මොළයේ පිළිකා සුවකරන "රේඩියෝ සැත්කම"

මොළයේ පිළිකා සුවකරන

තමන් මොළයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගැනීම ඕනෑම අයකුව තැති ගන්වන සුළු දැඩි වේදනාකාරී සුළු අත්දැකීමක්‌ වී තිබේ. මොළයේ පිළිකාවකට ගොදුරුවූ පසු එය සුව කළ නොහැකි බවට බොහෝ දෙනා විශ්වාස කිරීම මෙයට හේතුවයි. එහෙත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මොළයේ පිළිකා තත්ත්වයන්ද විශේෂිත ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.  අඩු විකිරණ ප්‍රමාණයක්‌ රෝගියාගේ ශරීරගත වන අයුරින් සිදු කෙරෙන රේඩියෝ ස(ර්)ජරි සැත්කම එවැනි මොළයේ පිළිකාවන් සුව කිරීම සඳහා භාවිත කරනු ලබන නවතම සැත්කම බව සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් හා කැම්ඩෙන් යන රෝහල්වල ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රේම් පිල්ලේ මහතා පවසයි. මෙම රේඩියෝ ස(ර්)ජරි ක්‍රමය යටතේ මොළයේ පිළිකාවක්‌ සම්බන්ධ සැත්කමක්‌ සිදු කිරීමේදී වෙනත් විවෘත සැත්කම්වලදී මෙන් හිසෙහි කැපුමක්‌ සිදු නොකරන අතර ඒ නිසාම මෙම සැත්කම අධික රුධිරවහනය ආසාධනයන් හා මරණීය අවදානමක්‌ ඇතිවීම යන තත්ත්වයන්ගෙන් තොර ආරක්ෂාකාරී සැත්කමක්‌ ලෙස හැඳින්විය හැකිය. මෙම සැත්කමේදී මොළය වෙත නිකුත් කරනු ලබන අධික ශක්‌ති ධාරාවන්ගෙන් යුතු එක්‌ස්‌ කිරණ, ගැමා කිරණ හා ප්‍රෝටෝන් කිරණ හරහා මොළයේ පිළිකාව පවතින සෛල පද්ධතියෙහි අඩංගු ඩී.එන්.ඒ ජානවලට හානි පමුණුවයි. මෙම හානිය මගින් පිළිකා සෛල තවදුරටත් බෙදීම හා වර්ධනය වීම වළක්‌වාලන අතර සැත්කම සාර්ථක වුවහොත් එම්.ආර්.අයි පරීක්ෂණයක්‌ සිදු කළ විටදී මොළයේ තිබූ පිළිකා ගැටිත්ත ප්‍රමාණයෙන් කුඩා වී සම්පූර්ණයෙන්ම නැතිවී හෝ එම ප්‍රමාණයෙන්ම පැවතීම දක්‌නට ලැබෙනු ඇත.

