කිලෝ 15කින් මම බර අඩු කරගත් ආකාරය - 03
කිලෝ 15කින් මම බර අඩු කරගත් ආකාරය පිළිබඳව ලියන ලිපි පෙලේ තෙවන ලිපියයි මේ. අද මම ඔයාලට කියන්නේ ආහාර ගැනීමේදී පරෙස්සම් වියයුතු ආහාර මොනවාද කියලයි. ඒ කියන්නේ කන්න හොද නැති කෑම මොනවද කියන කාරණාව පිළිබඳවයි.
බත්
ලංකාවේ ප්‍රධාන ආහාරය තමයි බත් නිසා ලාංකිකයන් විදිහට අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ බත් ආහාරයට ගන්න. අපි .තුන් වේලම බත් කන එක නම් හොද නෑ. ඒ වෙනුවට එක වේලක් බත් කාලා අනෙක් වෙල් වලට ගුණ දායක ආහාර ගැනීමට පුරුදු වෙන්න. ඒ වගේම බත් කනකොට සුදු හාල්, සම්බා, බාස්මති, වගේ හාල් වර්ග කෑමට ගැනීමත් නුසුදුසුයි. ඒ වෙනුවට මොනවද කන්න ඕන කියලා මම පළවෙනි ලිපියෙන් කිව්ව නිසා ඒ ගැන ආයෙත් සඳහන් කරන්නේ නෑ. දන්නේ නැති අයට මෙතනින් ක්ලික් කරලා ඒ ලිපිය බලන්න පුළුවන්.
පිටි ආහාර
පිටි ආහාර කියන්නේ රුවැති ලස්සන සිරුරකට සිටින ලොකුම සතුරා කියලයි මම නම් කියන්නේ. ඒකට හේතුව තමයි කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු තිරිඟු පිටි ආහාර වලින් ශරීරය මහත වැඩි කරන්න සමත් වෙනවා. පාන්, පේස්ට්‍රි, කොත්තු, පීසා, රොටි වැනි පිටි මිශ්‍ර කර සැකසූ ආහාර ශරීරයට අහිතකර බව කෑමට ගන්න හැම වෙලාවෙම මතක තියාගන්න.
සීනි
සිනි වලින් ශරීර බරට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා වගේම ශරීර සෞඛ්‍යටත් සීනි අහිතකරයි. ඒ නිසා චොක්ලට්, පැණි බීම, ඩෝනට්, අයිසින් කේක්, වැනි පැනිරස අධික ආහාර වලින් ඈත් වීම නිරෝගිව සිටිමට ඔබට මඟ පාදනවා. තේ හෝ කිරි පානය කිරීමේදී සීනි නොදා පානය කරනවා නම් ගොඩාක් හොදයි. මුල් කාලයේදී ටිකක් අමාරු වුනත් කිරි වල ඇති සැබෑ කිරි රසය දැනෙන්නේ කිරි සීනි නොදා බොනකොටයි.
මේදය
මේදය කියන්නේත් ශරීර සෞඛ්‍යට ඉතාමත් අහිතකර දෙයක්. නමුත් ශරීරයට හිතකර මේදයන්ද තිබෙනවා. කජු, රටකජු, හැසල්නට්, පිස්තාචියෝ, පිකේන්, ආමන්ඩ්, වැනි ඇට ජාතිවල ඇති මේදය වගේම අලිපේර, ඔලිව්, වගේම පිරිසිදුකල පොල්තෙල්ද ශරීරයට හිතකරයි. ඒත් කඩ කෑම හා බැඳුම් වලට තෙල් කිහිපවරක්ම යොදා ගැනීම ශරීරට ගුණදායක නෑ. ඒ නිසා පිටින් තෙල් සහිත ආහාර ගැනීමේදි සැලකිලිමත් වන්න. ඒ වගේම නිවසේදී වුනත් ආහාර පිසීමේදී තෙල් අවම වශයෙන් භාවිතා කිරීමට වග බලා ගැනීම සිහින් සිරුරක් වගේම නිරෝගී ජීවිතයකටත් මඟ කියනවා.
තිළිණි මීගහපල
හිස සහ ගෙල ආශි‍්‍රත පිළිකා සාමාන්‍යයෙන් වේගයෙන් වර්ධනය වන පිළිකා ලෙස සඳහන් කළ හැකිය. කාන්තාවන්ට වඩා පිරිමින් අතර මෙම පිළිකා වැඩිපුර...
ඇසේ සුද ඇතිවීම පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කළ හැකි ද?අපගේ ඇස කරා ගලා එන ආලෝක ධාරාවන්, අපට පෙනුම සලසන කුහරයේ පසුපස...
සිරුරේ ඇතිවන රෝගයක සුල මුල සොයා බලන විටදී ආයුර්වේදයේ මුලින්ම කළ යුතු අදාළ ක්‍රමවේදයන් කිහිපය අතුරින් විරේකය අද බොහෝ ප්‍රචලිත වී...
පුරස්ථි ග්‍රන්ථි ඉදිමුම නිසාම පිරිමි අයට ඇතිවෙන්නා වූ මුත්‍රා කිරීමේ අපහසුකම (Prostate Gland Enlarge) සිදුවන්නක් නොවේ. මුත්‍රා සමග ලේ පිට වන්නේ...
සමාජක රෝග ඇතිවීමේ ආරම්භය කුමක්ද?ලිංගාශ්‍රිත එච්.අයි.වී. ඒඩ්ස් රෝග වගේ රෝග ඈත අතීතයේ පටන්ම පවතිනවා සමාජයේ ඇතිවන විසබීජ අනාරක්ෂිත ලිංගික සබඳතා මඟින්...
ස්නානය ගැන ජනවහරේ ඇති කතා නම් එතරම් සුබ නැත. එහෙත් ජලය සැබෑවටම ස්නානය කිරීම නම් අත්‍යවශ්‍යය. දවසක් ස්නානය නොකර සිටියොත් බොහෝදෙනෙකුට...