කොන්ඩම් දැම්මා කියලා safe නෑ...
ගොඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග බෝ වෙන්නේ නැහැ කියලා. ඒත් ඒ මතය වැරදියි. මේ ලිපිය ඔයාලා හැමෝටම සරලව ඉදිරිපත් කරන්න හිතුවේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්නයි.
ලිංගික හර්පීස්
හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනි මාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ.
ලිංගික උකුණන්
රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේ. කොන්ඩම් මගින් වැලැක්විය නොහැක. ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.
ලිංගික ඉන්නන්
හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.
ඒඩ්ස්
ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි ) සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යා හැක. මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.
සිෆිලිස්
කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.
හෙපටයිටිස් බී
ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.
ක්ලැමීඩියා
පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙම රෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.
ගර්භනීභාවය
කොන්ඩම් මගින් 100% ගර්භනීභාවය වැලක්විය නොහැක.
නිසි වේලාවට ආහාර නොගෙන දවසේ වැඩි වේලාවක් කුසගින්නේ සිටීම නිසා සෑදෙන රෝගයක් තමයි ආමාශයික ප්‍රදාහය. මේක වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස්...
කරන සෑම කාර්යයක්ම ප්‍රබෝධවත්ව කරගත හැකි නම් එය මනසට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි. නමුත් අපේ වැරැදි චර්යා රටා හා ආහාර පුරුදු...
අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක්...
රෝගියකුට රෝගය වැළඳෙන අවස්ථාවේ දී ඔහූ සිටින පරිසරය අනූව ඇති විය හැකි අනතුරුවල තත්ත්වය භයානකයි. මීමැස්මොරය හෙවත් අපස්මාරය කියන්නේ එවැනි රෝගයක්....
"සෝමදාසට මේ ළඟදී ඉඳලා එයාගේ යාළුවන්ව, පාට, නාමපුවරු ආදී කිසිවක් පැහැදිලිව දකින්න අපහසු වුණා. හැබැයි පුදුමෙට වගේ එයා මේ ළඟදී තමයි...
දිනපතාම නෑමේදී හෝ හිසකෙස් පීරීමේදී හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවීයැම රෝගී තත්ත්වයක් ද?කොතරම් කෙස් ගසට සත්කාර කළත් හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණ කොටස්...