දණහිස් පොල්කටුවේ සැත්කම් නවතා ආතරයිටීස් සුව කරන හෙළ වෙද විස්කම
ආතරයිටිස් රෝගය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ හඳුන්වන්නේ "සන්ධි ප්‍රදාහය" ලෙසයි. මෙයට බොහෝ හේතු බලපානව. වයස, අධික ලෙස සන්ධි ක්‍රියාකරවීම, ආහාර රටාව, විශේෂයෙන් අධික තරබාරුව. ආතරයිටිස් වර්ග කීපයක් තිබෙනව එයින් "රුමැටොයිඩ් ආතරයිටිස්" (Rhumatoid Arthritis) රෝගය සුවකිරීම තරමක් අපහසුයි. දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍යයි. අනෙක් ආතරයිටිස් රෝග තත්වය අපගේ වෛද්‍ය ක්‍රමය මගින් ඉතා පහසුවෙන් නිට්ටාවටම සුවකල හැකියි. කාන්තාවන්ට වයස අවුරුදු 50 පමණ වූ විට සන්ධි රෝග වැඩිබවක් පේනවා. එයට ප්‍රධාන හේතුව තමයි අවුරුදු 50 පමණ විට කාන්තාවන්ගෙ මාසික ඔසප් වීම නතර වීම. එවිට ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රියාකාරිත්වය අඩුවේ. කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනය බොහොම වැදගත් ඔවුන්ගෙ ක්‍රියාශීලි බව, ප්‍රබෝධමත් බව, සමේ පැහැය, සම රැලි වැටීම වැලක්වීම, සන්ධිවල කාටිලේජ වර්ධනය වීම වැනි ප්‍රධානම කාර්යන්ට මෙය බලපානව.
සමහර අයගෙ වයස අවුරුදු 50ට කලින් වුවත් ශල්‍ය කර්ම මගින් ගර්භාෂය ඉවත් කලහොත් මේ තත්වය ඇතිවෙනව. මාසික ඔසප්වීම නතර වූ අලුත මෙන්ම, සැත්කමක් මගින් ගර්භාෂය ඉවත් කල කාන්තාවන්ට දැනෙනව එකවරම ඇඟට දාඩිය දානව, ඇඟ රත්වෙනවා, හමේ වියලි ගතියක් දැනෙනව, කේන්තියන ස්වභාවය වැඩි බවක් දැනනව, නොසන්සුන් තාව ඇතිවෙනව, මේ තත්ව ඇතිවන්නේ ඊස්ට්‍රජන් හෝමෝන අඩුවීම නිසයි. එසේම සන්ධි රෝග ඇතිවන්න පටන් ගන්න පෙර උදෑසන අවදි වන විට විලුඹේ වේදනාවක් ඇති වෙනවා. බිත්තිය අල්ල අල්ල තමයි ඇවිදින්නේ. ටිකක් දුර ගියාට පසු හරියනවා. මේ සියල්ල සන්ධි රෝග ඇතිවීමේ ආරම්භක අවස්ථාක් විය හැකිය. මේ තත්වයේ අරම්භයේ පටන් ප්‍රතිකාර කිරීමෙන් රෝගය පහසුවෙන් සුව කර ගත හැකිය. අද බොහෝ දෙන පුරුදුවෙලා තියෙන්නෙ සන්ධි අමාරුවකදී ලේසිය පහසුව බලලා ක්ෂණික වේදනා නාශක, බාම් වර්ග අලේප කිරීම හෝ වේදනා නාශක පෙති වර්ග භාවිතා කිරිමටයි.
