පිළිස්සූණූ විගස සිසිල් වතුරින් තෙත් කරන්න

පිළිස්සූණූ විගස සිසිල් වතුරින් තෙත් කරන්නබොහෝ පිළිස්සූම් අනතුරු සිදුවන්නේ නිවෙස තුළයි. පිළිස්සූම් අනතුරු එතරම් බහූල නොවූවත් එයින් සිදුවන තුවාල බරපතලය. පිළිස්සීම් නිසා තද වේදනාවක් ඇති වේ. එම වේදනාව මාස ගණනක් පවතී. විරූපීවීම ජීවිතාන්තය දක්වාම තිබීමට පූළුවන. ඊටත් වඩා මරණය සිදුවීමට ඉඩ තිබේ. දරුවන්ට පිළිස්සීම් සිදුවන ආකාර කිහිපයක් තිබේ. කෙළින්ම ගින්නට හසූවන දරුවන් සිටී. තවද තදින් රත්වූ ද්‍රව්‍යයක් හෝ රත් වූ දෙයක් ගැටීම නිසා පිළිස්සීම් සිදුවන අවස්ථා තිබේ. වාෂ්පවලට හසූවී පිළිස්සූම් කරගන්නා දරුවන්ද නැතිවා නොවේ. රසායන ද්‍රව්‍ය වැදීම නිසා මෙන්ම රතිඤ්ඤා වැනි දෙයට හසූ වී පිළිස්සීම් සිදුවිය හැක.

නිවසේදී නොසැළකිලිමත්කම නිසාවෙන් සිදුවන අනතුරු බලමූ.

  • තේ සෑදීම සඳහා උතුරන වතුර කේතලය මේසය අයිනෙන් තැබීමේදී දරුවන් එය ඇදීමෙන් උතුරන වතුර ඇඟට හලාගෙන පිළිස්සීමට ලක්වෙයි. උතුරන තේ කොළ දෑමූ තේ බඳුන් වලින් පූළුස්සා ගන්නා ළමයින්ද සිටී. තවත් බොහෝ විට නොසිතන පැත්තකි මේ.
  • රත්වූ මෝටර් සයිකල් සයිලන්සරයට අතපය පූළුස්සාගන්නා දරුවන් සිටී. මෙවැනි කරුණූ පිළිබඳව සැළකිලිමත් වීමෙන් බොහෝ අනතුරු මඟහරවා ගත හැකි බව පෙනේ.
  • කුඩා දරුවන් සිටින නිවෙස්වල උතුරන රත් වූ දේවල් අතට හසූ නොවන්නට තැබීම, එල්ලෙන මේස රෙදි වැනි දේවල් නොදෑමීම වැනි පූංචි දෙයින් බොහෝ අනතුරු වළක්වා ගත හැක.
  • රත් වූ ඉස්ත්‍රික්ක වැනි දේ දරුවන්ට අත ගැටෙන්නට තබන්න එපා. විහිළුවටවත් දරුවන් සමග ගින්දර සෙල්ලම් කරන්න එපා. එය භයානක බව දරුවාට වටහා දෙන්න.
  • කුප්පිලාම්පූ භාවිත කරන්නේ නම් එය ඉතාම ආරක්ෂාකාරීව භාවිත කිරීමට අමතක කරන්න එපා.

යම් පිළිස්සූමක් වී නම් ඒ සඳහා ප්‍රථමාධාර බලමූ.

  • පිළිස්සීමට ලක්වූ ස්ථානය විනාඩි 15 - 20 පමණ වේලාවක් සීතල වතුරින් තෙමන්න.
  • ඇඳුමකට ගිනි ඇවිලි නම් දුවන්නේ නැතිව බිම දිගේ පෙරලීමට සලස්වන්න. ගෝනියක් හෝ බ්ලැන්කටිටූවක් වැනි දෙයකින් ගිනිගත් තැනැත්තා ඔතන්න.
  • ගින්න නිවාගත් වහාම සිසිල් වතුර දමමින් රෝගියා තෙමන්න. මේ සඳහා වතුර සොයමින් නොසිට හැකි ඉක්මනින්ම රෝගියා සිසිල් කරන්න. එයට හේතුව ගින්න නිසා පිටවන රස්නය ඇතුලත පටකවලට උරාගෙන ඒවාට හානි විය හැකි නිසයි.
  • පිළිස්සූන කොටස්වල කිසියම් හෝ ආලේපයක් ගල්වන්නට එපා. ඇඳුම්වල කෑලි සිරුරට ඇලී ඇත්නම් ඒවා ඉවත් කිරීමට කලබල වෙන්නත් එපා.
  • පිරිසිදු රෙද්දකින් රෝගියා පොරවා ගෙන රෝහලකට රැගෙන යන්න.

Share This Article

කිලෝ 15කින් මම බර අඩුකරගත් ආකාරය - 01

අද මම කියන්නේ මම කොහොමද කිලෝ 15කින් මගේ බර මාස 3ක් වගේ කෙටි කාලෙකින් අඩු කරගත්තේ කියලයි. පත්තරවල, යූටියුබ් එකේ තියන...

වයසට යනකොට කාපු බීපු බවත් අමතක වෙනවා නම්

වැඩිහිටි වියේ දී ඇතිවන රෝග අතරින් ඩිමෙන්ෂියාව හෙවත් ඇල්ෂයිමර්ස් ඩීසීස් දැන් බහුල රෝගයක් බවට පත් වෙලා. මෙම රෝගවලින් සිදුවන්නේ මොළයේ...

නිවැරැදි උපත් පාලන ක්‍රමය තෝරාගන්නේ කොහොමද?

උපත් පාලන ක්‍රම අවශ්‍ය වෙන්නේ ඇයි?උපත් පාලන ක්‍රම භාවිත කරන්නේ ස්වාභාවිකව දරු උපතක් පිළිසිඳ ගැනීම වළක්වා ගැනීමටය.උපත් පාලන ක්‍රම භාවිත කළ...

කල් තබාගන්නා ආහාර ගත් පසු කම්මැලිකම වැඩිවේ

බේකන්, සොසේජස්‌ වැනි සකස්‌ කළ මස්‌ වර්ග හා පැණි බීම සඳහා එකතු කරනු ලබන පොස්‌පේට්‌ නමැති රස කාරකය හේතුවෙන් ඒවා පරිභෝජනය...

අයිස්ක්‍රීම් අයිස් පැකට්වලින් පවා උණ සන්නිපාතය (ටයිෆොයිඩ්) හැදෙන්න පුළුවන්

“මම නම් දන්සල් පහක් වැන්දා. ඔයා?”“හතයි”“අයියෝ හතද, මම නම් දහයකටම ගියා”ඔබත් මෙවැනි කතා බහ ඕනෑ තරම් අසන්නට ද ඇති. බැති සිතින්...

හෙපටයිටිස් බී වෛරසය එච්.අයි.වී. වෛරසය මෙන් ඉක්මනින් විනාශ වන්නේ නෑ

අපිරිසුදු ආහාර ගැනීම දූෂිත වූ ජලය පානය, එදිනෙදා ජීවන චර්යා පිළිවෙළකට නොතිබීම, විශ්වාසදායි නොවූ ලිංගික හැසිරීම් නිසා සෙංගමාල (හෙපටයිටිස්) මේ වනවිට...