හිසකෙස් සුදුවීම ප්‍රශ්නයක් වෙලා ද?
කොණ්‌ඩය සුදු පැහැවීමට බොහෝ විට බලපාන්නේ ජානමය තත්ත්වයන්. අප ඉපදෙන විටම අපේ හිසකෙස් මේ කාලයේදී සුදුපැහැවන බව අපේ ජානවලම සටහන් වෙලා තිඛෙන බව ඔබ හිතන්නේ වත් නැතුව ඇති. මේ තත්ත්වයට වෛද්‍ය විද්‍යාවෙන් කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. අපට කියන්න පුළුවන් වෙන්නේ හිසකෙස් වර්ණගන්වන්න කියන විසඳුම පමණයි. මෙහිදී පැවසිය හැකි තවත් දෙයක් වන්නේ බෝවෙන රෝගයක් තියෙන ඕනෑම කෙනෙකුට බොහොම ලා බාල වයසේදීම හිසකෙස් සුදුවීමට ඇති ප්‍රවණතාවය වැඩියි. මෙම රෝග තත්ත්වය ලංකාවේ බහුලව දකින්න ලැඛෙන්නේ නෑ. නමුත් යුරෝපීය රටවල මෙම රෝගය බහුලව දකින්න ලැබනෙවා. අපි මෙය හඳුන්වන්නේ පර්මිෂියන් ඇනිමියා ලෙසයි. මා දැනුවත්ව ලා බාල වයසේදී හිසකෙස් සුදුපැහැවීම ඇතිවෙන එකම රෝගයයි තිඛෙන්නේ. එය පර්මිෂියන් ඇනිමියා පමණයි. තවත් රෝගී පිරිසක් සිටිනවා, මාගේ අම්මගෙ සහ තාත්තගෙ හිසකෙස් සුදු පැහැවෙලා නැහැ. නමුත් ලා බාල වියේදීම මගේ හිසකෙස් සුදුපැහැ වෙලා කියලා කියන. මෙය ඔවුන් මානසික ප්‍රශ්නයක් කරගෙනයි මගෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න එන්නේ. නමුත් මෙතනදී වෙලා තියෙන්නේ නිලීන ජානයක් ප්‍රමුඛ වීම නිසා මේ තත්ත්වය ඇතිවීමයි. නැතිනම් අපේ ඇතැම් අය සිතනවා ඔවුන් එදිනෙදා නාන නිසාත්, වායුසමීකරණය කළ කාමරවල වැඩි කාලයක් ගත කරන නිසාත් එහෙමත් නැත්නම් ජෙල් වැනි රසායන ද්‍රව්‍ය කොණ්‌ඩයේ විලාසිතා සඳහා භාවිත කරන නිසාත් හිසකෙස් සුදුපැහැ වෙන්න පටන් ගන්නවා කියා. මම හිතන්නේ මේ කතාවල කිසිම සත්‍යතාවයක් නෑ කියලා. කෙනෙක් නාලා කොණ්‌ඩය හොඳින් පිසදමා වේලා ගැනීමෙන් තෙතමනය කොණ්‌ඩය තුළ නොරැඳීමෙන් හිසකෙස්‌වලට හානියක් වෙන්න විදියක් නෑ. තවත් දෙයක් තමයි අද ජීවත්වන තරුණ පරපුර විවිධ විලාසිතා ප්‍රදර්ශනය කරන්න කොණ්‌ඩටයට ගල්වන ජෙල් වැනි රසායන ආලේපන අදාල කාලය තුළ පමණක් තබා හොඳින් සෝදා ඉවත් කිරීම තුළින් කෙස් ගසට රසායන ද්‍රව්‍යවලින් සිදුවන හානිය ඉවත්වෙලා යනවා. එම නිසා ජානමය හේතු සහ පර්මීෂියන් ඇනිමියා කියන රෝගී තත්ත්වයට හැර වෙනත් බාහිර හේතු නිසා හිසකෙස් අකලට පැසීම හෙවත් සුදුවීම විය නොහැකි බවයි වෛද්‍ය විද්‍යාත්මකව මෙතෙක් අනාවරණය කරගෙන තිඛෙන්නේ.
උපුටා ගැනීම නවලිය පුවත් පත