රෝග රැසකට අනතුරු හඟවන පපුවේ වේදනාව
හදවත රිදෙන හැම මොහොතකම ඊට හේතුව හදවත් රෝගයක් කියා සිතීම හරිම සාමාන්‍යයි. එවැනි සැකයකින් යුතුව වෛද්‍යවරයකු සොයා යාමත් ඔබේ ජීවිතයට ආරක්ෂාවකි. හේතුව හෘදයාබාධයක් නොවුණද ඉන් ඔබේ ජීවිතයට රැකවරණයක් ලැබේ. එහෙත් හදවත රිදෙද්දී තමන්ට ස්ථීර වශයෙන්ම ඇත්තේ හෘදයාබාධයක් කියා අනවශ්‍ය බියක් නම් ඇති කර ගත යුතු නැත. විවිධ හේතූන් හදවත වේදනාවට පත් කරයි. ඒ වාගේම හෘදයාබාධයකට හදවතේ වේදනාව ඇති වන්නේ හදවතින්ම පමණක් නොවේ.
හදවතින්ම වේදනාව ඇති වෙනවා කියා දැන ගන්නේ කෙසේද?
හදවතේ වේදනාව ඇන්ජිනා ලෙස හඳුන්වයි. පපුවේ මැදින් ඇතිවන වේදනාව පපුවේ බර ගතියක්, රබර් පටියකින් අදිනවාක් වැනි ස්වරූපයකින් දැනීමට පුළුවන. වේදනාව බෙල්ලට, හනු (හකු) පෙදෙසට, වම් අතට පැතිරී යා හැකියි. මේ වේදනාව ව්‍යායාම කිරීමත් සමඟ වැඩි වේ. විවේක ගත් විට අඩු වේ.
හෘදයාබාධයකදී ඇතිවන වේදනාවත් ඊට සමානද?
හෘදයාබාධයකට ගොදුරු වූවන් පවසන්නේ තමන්ට මෙවන් වේදනාවක් කිසිදාක ඇති වී නැති බවයි. පපුවේ මැද දිගින් දිගටම මිරිකනවාක් මෙන් ඇතිවන වේදනාව, දරුණු නම්, වැඩි වේලාවක් පවතිනවා නම්, අසනීප ගතියක්, සීතලක් දැනෙනවා නම් දහදිය දමනවා නම්, වහාම වෛද්‍ය උපදෙස් පතන්න.
පෙනහලු ආශ්‍රිතව වේදනවාක් දැනෙන්නත් පුළුවන්ද?
නියුමෝනියාව, ෆ්ලූ වැනි පපු පෙදෙසේ ආසාදනයක් ඇති විට මෙවැනි වේදනාවක් ඇති වේ. ඒ වාගේම ඉල ඇට කූඩුවේ පිපිරීමක් ඇති විටද වේදනා දැනෙයි. එක් පැත්තකින් ඉතා තියුණු වේදනාවක් ඇති වේ. ගැඹුරින් හුස්ම ගන්නා විට වේදනාව උග්‍ර වේ.
පෙනහලුවල රුධිර කැටියක් ඇති විටද මෙබඳු ලක්ෂණ හට ගනී. එවිට හුස්ම ගැනීමට පවා නොහැකි වේ.
පපුවේ දැවිල්ලත් හදවතේ වේදනාවක් ලෙස දැනිය හැකිද?
ගැස්ට්‍රයිටීස් නැත්නම් ආමාශ දාහය ඇති විටද වේදනාව ඇතිවෙන්නේ පපුවේය. එහෙත් එය වෙන්කර හඳුනා ගැනීම අපහසු නොවේ. පපුවේ මැද පිළිස්සීමක් ලෙස වේදනාව ඇති වේ. ඉදිරි පපු ඇටය පිටුපසින් වේදනාව ඇති වේ. ඉදිරියට නැවීමේදී හෝ බිමට පහත් වීමේදී වේදනාව බරපතළ වෙයි.
