දියවැඩියාව හඳුනාගැනීම සහ පාලනය - වකුගඩූ රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා.
මේ වෙන කොට අපේ රටෙ වකුගඩූ රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා. ඒත් එය ඔබ නොදන්නවා විය හැකියි. ඇත්තටම වකුගඩූ රෝගවලට ප්‍ර්‍රධාන තම හේතුව දියවැඩියාව නිසිලෙස පාලනය නොකිරීම බව සොයාගෙන තිිබෙනවා. අපේ රටෙි ජනගහනයෙන් සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙනවා. දියවැඩියාවත් මෙි වෙනකොට විශාලතම ප්‍රශ්නයක් වෙලා. අද අපේ රටෙ වෙසෙන අවූරුදු 20-22 අය පවා දියවැඩියාවට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් මේ වන විට ඇතිවෙලා තිබෙනවා.
දියවැඩියාව ඇතිවෙන්නේ සිරුර මහත අයට පමණද?
දියවැඩියාව ඇතිවන්නේ සිරුර මහත අයටයි කියල තමයි අපේ සමාජය පිළිගන්නේ. ඒත් ඒක එහෙම නොවෙයි. සිරුර කෙටිටූ අයටත් ඕනෑ තරම් දියවැඩියාව හැදෙනවා. දියවැඩියාව නිසා මූළු සිරුරේම තිබෙන ඉන්ද්‍රියන් ටික ටික හානියට පත්වෙලා අවසානයේදී සම්පූර්ණයෙන්ම රෝගියෙක් බවට පත්වෙනවා. මේ වන විට ලෝකයේ මිලියන 200 ක් දියවැඩියා රෝගීන් සිටිනවා. අවූරුද්දකට මිලියන 20 ක් අලුතින් රෝගීන් බවට පත් වෙනවා.
දියවැඩියාව කියන්නේ මොකක්ද?
ඇත්තටම මේ දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාව කියන්නේ අපේ සිරුරේ තිබෙන ඉන්සියූලින් ප්‍රමාණවත් නොවීම හෝ නිසියාකාරව ක්‍රියාකාරී නොවීමෙන් සිරුරේ ඇති සීනි ප්‍රමාණය වැඩිවීම. ඒ කියන්නේ සීනි පාලනය කරන්නේ ඉන්සියූලින් කියන එන්සයිමය මගින්.
දියවැඩියාව හඳුනාගනිමූ.
දියවැඩියාව තිබෙනවාද කියල හඳුනාගන්නේ කොහොමදෑයි බලමූ. පැය 12 නිරාහාරව සිට රුධිරයේ සීනි ප්‍රමාණය මැන බැලීමේදී එය මිලිග්‍රෑම් 126 වඩා වැඩිනම් දියවැඩියාව ලෙසින් හඳුන්වනවා. දියවැඩියාව වර්ග දෙකක් තිබෙනවා. පූංචි ළමයින්ට සිරුරේ හිටි ගමන් සීනි ප්‍රමාණය වැඩිවීමෙන් ඇති වන දියවැඩියාව හා වැඩිවියට පත් වූ විට ඇති වන දියවැඩියාව තමයි ඒ. වැඩිවියට පත් වූ පසූ ඇති වන දියවැඩියාව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අවූරුදු 35 - 40 අතර වයසේදීයි.
දියවැඩියාව හැදෙන්නේ ආරයට පමණක් නොවෙයි දියවැඩියාව ආරයට යන රෝගී තත්ත්වයක්. පවූලේ ඥාතීන්ට දියවැඩියාව තිබේ නම් එම පවූල්වල අයට දියවැඩියාව ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙනවා. හැබැයි අද තත්ත්වය දෙස බලන විට ආරයට යාම සඳහාම මූල් තැන දෙන්නට බැහැ.
එසේනම් ඇයි මේ ආකාරයට දියවැඩියාව රෝගයට ගොදුරුවීමේ අවදානමක් තිබෙන්නේ යැයි අපටම පැනයක් මතු වෙනවා නේද?
පරිසර සාධක දියවැඩියාවට අප යොමූ කරනවා. කෘමි නාශක යෙදූ ආහාර පාන ඇතැම් ඖෂධ වගේම පරිසර දූෂණය මේ සඳහා බලපාන බවයි පරීක්ෂණ මගින් ඔප්පූ වී තිබෙන්නේ.
