම සහ වාතය සමනය කරනවා. මේ නිසා ආහාර අරුචිය, මලබද්ධය, උදරය...
පිළිකාවක් කියන්නේ ශරීරයේ අරමුණක් නැති, පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක්. එය තවත් ස්ථානයකට ගොස් සෛල වර්ධනය විය හැකියි. ඕනෑම සිරුරක...
කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි ආර්තව වේදනාව ඩිස්මෙනොරියා (Dysmenorrhoea) ලෙස හඳුන්වනවා. කාන්තා රෝග අතරින් ආර්තව වේදනාව (Period Pain) පිළිබඳව වැඩිපුරම කථාවන්නේ...
ඇතැමුන් ගුද මාර්ගයේ හටගන්නා බොහෝ රෝග අර්ශස් ලෙස හඳුනා ගනියි. එහෙත් මෙය වැරැදි මතයකි. මෙයට හේතුව වන්නේ එම ස්ථානවල ඇතිවන රෝග...
හිසකෙස් ගසක් වර්ධනය වන අවස්ථාව (catagen phase) , වර්ධනය නැවැතී සිටින අවස්ථාව (catagen phase) සහ ගැලවී යන අවස්ථාව(telogen phase) යන ආකාර තුනෙන් පැවැතිය...
සාමාන්‍යයෙන් අවුරුදු 35ත් 55ත් අතර කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමට ඉඩකඩ වැඩිය. සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අය මේ...