මේ අවස්තාව වන විට කාටිලේජ බොහොමයක් ගෙවී ගොස් අවසන් එම නිසා අවසානයේ ශල්‍ය කර්මයක් මගින් සංධි බද්ධ කිරීම සිදු කරනවා. විශේෂයෙන් දනහිස් සන්ධිය ආශ්‍රිතව මේ බද්ධ කිරීම් වැඩි වශයෙන් සිදුකරනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි බොහෝ දෙනා දේශීය වෙදකම වෙත යොමු වෙන්නේ. ඒ අවස්ථාවෙදී ශල්‍ය කර්ම සඳහා නියම වූ රෝගීන් ශල්‍ය කර්මයට නොයවා අපගෙ දේශීය ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුවකිරීම සිදුකරනවා. මේ වන විටත් ශල්‍ය කර්මයක් කර ඇත්නම් ඉන් පසුව ඇතිවන සන්ධි වල ආබාධ සඳහා වුවද ප්‍රතිකාර අපසතුව ඇත. ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍යය. ආතරයිටිස් සඳහා ප්‍රතිකාර වශයෙන් අපගේ පාරම්පරික විශේෂ වට්ටෝරු තෙලක් භාවිතා කරන අතර කාටිලේජ වර්ධක සුවිශේෂී පත්තුවක් හා ගුලි වර්ග, කල්ක, චූර්ණ, මේ සඳහා යොදාගනු ලබනවා. අප විසින් පමනක් භාවිතා කරන "කිරි පත්තුව, තෙල් පැලස්තරය" රෝගී අවස්ථාව අනුව යෙදීම සිදුකරනව. මෙහිදී වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් හට හෝමෝන සමතුලිතතාවය උදෙසා විශේෂ ඖෂධ වර්ග ලබා දේ. (සන්ධි රෝග පමනක් නොව සැත්කම් මගින් ගර්භාෂය ඉවත් කල, ඊස්ට්‍රජන් හෝමෝනය අවම වූ අයට හා මාසික ඔසප් වීම නතරවූ අයට එම ඖෂධ භාවිතයෙන් නීරෝගී බව රැක ගත හැක)
බොහොමයක් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින්නේ වියපත් වූ අයයි. මේ වියපත් මා පියන් රැක බලා ගන්නා දූ දරුවන් අද පවතින කාර්ය බහුල ජීවිත සමග බොහෝ සෙයින් අසරන භාවයට පත් වෙනවා. තම දෙමපියන්ගේ රෝගී භාවයන්ට උපස්ථාන කිරීමට අපහසු වීම නිසා. බොහොමයක් දෙනා දේශීය වෙදකමට නැඹුරු නොවීමට ප්‍රධානතම හේතුව ඔවුන්ගේ කාර්ය බහුලත්වය සමග දේශීය ඖෂධ සොයා ගැනීම, සකසා ගැනීම යන කාරන දුෂ්කර වීමයි. කොතරම් විශිෂ්ට ඖෂධ, ප්‍රතිකාර ක්‍රම තිබුනද ඒවා නිවරදි ලෙස කිරීමට නොහැකි නම් ඉන් ප්‍රතිපලයක් ලබාගැනීමට නොහැකියි. මේ සඳහා අප විසින් ලබා දී ඇති විසඳුම නම්, අප විසින්ම නියමාකාර ප්‍රමිතීන්ට අනුකුලව සියලු ඖෂධ නිෂ්පාදනය කර ලබා දීමයි. තෙල් වර්ග, ගුලි, කල්ක, පත්තු, චූර්ණ ආදිය නිවසේ සිටම කර ගැනීමට පහසු ලෙස සකසා ඇත.
ලබාදෙන ඖෂධ ගෙදර ගෙනවිත් වෛද්‍යතුමා විසින් ලබාදුන් උපදෙස් වලට අනුව හා නියම කරන ලද වේලාවන්ට අනුව, නියම කල මාත්රාවන්ට භාවිතා කිරීමෙන් ඔබට සුවපත් බාවය ලබාගත් හැකිය. (නිවැරදිව තෙල් ගාන විදිය : දණහිසේ උඩ පැත්තේ තෙල් ගාන විට දණහිස නවා තෙල් ආලේප කර උඩ අතට හොදින් අත ගෑ යුතුය. යටි පැත්තේ තෙල් ගාන විට කකුල දිග හැර ස්ටූලයක් මත තබා තෙල් තවරා උඩ අතට අතගෑ යුතුය. පැය භාගයක් පමන හොඳින් තෙල් ගෑම සිදු කරන්න.) බොහෝ විට මෙවැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන අය අධි රුධිර පීඩනය, රුධිරගත සීනි, රුධිරගත මේදය යන අවස්ථාවන්ගෙන් පෙලෙන බැවින් එම අවස්ථා සඳහා ගැලපෙන ලෙස අපගෙ ඖෂධ සකසා තිබේ.
අයුර්වේද වෛද්‍ය පැරකුම් සේනානායක
ප්‍රතිකාර කරන දින : සෙනසුරාද,ඉරිදා,බදාදා දින වල උදේ 8:00 සිට සවස 6:00 දක්වා
පැමිණීමට පෙර දුරකථනයෙන් දිනයක් වෙන්කර ගන්න..
"සිරි වෙද මැදුර" බැලවාන, අවිස්සාවේල්ල.
071 839 3252
036 223 0011
076 151 0005
උපුටා ගැනීම ශ්‍රී අරණ