දැවිල්ලකට, පිළිස්සීමකට වඩා හිරකරනවාක් වැනි වේදනාවක් දැනෙයි. වේදනාව බෙල්ල හා හකු පෙදෙසටද පැතිරෙයි. මේ නම් හදවත් රෝගයක් කියා වැඩි දෙනෙකු රැවටෙන්නේ එවිටයි. ආහාර, මත්පැන්, උණුසුම් පාන ගැනීමත් සමඟ වේදනාව සම්බන්ධයි. ඉක්මනින් ප්‍රති අම්ල ඖෂධ (Antacid) ගත් විට උදරයේ ඉහළ පෙදෙසේ ඇතිවන වේදනාව සමතයට පත් වේ.
පපු පෙදෙසේ මාංස පේශීන් ආශ්‍රිතව වේදනාවක් ඇතිවිය හැකිද?
පපු බිත්තියේ වේදනාවත් සුලබයි. ඉල ඇට කූඩුවේ අස්ථි හා සම්බන්ධක පටක ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් මෙයට හේතු වේ. මෙය දිගින් දිගටම පවතින වේදනාවකි. සිරුර ක්‍රියාත්මක වෙන විට, කිවිසින විට, වේදනාව දරුණු වේ. අනෙක් පපුවේ වේදනාවක් මෙන් නොව වේදනාව දැනෙන පෙදෙස තෙරපූ විටද වේදනාව උග්‍ර වෙයි.
හරි තැනක් කීමට නොහැකි ලෙසින්ද පපුවේ වේදනාව ඇතිවිය හැකිද?
අක්මාවෙන්, පිත්තාශයෙන්, පියයුරු වලින් වගේම බඩවැල් වලින් පවා වේදනාව ඇති වේ. සාංකාවද පපුවේ වේදනාවට හේතුවකි. මේ අනුව පපුවේ වේදනාව සංකීර්ණය හේතුව සොයා ගැනීමට වෛද්‍ය උපදසේ පැතිය යුතුමය.
අන්තර් ජාලයෙනි
උසට සරිලන බර : මුලින්ම ඔබේ උසට සරිලන ලෙස ප්‍රමාණවත් බරක් ඔබ සතුවේ දැයි නිගමනය කළ යුතුය. මෙය ඔබටම තහවුරු කර ගත...
පවුලේ වෛද්‍යවරයකු ගේ සේවය වැදගත් වන්නේ ඇයි?පවුලේ සාමාජිකයකු ගේ හෝ තමන් ගේ හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන සාර්ථකව සාකච්ඡා කිරීමට නම් ඔබ...
"බලනවා ළමයෝ ඔයාගේ ඇඟිලිවල කැත. මම කී දවසක් කියලා තියෙනවද නියපොතු කන්න එපා කියලා" හැමවෙලාවෙම, නිශාදිගේ ඇඟිලි දකින විට අම්මා එයාට...
හිස ආශ්‍රිතව හට ගන්නා රෝගාබාධ පීඩාකාරීය. වසංගත රෝගයක් තරමට කරදර දෙන හිසරදය වගේම ඉස්හොරි වාගේ ආබාධත් මහ වධයක්. සිංහල තාලයට පිළියෙල...
ලැජ්ජාව කියල කියන්නේ අපි කටත් දැනෙන පොදු හැගීමක්. අලුතින් සම්මුඛ පරීක්ෂණයකට, එසේත් නැතිනම් විශ්ව විද්‍යාලයකදී හෝ ආයතනයකදී යම් ඉදිරිපත් කිරීමක් කරන...
පුරස්ථි ග්‍රන්ථි ඉදිමුම නිසාම පිරිමි අයට ඇතිවෙන්නා වූ මුත්‍රා කිරීමේ අපහසුකම (Prostate Gland Enlarge) සිදුවන්නක් නොවේ. මුත්‍රා සමග ලේ පිට වන්නේ...