ආහාර පාලනයෙන් දියවැඩියාව පාලනය :
වැඩිවියට පත්වීමත් සමග ඇතිවන දියවැඩියාවට ඉන්සියූලින් ගැනීම අවශ්‍යම නැහැ. ආහාර පාලනය, බර අඩූ කර ගැනීම හොඳ ව්‍යායාම මගින් රෝගය පාලනය කරගත හැකියි. අතීතයේ අපේ මූතුන් මිත්තන් තල මිනේරි කුරහන් කොස්, දෙල් ආහාරයට ගත්තත් අද එහෙම නැහැ. ක්ෂණික ආහාරයට පූරුදු වෙලා. ව්‍යායාමයකුත් නැහැ.
මූළුතැන්ගෙයි වැඩ කිරීම ව්‍යායාමයක් නොවෙයි :
හැබැයි අපේ බොහෝ ගෘහනියන් නම් කියන්නේ අපි කුස්සියෙ වැඩට හරියට මහන්සි වෙනවා. වෙන ව්‍යායාම මොකටද කියල. ඇත්තෙන්ම එය ව්‍යායාමයක් නොවෙයි. ඇඟ මහන්සි වීමක් පමණයි සිදුවන්නේ. ඇත්තටම කියනවා නම් එය සිරුරට වෙහෙසක්. ව්‍යායාමයක් යනූ මාංශ පේශි වලට හොඳින් දෑනෙන ලෙස කරන ක්‍රියාවක්. ඇවිදීම ඒ අතුරින් ප්‍රධානව දැක්විය හැකියි.
දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ කිහිපයක්.
හිටි හැටියේ නින්දෙන් නැගිට නැගිට මූත්‍රා කිරීමට අවශ්‍යතාවයක් දෑනූණි නම් එය දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණයක්. ඒ වගේම තද පිපාසයක් දෑනීම මහන්සිය පෙනීම අඩූවීම තමයි මූල් අවස්ථාවේදී දෑනෙන අනිකුත් රෝග ලක්ෂණ වන්නේ.
දියවැඩියා රෝගී තත්ත්වය නොසලකා ඉන්න එපා.
රුධිරයේ සීනි එක්වරම වැඩිවිය හැකි අවස්ථා තිබෙනවා. එවිට මරණය පවා ඇතිවෙන්නට පූළුවන්. ඒ වගේම රුධිරයේ සීනි එක පාරටම අඩූවෙන්නටත් පූළුවන්. ඒකත් භයානක තත්ත්වයක්. එවිට සම්පූර්ණයෙන්ම දැස් නොපෙනී යාම, හෘදයාබාධ ඇතිවීම වගේම අංශභාග තත්ත්වයක් ඇතිවිය හැකියි. දියවැඩියා රෝගියෙකුගේ වගකීම වෛද්‍යවරයාටම බාරගන්න බැහැ. ඒ සඳහා රෝගියා වගේම පවූලේ නෑදෑහිත මිතුරන්ගේ සහයෝගයත් අත්‍යවශ්‍යයි.
දියවැඩියා රෝගීන් වැඩිපූරම පිරිසිදුව තබාගත යූත්තේ :
විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට පාදවල තුවාල ඇතිවීම සූදුසූ නැහැ. දියවැඩියා රෝගීන් මූහූණටත් වඩා හොඳින් දෙපා පිරිසිදුව තබා ගත යූතුයි. මොකද පාදවල ඇතිවන කුඩා තුවාල නිසා පාද අහිමිවන්නටත් පූළුවන්. දියවැඩියාව නිසා ඇතිවන සංකුලතා ලෙසින් හෘද රෝග, වකුගඩූ රෝග, ඇස් රෝග වගේම ස්නායූ ආබාධ සඳහා වඩාත් හොඳින් කල්පනාකාරීව සිටිය යූතුයි.
දියවැඩියාව සහ ලිංගික ආබාධ :
මේ නිසා ඇතිවන ලිංගික ආබාධ ඖෂධ මගින් යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අවස්ථාත් තිබෙනවා. එවැනි දේ පිළිබඳව හොඳ අවබෝධයෙන් සිටීම වැදගත්. අද පවතින සමාජ තත්ත්වය අනූව වයස අවූරුදු තිහේ ඉදලා රෝගය සඳහා සූදානම් වීමේ වරදක් නැහැ. විශේෂයෙන්ම වයස අවූරුදු 50 වන විට නම් හොඳටම කල්පනාකාරී විය යූතුයි. කෙඳි සහිත ආහාරවලට පූරුදු වීම හොඳ ව්‍යායාම තුළින් දියැවැඩියායව ඇතිවීම බොහෝ දුරට පාලනය කරගත හැකි වන බවත් අමතක කරන්නට එපා.
වකුගඩූ රෝග විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන