ඩයට් කිරිම තරබාරුවට පිළියමක් නොවේ

ඩයට් කිරිම තරබාරුවට පිළියමක් නොවේ

නිරෝගීව මෙලොවට බිහිවන අයකු වැරැදි ආහාර පුරුදු නිසා රෝගි වන බව ඔබ මොහොතකටවත් හිතුවාද?ඉපැරැණි ආයුර්වේද ග‍්‍රන්ථවල පවා අන්තර්ගත නොවූ අලුත් රෝග ගැන අද අසන්නට ලැබේ.මුතුන් මිත්තන් අත් නොවිඳි රෝගී තත්ත්වයන්ට අද අප ගොදුරු වීමට හේතුව කුමක්ද? ඔවුන් එදා එතරම් නිරෝගීව සිටීමට හේතු වූයේ කුමන හේතු ද යන්න විමසා බැලිය යුතු ය. රබාරුව ඇතිවීමට අධික ලෙස පෝෂණයෙන් හා තෛල පදාර්ථයන් ගෙන් යුතු ආහාර ගෙන කය නොවෙහෙසා සිටීම, මස් මාංශ බහුල ආහාර ගැනීම ප‍්‍රධාන ආහාරවේල තුනට අමතරව ‘පොඩි බඩගිනි’ සඳහා වරින් වර ආහාර ගැනීම හේතු කාරක වේ.නාගරිකයන් අතර දක්නට ලැබුණු තරබාරුව දැන් ගමට ද බෝ වී තිබේ. තරබාරුවට ස්තී‍්‍ර පුරුෂ වයස් බේදයක් නැත. තරබාරුව ස්ථානීය වශයෙන් වැළඳිම මෙන් ම සර්වාංගයට ම වැළඳීම සිදුවේ.අවශ්‍ය පමණට වඩා ආහාර ගැනීමට සහ අධික පෝෂණ යෙන් යුතු ආහාර ගෙන ඒ ගන්නා ලද ආහාර ප‍්‍රමාණයට සරිලන සේ ඇග පත නොවෙහෙසීමට ලැඛෙන අපූරු දඬුවම තරබාරුවයි.ස්ති‍්‍ර පක්ෂය ගේ දොර කටයුතු යන්ත‍්‍රවලට මෙන් ම සේවකයනට පවරා විවේකිව සිටීමට ලැඛෙන්නා වූ දඬුවමත් මෙයයි.අලසව සිටීමෙන් ඇති වන තරබාරුකම අඩුකර ගැනීමට ‘ඩයට්’ කිරීමට යාමෙන් වෙනත් රෝගවලට මුහුණ දීමට ද සිදු විය හැකි ය.කුසගින්නේ තරමට සමබර ආහාර වේලක් ගෙන ගේ දොර වත්ත පිටියේ වැඩ ඔබ ම කරගන්නට පෙළඹෙන්නේ නම් තරබාරුවෙන් මෙන් ම ව්‍යායාම සඳහා මුදල් වැය වීම ද වළකා කාලය ඉතිරි කොටගත හැකි වෙයි.එදා අපි වෙහෙස විය යුතු අවස්ථාවේ වෙහෙසීමට ද විවේකය ලැබිය යුතු මොහොතේ විවේකීව සිටීමට ද හුරු වී සිටියෙමු.

