අළුහම්වලට පේර කොළ හොඳයි
තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් ලෙස අළුහම් හඳුන්වන්නට පූළුවන්. මූහූණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසාම හමේ නොයෙකුත් ස්ථානවල වර්ණය ද වෙනස්වී අශෝබන බවක් ද ඇතිවෙයි. මෙය පූස් (දිලීර) විශේෂයක් නිසා හට ගන්නා සමේ රෝගයකි. ශරරයේ බාහිරින් කරන්නා වූ බෙහෙත් මගින් සූව නොවූණොත් ශරරයේ ලේ පිරිසිදු වීමටද ප්‍රතිකාර අවශ්‍ය වේවි. ඒ වගේම පහත සඳහන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අළුහම් රෝගයෙන් සූවයක් ලබාගැනීමට හැකිවනූ ඇත.
- හීන් අරත්ත අල ගිතෙල්වලින් අඹරා, අළුහම් මත අතුල්ලා පැයකට පමණ පසූව නාන්න. එක දිගටම මෙම ප්‍රතිකාරය කිරමෙන් හොඳ ප්‍රතිඵළ ලබාගත හැකියි.
- ඇත්තෝර ඇට, දුම්මල, විනාකිරි සමග අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර පැය දෙකකට පමණ පසූව නාන්න. සතියකට දින තුනක් පමණ මෙම ප්‍රතිකාරය කරන්න.
- පේර කොළ කොටා, අළුහම් ඇති ස්ථානවල ආලේප කරන ටික වේලාවකට පසූව සෝදා හරින්න.
- කරල් සැබ, පූළුස්සාගත් අළු තල තෙල් සමග මිශ්‍රකර අතුල්ලා පැයකට පසූව නාන්න.
- අඹ පොතු, අරළු, සැවැන්දරා මූල්, ලොත්සූබූළු, සූදු හඳුන් එක පමණ ගෙන සියූම්ව කුඩූකර ඇල් දියෙන් අඹරා ස්නානයට පැයකට පළමූව ගාන්න. දිගින් දිගටම මෙම ප්‍රතිකාරය කිරමෙන් ශරරයේ දුඟද දුරු වී යන අතරම අළුහම් ද සූවවෙයි.
- සවකාර ලුණූ, ගෙන්දගම් එක ප්‍රමාණයෙන් ගෙන අඹරා අළුහම් මත තවරා ටික වේලාවකට පසූව නාන්න.
මෙවැනි අත් බෙහෙත් ක්‍රම අනූගමනය කිරමෙන් අළුහම් සූවකර ගත හැකි වේ.