මෙහිදී පිළිකා ගැටිත්ත කලින් පැවති ප්‍රමාණයෙන්ම පවතිනවා යනු එය තවදුරටත් වර්ධනය නොවන බවත් පිළිකා සෛල වර්ධනය නොවන බවත් පෙන්වීමයි. ඒ අනුව එම්.ආර්.අයි ස්‌කෑන් පරීක්ෂණයෙන් පෙන්නුම් කරනුයේ අක්රීරය පිළිකා ගැටිත්තකි. මොළයේ පිළිකාවෙහි තත්ත්වය නිරීක්ෂීණය කිරීම සඳහා නිරතුරුව එම්.ආර්.අයි පරීක්ෂා වන් සිදුකර ගත යුතු බව වෛද්‍ය පිල්ලේගේ මතය වී තිබේ. මෙහිදී විකිරණවලට නිරාවරණය වීමෙන් විකිරණ "නෙක්‌රොසිස්‌" නමැති තත්ත්වය හටගත හැකි අතර එයට ප්‍රතිකාර කිරීම සඳහා ස්‌ටොරොයිඩ් බෙහෙත් වර්ග යොදා ගැනේ. මෙම බෙහෙත් වෛද්‍ය නිර්දේශය මත ආහාර ගැනීමෙන් අනතුරුව ලබා ගත හැකිය. මෙහිදී උදරය ආරක්ෂා කිරීම සඳහාද බෙහෙත් වර්ග ලබා දෙයි. මෙම මොළයේ පිළිකාවන් සුව කරනු ලබන නවීනතම රේඩියෝ ස(ර්)ජරි සැත්කම සිංගප්පූරුවේ පිහිටි මයික්රෝන මල්ටි ලීෆා කොලිමේටර් රේඩියෝ ස(ර්)ජරි හා මයික්රෝප රේඩියෝ ස(ර්)ජරි යන රෝහල්වල සිදු කෙරේ. මෙම රෝහල්වල අදාළ සැත්කම සිදු කිරීමේදී මොළයේ පිළිකා ගැටිත්තට යොමු කළ යුතු අධි බලැති එක්‌ස්‌ කිරණ ධාරාවන් අති නවීනතම පරිගණක පාලන පද්ධතියක්‌ හරහා සකස්‌ කර ගනු ලැබේ. මෙම රේඩියෝ ස(ර්)ජරි සැත්කමකදී රෝගියාට අඩුවේදනාවක්‌ අත්විඳීමට සිදුවීම හේතුවෙන් එය රෝගියාට පහසුදායක සැත්කමක්‌ ලෙස ද හැඳින්විය හැකි බව විශේෂඥ වෛද්‍ය ප්‍රේම් පිල්ලේ සඳහන් කර සිටී. වෙනත් විවෘත සැත්කම්වලද ගැමා නයිෆා ක්‍රමය යටතේ සිදු නොකෙරෙන කොඳු නාරටිය ඇතුළු ශරීරයෙහි සෙසු කොටස්‌ සැත්කම සිදු කෙරෙන කාලයේදී ආරක්ෂිතතව තබා ගැනීම රේඩියෝ ස(ර්)ජරි සැත්කමකදී සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි.

ඒමන්ති මාරඹේ

උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article

පිළිතුර හරි බව දැන දැනත් එකම ගණන පස් හය වතාවක් හදල බලන ලෙඩේ ඔබේ දරුවාටත් තිබෙනවාද

යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා...

මානසික ආතතිය නිසා හිසකෙස් ගැලවේ

දිනපතාම නෑමේදී හෝ හිසකෙස් පීරීමේදී හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවීයැම රෝගී තත්ත්වයක් ද?කොතරම් කෙස් ගසට සත්කාර කළත් හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණ කොටස්...

පිළිකාවක් වීමට පෙර සුවකර ගත යුතු මූල රෝගය

වර්තමානයේදී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් හඳුන්වා දිය හැකිය. බොහෝ දෙනෙක් මෙම රෝගය සඟවාගෙන...

හිසකෙස් රෝග සඳහා ආයුර්වේද සත්කාර

සිරුරේ නිරෝගී බවනිරෝගීමත් කෙස් කලඹක් සඳහා ශාරීරික නිරෝගී බවත් බලපානව. සමහර ශාරීරික රෝග නිසා කෙස් ආශි්‍රතවද රෝග ලක්ෂණ ඇති වෙනවා. උදාහරණයක්...

සම රැලි වැටීම වලකන ඔසු ශාකය මදුරු තලා

අද අප අවට පරිසරයේ සිටින මදුරුවන් තරමටම මදුරු දඟර වර්ග තිබුණ ද දැනට කලකට පෙර මදුරු දඟර කියා දෙයක් තිබුණේ නැත....

පැලුණු විලුඹට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

කාලයෙන් කාලයට විවිධ රෝගාබාධ පැතිරයාම සුලබ ලක්ෂණයක්. මෙසේ පැතිර යන වසංගත රෝගවලට අමතරව වසරේ සමහර කාලවලට ඇතැම් අය තුළින් දැකිය හැකි...