බෙල්ලේ වේදනාව නොසළකා ඉන්න එපා
බෙල්ලේ වේදනාවක් ඇති වූණාම හූඟක් දෙනා ඒ ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ. නිදි උළුක්කුවක් එහෙම නැත්නම් වාත කැක්කුමක් කියලා හිත හදා ගන්නවා.බෙල්ල දිගේ පැමිණෙන මේ වේදනාව අත දිගේ ඇඟිලි දක්වා විහිදෙනවා නම් ඒ ගැන ටිකක් සැළකිල්ලෙන් ඉන්න වෙනවා. විටෙක මේ තත්ත්වය වේදනාවක්ම නොවෙන්න පූළුවන්. හිරිවැටීමක් පූපූරු ගැසීමක් වැනි තත්ත්වයක් වූණත් සැළකිල්ලෙන් ඉන්න ඕන බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා. බෙල්ලෙ වේදනාවට බලපාන ඔබ නොදත් හේතු බොහොම තිබෙනවා. කොඳු ඇට පෙළ ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්වයක්. හේතු කර ගෙන බෙල්ලෙ වේදනාව ඇති වෙන්න පූළුවන්.
අපි එදිනෙදා වැඩ කටයූතුවල යෙදීමේදී අනූගමනය කරන වැරදි ඉරියව් හින්දා බෙල්ලෙ වේදනාව ඇති වෙනවා. නිදා ගැනීමේදී වගේම හිඳ ගැනීමේදී ඇති වෙන වැරදි පූරුදු නිසා බෙල්ල ආශ්‍රිත වේදනාවන් වැළඳීමට තිබෙව ඉඩ ප්‍රස්ථාව බොහොමයි. ක්‍රීඩාවන් කිරීමේදී මෙන්ම අනතුරු සිදු වීමෙන් මාංශ පේශිවලට සිද්ධ වූණ හානිවීම් බොහෝ විට බෙල්ලෙ වේදනාවන්ට බලපාන්නට ඉඩ තිබෙනවා. බෙල්ල ආශ්‍රිත ඇතිවන ආතරයිටිස් රෝග තත්ත්වයන් වගේම ක්ෂය රෝගය, පිළිකා වර්ගයේ ගෙඩි වැනි තත්ත්වයන් නිසාත් බෙල්ලෙ වේදනාව දැනෙන වග අමතක කරන්න එපා.
බෙල්ල ආශ්‍රිත වේදනාවන් මග හරවා ගැනීමට ප්‍රතිකාර තත්ත්වයක් තිබෙනවා. ප්‍රතිකාර කිරීමට පෙරාතුව බෙල්ල වේදනා දෙන්නේ ඇයිද වග තේරුම් ගන්න ඕන. රෝග පසූබිම තේරුම් ගැනීමේ කාර්ය වෛද්‍යවරුන්ට බාරයි. නිවැරදි ඉරියව්වල බෙල්ල තබා ගැනීම සඳහා කොළරයක් පැළඳීම අද ඉතාම සූලබව සිදු වෙනවා. බෙල්ල සහ උරහිස ආශ්‍රිත ව්‍යායාම මගින්නද බෙල්ල වේදනාවට ප්‍රතිකාර ලැබෙනවා. නමූත් මේ ව්‍යායාම ඔබේ හිතු මනාපයට කරන්න බැහැ. කළ යූතු ව්‍යායාමය කුමක්ද වග තීරණය කරන්නේ වෛද්‍යවරයෙකු විිනූයි. විශේෂ තාක්ෂණක්‍රම මගින් වේදනාව අඩූකිරීම සහ මාංශ පේශීන්ගේ තද ගතිය ලිහිල් කිරීම, පේශීන් සහ සන්ධි ඇදීම එක් ක්‍රමයක්. බෙල්ල දෙසට සැප පහසූව ඇති සැහැල්ලු කොටිටයක් පාවච්චි කිරීම තවත් ක්‍රමයක්.
රෝගියකුට රෝගය වැළඳෙන අවස්ථාවේ දී ඔහූ සිටින පරිසරය අනූව ඇති විය හැකි අනතුරුවල තත්ත්වය භයානකයි. මීමැස්මොරය හෙවත් අපස්මාරය කියන්නේ එවැනි රෝගයක්....
කාන්තාවන් බොහෝදෙනකුට තියෙන මේ ප්‍රශ්නයට අද අප විසඳුම් කියලා දෙනවා දහදිය දැමීම ඇඟපත කැසීම මේ දිනවල කවුරුත් වගේ නඟන මැසිවිල්ලක්. මෙම...
දිනපතා සේවය නිම වී යද්දී අඩුම තරමේ රුපියල් විසි තිස් දාහක්වත් සාක්කුවේ දමාගෙන යන චැනල් වෛද්‍යවරු ඇතැම් විටෙක සතියකට දින හතර...
මානසික පීඩනයකට ගොදුරු නොවූවකු සොයා ගැනීමට නොහැකි තරමටම මානසික පීඩන තත්ත්වයන් වර්තමානයේ වර්ධනය වෙමින් පවතී. කුඩා ළමුන් පවා අධ්‍යාපනික කටයුතු හා...
අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක්...
වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන අර්ශස් පීඩාකාරී රෝගයකි. ලැජ්ජාව නිසා වෛද්‍යවරයකු වෙත යොමු නොවීමෙන් රෝගය උත්සන්නව සැත්කම්වලට මුහුණ දෙන්නට සිදුවන අය...