විඩාව නැතිකර ගත හැක්කේ කෙලෙසද?

විඩාව රන් හා සමාන ඔබේ කාලය උදුරා ගන්නා රකුසකු බඳුයි. මේ සතුරා පරාජය කිරීමට ඔබ මොනතරම් ක්‍රම සොයා වෙහෙසෙනවාද? ඔබ සොයා ගන්නා විසඳුම් නිවැරැදිද? සැබෑවටම විඩාව නැතිකර ගත හැක්කේ කෙසේද?
වෙහෙසක් දැනුණු විට ඔබ කළ යුත්තේ කුමක්ද?
කෙටි නින්දවල් කිහිපයක් ලබා ගැනීම, මිනිත්තු 30ක් පමණ ඇවිදීම, කෝපි පානය කිරීම මෙවන් විසඳුම් ගණනාවක් ඔබට ඇති එහෙත් වෙහෙස දුරු කිරීමට යොදාගත හැකි හොඳම විසඳුම මිනිත්තු 30ක් පමණ ඇවිදීමයි. ඇවිදීමෙන් වෙහෙස දුරු වේ. කෝපි ක්ෂණික ශක්තිය දෙන පානයකි. එහෙත් එය නුණනැති විසඳුමක් නොවේ. කෝපිවල අඩංගු කැෆෙන් නින්දට බාධාවකි. දිවා කාලයේ විඩාව ද එමගින් වැඩි වේ. කෙටි නින්දවල් කිහිපයක් ගැනීම ද රාත්‍රී නින්දට බාධාවකි. දිවා කාලයේ වෙහෙසට එයත් හේතුවකි.
වෙහෙස නොදැනීමට සුව නින්දක් අවශ්‍ය නිසා ඔබ පැය හයක් නිදාගෙන අවදි වුණොත් පැය අට සම්පූර්ණ වන තුරු ඇදේ සිටිය යුතුද?
කොහෙත්ම නැත. පැය හයක සුව නින්දක් ලැබුවා නම් ඇදේ ඒ මේ අතට පෙරැළෙමින් සිටීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔබට තව දුරටත් නිදිමත නම් මඳ ආලෝකයේ පොතක් කියවන්න. එවිට නිදිමත පැමිණෙයි. එහෙත් නින්ද අනවශ්‍ය ලෙස මෙසේ දිගුකර ගැනීමෙන් නිදාගන්න කාලය වැඩි වේ.
වෙහෙස නිසා රාජකාරියට බාධා සිදුවෙනවා නම් ඔබ කළ යුත්තේ නිවෙසට වී සිටීමද?
එසේ කළ යුතු නොවේ. කළයුත්තේ යළි රාජකාරී කටයුතුවල යෙදීමට උත්සාහ කිරීමයි.
වෙහෙස දැනුණත්, ශක්තියක් ගතට නැතත් සමහරුන්ට නින්ද යන්නේ නැහැනේද?
රාත්‍රී සුව නින්දක් නැත්නම් හේතුව, ඔබ එක් වේලාවකට නිදා ගැනීමට හුරු නොවීමයි. නින්දට නියමිත වේලාවක් තිබිය යුතුයි. පරිසරය සුවපහසු සහ අඳුරු විය යුතුයි. නින්දට පැය හතරකට පෙර ව්‍යායාම නොකළ යුතුයි. නිදන ඇඳ යොදාගත යුත්තේ නිදා ගැනීමට සහ ආදර සබඳතාවලට පමණි.
වෙහෙසට හේතු සැමවිටම නින්ද නොයාම නොවෙයි නේද?
විෂාදය, රක්තහීනාතාව, රුමැටොයිඩ් ආතරයිටීස්, අක්මා රෝග තයිරොයිඩ් ගැටලු ආදී බොහෝ රෝග තත්ත්ව මේ කෙරෙහි බලපායි. ඒ නිසා වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ය.
විඩාබර බව වැඩ නැවැත්වීමට හේතුවක්ද?
සියලු දේ කිරීමට ශක්තියක් නැති තරම් වෙහෙස ඇති විට කළ යුත්තේ වඩා වැදගත් දේ මුලින් කිරීමයි. නිවසේදී පමණක් වෙහෙස දැනෙනවා නම් ඊට හේතුව නිවෙසේ අපිළිවෙල සංකීර්ණභාවය විය හැකියි. හැකි තරම් නිවෙස වාගේම ජීවිතයක් සරල කර ගන්න. පිළිවෙලට අස්කර තබන්න.
සීනි වෙහෙස දුරු කරනවාද?