නිතර නිතර ආහාර ගැනීම නිසා පරි වචන ව්‍යුහයේ කි‍්‍රයාකාරිත්වයේ විකෘති ඇතිවේ.ඉන් අන්තඞ ශ‍්‍රාවීය පද්ධතියේ විකෘතිය මෙන් ම මුත‍්‍ර වාහිනී පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය නිසි පරිදි සිදු නොවීම නිසා රක්ත පාරිශුද්ධිය ඇන සිටී. මේ නිසා ඇඟ පුරවා දමයි.තරුණ වියෙහි අධික ලෙස වෙහෙසීම සහ නිති පතා ව්‍යායාම කර පසුව ව්‍යායාම අත හැර දැමීම නිසා ශරීරයේ ආහාර පැසවීමේ කි‍්‍රයාකාරිත්වයෙහි වෙනස් කම් ඇති වේ. ඉන් ස්නායු දුබලකම හෘද කි‍්‍රයාකාරිත්වයේ දුර්වලවීම අඩු රුධිර පීඩනය ඇතිවිය හැකි ය.ශරීරයේ අනෙක් ස්ථානයන්ට වඩා උදර ප‍්‍රදේශයේ මේදය තැන්පතී වී ඇති බැවින් තරබාරු අයට බොහෝ උදර රෝග වැළදීමේ ඉඩකඩ වැඩි ය.චරක ආචාර්ය මතයට අනුව ආහාර ගැනීමේ දී තම දේශයට ගැළපෙන හා සුදුසු ආහාර ගැනීමේදී තම දේශයට ගැළපෙන හා සුදුසු ආහාර ගැනීමට ද, විලම්භීත බවින් තොර ආහාර ගැනීමට ද කතා කිරීමෙන් නැතිව තමා පිළිබඳ හොඳින් සලකා ආහාර ගැනීමට ද කළ යුතු බව දක්වා තිබේ.එවිට ගන්නා ලද ආහාරයේ කිසි විටෙකත් වරදක් නොවේ. ශරීරයේ කි‍්‍රයාකාරිත්වයට ආහාර ප‍්‍රධාන නිසා නිසි ආහාර පරිභෝජනයෙන් නිරෝග බව ඇතිවේ.අධික තරබාරුවෙන් වැළැකී සිටීමට අනුගමනය කළ යුතු කි‍්‍රයා මාර්ග කිහිපයක් වෙයි. පළමුවැන්න අධික පෝෂණයෙන් හා අධික තෛල පදාර්ථයන් ගෙන් යුත් ආහාර සීමා කිරීමයි.මෙහිදී ආහාර සීමා කිරීම ලෙස දක්වන්නේ වර්තමාන ‘ඩයට්’ කිරීම නොවේ.දෙවැන්න ව්‍යායාමයයි. පෝෂදායි ආහාර හැකි පමණ ගෙන දවස පුරා විවේකීව සිට සවසට දිවීම ඇවිදිම හෝ ඇදිරි වැටී ගෙන එනවිට සංගීත රිද්මයට අනුව වායු සමනය කරන ලද කුටිවලට වී ශාරීරික අභ්‍යාස කිරීම නොවේ. තම ගේ දොර වතු පිටිවල ඇති වැඩ (ඇඳුම් සේදීම, මැදීම වතු පිටිවල ඇති වැඩ) ඇඳුම් සේදීම, මැදීම, කාම පිසීම, ගේ දොර අතුගෑම සිරුරට අවශ්‍ය ව්‍යායාම ය ලැබේ. සීනි අධික ආහාර භාවිතයෙන් වැළකී සීනි වෙනුවට මී පැණි භාවිතය ද තේ කේපි වෙනුවට රණවරා, පොල්පලා, ඛෙලි මල් තැම්බූ වතුර පානය ද උචිත වේ.

Share This Article

මුත්‍රා පිටකළ පසු පෙණ ගතියෙන් යුක්තද? වකුගඩු රෝගයක පෙර නිමිත්තක්.

අපි වතුර බොන්නේ කැම කන්නේ පිළිවෙළකට නම් ලෙඩ රෝග බොහොමයක් අඩුයි. සීනි වැඩිපුර කෑවොත් සීනි වැඩිවෙලා දිවැඩියාව හැදෙනවා. තෙල් වැඩිපුර කෑවොත්...

සිරුර වියපත් වන්නට නොදී තිරිහන්ව රැක ගන්නා අන්දම

වසරක් ගෙවීමේදී ජීවත්වීමට තිබූ කාලය තවත් වසරකින් අඩු වූ බව පවසමින් ඇතැමෙක් සුසුම් හෙලනු දැකිය හැකිය. අප සමස්තයක් වශයෙන් වයස්ගත වීම...

මානසික ආතතිය වැඩිවීමෙන් රෝග රැසක් ඇතිවිය හැකියි...

මානසික ආතතිය එහෙමත් නැත්නම් ස්ටෙ‍්‍රස් අපි කාට වුණත් ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ ඇති වෙලා තියෙන්නත් ඇතිවෙන්නත් පුළුවන්. මේ තත්ත්වයට විවිධ හේතු...

බූලත්විට කටෙි තබාගෙන නින්දට යාම භයානක

මූඛ පිළිකා සෑදීමේ ප්‍රවනතාවය සලකා බලන විට ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටින රටකි. මූඛ පිළිකා සෑදිමට ප්‍රධානව බලපාන සාධකයකි බූලත් විට කෑම,...

සිරැරේ විකෘති ඇතැයි සිතීමේ භීතිකාව

තමන්ගේ සිරුරේ ව්‍යුහය හෝ ක්‍රියාකාරීත්වයේ යම් අසාමාන්‍යතාවක් විකෘතිභාවයක් ඇතැයි සිතීම මේ රෝගයේ ලක්ෂණයයි. ඒ නිසා රෝගියා නිතර ඒ පිළිබඳ කල්පනා කරයි....

දිවි මකුළු විස බස්සන මුඩ මහණ

අද මෙන් හිස මුඩු කළ පිරිස් අතීත ගිහි සමාජයේ නොසිටියහ. හිස මුඩු කළෝ නම්, ගිහි ගෙයින් නික්ම ගිය ශ්‍රමණ - පරිව්‍රාජික...