අධික රස්නයට පින්ඩ තෛලය ගාන්න
මේ දිනවල පවතින අධික රස්නය නිසා ශරීරයට, සමට සිදුවන හානිය වළක්වා ගැනුමට අතේ පයේ ශරීරයේ පින්ඩ තෛලය ආලේප කිරීම ඉතා සුදුසු බව දෙහිවල, නැදිමාල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි සංජීවනී සිල්වා මහත්මිය පවසයි. මෙය ආයුර්වේදයෙන් නොමිලේ ලබාදෙන බව ද ඇය කීවාය.
මෙම පින්ඩ තෛලය ශරීරයේ ආලේප කිරීම තුළින් ශරීරයේ අනවශ්‍ය ලෙස දහදිය පිටවීම වැළැකී සම ආරක්ෂා කිරීම සිදුවන බව ද ඈ කියා සිටියාය. මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේ සඳහන් කළාය. “පින්ඩ තෛලය මේ දිනවල ගාන එක තමන්ගේ ශරීරයට හොඳයි. මේ තෙල ගෑම තුළින් සමේ දහදිය අනවශ්‍ය ලෙස පිටවීම වැළැක්වෙනවා. ඒ තුළින් තමන්ගේ සම ආරක්ෂා වෙනවා. මේ පින්ඩ තෛලය සඳහා ලී ඉටි, වැල්මදට වගේ තවත් ගොඩක් දේවල් දානවා. අනිත් එක තමයි මේ අධික රස්නයත් එක්ක හිසකෙස් ගැලවී යෑම. ඒ වගේම හිසකෙස් පැළී යෑම. මේ තත්ත්වය වළක්වා ගන්න ගාන්න ඕන තෛලයක් තියෙනවා. ඒ නීල්‍යාදි තෛලය. මේක ආයුර්වේද බෙහෙත් ශාලා තුළ තියෙනවා.
උපුටා ගැනීම දිවයින
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකවාසී සමස්ත ජනයා අතරද වැඩි වශයෙන් භාවිත වන පලතුර ලෙස කෙසෙල් හැඳින්විය හැකිය. ඇති නැති සෑම...
ඩයට් කරන එක නැතිනම් ආහාර පාලනය කිරීම ශරීර සෞඛ්‍යට ඉතාමත් හිතකර දෙයක්. නමුත් නරක දේ තමයි ආහාර වේල් අතපසු කිරීම. සමහර...
වයස්ගත වීමත් සමඟ වැඩිහිටියන්ට ඇතිවන අත්පා වෙව්ලීම, ඈලිමෑලි දුබල ගතිය, මලබද්ධය, මුත්‍රා කිරීමේ අපහසුව, ශරීරයේ සමතුලිත බව බිඳී යාම ආදී ලක්ෂණ...
තම වර්ගයා බෝකිරීමට අසමත් බවක් දැක්වීම “මඳ සරු බව“ හෙවත් “නිසරු බව“ යනුවෙන් හඳුන්වනවා. මෙම තත්ත්වයට පත්වන සංඛ්‍යාව දල වශයෙන් 12%...
හෘදයට රුධිරය සපයන කුඩා නාලවල මේද තටිටූ තැන්පත් වී දෑයි දෑන ගැනීමට කොලෙස්ට්‍රෝල් පරීක්ෂා කරනූ ලැබේ. වෛද්‍යවරයා විසින් ලිපිඩ් ප්‍රොපයිල් (lipid...
1980 දශකයේ මුල් භාගයේ සිට මේ දක්වා දැනට වසර 33 ක් තිස්සේ මහා භීතියක් ලෝකය පුරා පැතිරී යනවා. ඒ භීතියට වගකිවයුත්තේ...