බොහෝදෙනෙකු සිතන්නේ එලෙසයි. එහෙත් සීනි ක්ෂණික ප්‍රබෝධයක් ලබා දුන්නද යළි ඔබ වඩාත් වෙහෙසට පත් කරයි. කැෆෙන්, මත්පැන්, ක්ෂණික ආහාර වෙහෙසට වගකිව යුතුයි.
පවරන සෑම දෙයටම ‘ඔව්’ කියනවාද?
පැවරෙන සෑම රාජකාරියක්ම භාර ගැනීමද වෙහෙසට මගකි. ඉටු කළ හැකි දේ පමණක් භාරගන්න.
වෙහෙසට මුළුතැන්ගෙය වගකිව යුතුද?
කුළුබඩු ඔබේ වෙහෙසට මග පාදයි. නින්දට ආසන්නව කුළුබඩු අධික ආහාර ගත්විට නින්දට බාධා වේ. ඒ ආහාර ජීර්ණය හොඳින් සිදු නොවන නිසා හා ආමාශ දාහය ඇතිවෙන නිසයි. තන්තු පිරි එළවළු, පලතුරු හැකි තරම් කෑමට ගන්න. එයින් ඉහළ ශක්ති මට්ටමක් ද පවත්වා ගත හැකියි. වතුර හොඳින් පානය කරන්න. විජලනය ඇති වූ විට ද වෙහෙස දැනෙයි.
වැඩ අධික විට වෙහෙස අඩු කළ හැක්කේ කෙසේද?
පමණට වඩා වෙහෙස වී එක් කාර්යයක නිරත නොවන්න. කාර්යයන් අතරේ මඳ විරාමයක් ගන්න.
අධික වෙහෙස අමතක වීමට මුලක්ද?
ඔව්. පමණට වඩා වෙහෙසුණු විට අමතක වීම සාමාන්‍යයයි. ඒ නිසා දවසේ කළ යුතු දේ ලැයිස්තුගත කරන්න.
ඇතැම් ඖෂධ නිසා වෙහෙසක් දැනෙනවාද?
වෙහෙසක්, නිදිබර ගතියක් ඇතැම් ඖෂධ නිසා දැනෙන්නට ඉඩ තිබේ. එවිට වෛද්‍යවරයා සමඟ කතාකර එවැනි අතුරු ආබාධ නැති ඖෂධ ලබාගත යුතුයි.
ආහාර වේලට යම් බලපෑමක් කළ හැකිද?
ඔමේගා - 3 මේද අම්ලය අඩංගු මාළු, ඇට, තද කොළ පැහැ පලා, විටමින් බී, අධික කිරි, බිත්තර, සිරුර ශක්තියෙන් ප්‍රබෝධමත් කරයි. උදෑසන ආහාර වේල ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට්වලින් පොහොසත් වීම (ධාන්‍ය, බිත්තර වැනි) ඉතා වැදගත්ය. සෝඩා, කෝපි වැනි පාන හැකි තරම් අඩුවෙන් බීමට ගන්න.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත
බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග...
කුරුලෑවලින් පීඩාවට පත් නොවූ කෙනෙකු අද සමාජයේ සොයා ගන්නට බැහැ. ඒ කියන්නේ හැම කෙනෙකුම පාහේ කුරුලෑවලින් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ...
සූදුරු සහ සතකුප්ප ස්වරූපයෙන් බොහෝ දුරට එක හා සමානය. නමුත් සතකුප්ප දිගින් අඩුය. මහතින් වැඩිය. තිත්ත රසයෙන් යුක්තය. සතකුප්ප යනු ආයුර්වේදයේ...
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ශල්‍ය වෛද්‍යවරු පිරිසක් විසින් පසුගිය දිනකදී ප්‍රථමවරට සති විසිපහක් වයසැති කළලයකට සාර්ථක ලෙස හෘද සැත්කමක් සිදු කොට...
ඇපෙන්ඩිසයිටිස් රෝගය පිළිබඳව සාමාන්‍ය වහරේදී උණ්ඩුකපුච්ඡයේ ගල්කැට හිරවීමක් ලෙස අර්ථ දැක්වුවද එය වැරැදි මතයකි. එසේනම් ඇපෙන්ඩිසයිටිස් යනු කවර රෝගී තත්ත්වයක් ද,...
හිසරදය සාමාන්‍යයෙන් වැඩිදෙනෙකු සැලකිල්ලට නොගන්නා රෝග ලක්ෂණයකි. නමුත් හිසරදය සුළු වුවත්, දැඩි වුවත් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ කිසියම් අවස්ථාවක ඒ...