කෝපි බොන්නේ පරිස්සමෙන්
කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඞ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ආමාංශයේ ඇසිඩ් උත්තේජනය වීම නිසා, බඩවැල්වල සිදුවන ක්‍රියාදාමය ඉක්මන් වීමක් සිදුවන බවත් ඒ නිසා වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති. විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ කැෆේන්වලින් විරේකයකින් සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එය පුද්ගලයන් දහ දෙනකුගෙන් තිදෙනකු අතර තිබෙන තත්ත්වයක් බවත්ය. කැෆේන් රසායනය ඉවත් කළ කෝපිවලිනුත් මේ තත්ත්වය ඇතිවන බව මේ වනවිට අනාවරණය වී ඇත. සීනි රහිත කොකා කෝලාවලින් මෙය සිදුවන්නේ නැතැයි ද මීට හේතුව කෝපිවල ඇති රසායනයක් බව ද එහිදි අනාවරණය විය. ඇමෙරිකා රසායන විද්‍යා සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර කෝපිවල ඇති ඇසිඞ් ස්වභාවය යම් යම් පුද්ගලයන්ගේ ආමාශයේ සිදුවන ක්‍රියාකාරකම් බලපෑම් කරන බව ද ඔවුහු පෙන්වාදෙති. අමාශයේ ඇති ඇසිඞ් මට්ටම් වැඩි කිරීමට කෝපිවල ඇති ක්ලෝරෝජෙනික් නැමැති ද්‍රව්‍යය හේතුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ඒ අනුව ඇසිඞ් ක්‍රියාකාරිත්වය වැඩි වන අතර ඒ හේතුවෙන් ආමාශයෙන් ආහාර ඉක්මනින් බඩවැල් වෙත යවන බවත් යම් යම් පුද්ගලයන්ට කෝපි පානය කළ පසු මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.
ලංකාදීප
බණ භාවනා කරන සියලූ දෙනාම වාගේ සිත් 89 ක් තිබෙන බවත් චෛතසික 52 ක් තිබෙන බවත් පූන පූනා කියනූ අසා ඇත....
ගැමි වහරේ ‘අණ්ඩවාතය’ ලෙස හැඳින්වෙන ‘හර්නියා’ බොහෝ විට වේදනාකාරී නොවුණ ද වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුම රෝගී තත්ත්වයකි. ඊට හේතුව හර්නියා කුහරය...
පැතුමින් තොර ජීවිතයක් මිනිසුන්ට තිබිය හැකිද? එය එසේ නම් මුළු ලොවම නිහඬ වනු ඇත. ඒ නිසා ජීවිතයට ප්‍රාර්ථනා වැදගත් වෙයි. මනසක්...
ඇස් ලෙඩ විසබීජ වලින් වගේම විසබීජ නොවන හේතු කාරණා නිසාත් ඇති වෙනවා. වෛරස්, දිලීර, බැක්ටීරියා ආදී හේතු නිසා ඇස් ලෙඩ ඇතිවෙන්න...
ප්‍රිමාල් සායනයට ඇවිල්ලා කිව්වේ එයාගේ මළපහ පිටකරන ප්‍රදේශය හා පිටිපස්ස පැත්තේ තද කැසීමක් තියෙනවා කියලා. ඩොක්ටර්... මම එතන විෂබීජ අයින් වෙන්න...
කෙණ්ඩ පෙරලීම අපි කවුරුත් අත් විඳ තිබෙන තත්ත්වයක්. ඒ ගැන මතක් වුණත් සිරුර හිරි වැටෙන හැගීමක් ඔබට දැනෙනවා විය හැකියි. කෙණ්ඩා...