වාත රෝග නිසා විඳවනවාද

වාත රෝග නිසා විඳවනවාද

වාත රෝග පිළිබඳ කතා කරන විට කාලය කොටස් තුනකට බෙදෙනවා. ඒ උදෑසන, දහවල සහ රාත්‍රිය යනුවෙනි. එමෙන්ම බාල තරුණ, මහලු ලෙස වයස් තුනකි. රෝග සෑදෙන අයුරු ද වා, පිත්, සෙම් ලෙස කොටස් තුනකට බෙදෙයි. මේ අනුව වාත රෝග සෑදෙන්නේ තරුණ විය ඉක්ම ගිය වයස්ගත වූ අයටය. වාත රෝග සෑදෙන්නේ රාත්‍රි කාලයටයි. ඒ නිසාම කාලය සහ වයස කොටස් තුනකට බෙදීම සිදු වෙයි. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා නිසා මලපහ කිරීමේ අර්බුද ඇති වීමෙන් වාත රෝග මතුවිය හැකියි. වාත රෝග ප්‍රාණ වායුව, උදාන වායුව, සමාන වායු, ව්‍යාන වායු, අපාන වායු වශයෙන් බෙදා වෙන්කළ හැකියි. වාත රෝග සඳහා සමාන වායුව බලපවත්වයි. විශේෂයෙන් සමාන වායුව ආමාශය, බඩවැල, ගුද මාර්ගය ආශි්‍රතව ක්‍රියාත්මක වෙයි. ගින්න හා එක්ව ආහාර දිරවීමටද සමාන වායුව උදවු සපයයි. සමාන වායුව කිපුණු කල සිරුරේ විවිධ රෝග මතු වෙයි. වාත රෝග ඉන් ප්‍රධානය. එසේම වාත රෝග සුවකළ හැක්කේ දේශීය ආයුර්වේද ප්‍රතිකාරවලට පමණි. මුත්‍ර මාර්ග අවහිර වීම, ශරීරය වේදනා ඇතිවීම, නහර හිරි වැටීම, පිටකොන්ද පපුව ප්‍රදේශය හිරවීම, වාතය කිපුණු කල ඇති වෙයි. සම කළු පැහැ ගැන්වීම ද වාත රෝගවල ප්‍රධාන ලක්ෂණයකි. වාතය කිපීම නිසා සමෙහි පැළුම් ඇතිවීම හේතුවයි. වායුව කිපුණු කල රුධිර ගමනාගමනයේ සංයුතියද වෙනස් වෙයි. මුළු ශරීරයම සහ සන්ධි වේදනා, ඉදිමුම්, ඇඟිලි වකුටු වීම, අත්පා කොර වීම, අත් පා රිදුම් ඇතිවීමද ප්‍රධානය.

ප්‍රතිකාර

සිද්ධි ඉඟුරු, සුවඳ කොට්ටන්, මුරුංගා මුල්, දේවදාර, නික මුල්, සුදු ලූනු, වදකහ, උළුහාල් කළං එකයි මංචාඩි දහයයි ගෙන වතුර පත අට එකට සිඳ පෙරුම්කායම් දමා වඩි 5ක් බොන්න.

තැවීමට

එරඬු ඇට, තල ඇට, වී ඇට, සතකුප්ප, කොහොඹ ඇට, කොටා වණ්ඩුවේ තම්බා එඬරු තෙල් ගා තවන්න.හාතාවාරිය කොළ කැඳ එක දිගට උදෑසනට බීම ද ගුණදායකය.හංසි ආටිගලමව්බිම

Share This Article

හිතේ වේදනාවට මෝහනයේ පිහිට

මැදි වියේ පසු වූ යුවළක් අප වෙත පැමිණියේ ඔවුන්ගේ එකම දියණිය වූ තරුෂිගේ මානසික තත්ත්වයට යම් උපදේශනයක් ලබා ගැනීම පිණිසයි. මවුපියන්...

කකුල් පැළෙනවට ආයුර්වේදයෙන් බෙහෙත්

තරුණියන්ගේ ලස්සන නැති කරලා එයාලව අපහසුතාවට වගේම, වේදනාවට පත්කරන දෙයක් විදියට කකුල් පැළීම හඳුන්වන්න පුළුවන්. මෙවැනි රෝග තත්ත්වයක් තරුණ වියේදී ඇතිවූ...

පොතුකබර රෝගය පාලනය කළ හැකියි - නොපමාව ප්‍රතිකාර වෙත යොමුවන්න

පොතුකබර නම් සමේ ඇති වන්නා වූ කුෂ්ට රෝගය නිසා අද ජන සමාජයේ ඇතැමෙක් සිත්තැවුලෙන් කාලය ගත කරන්නට පුළුවන. එහෙත් සිත්තැවුලෙන් ජීවත්...

දිවියම අඳුරු කරන ඇදුම

ඇදුම රෝගය පිළිබඳ ආයුර්වේද හඳුනා ගැනීමසාමාන්‍ය ව්‍යවහාරයේ ඇදුම ලෙස හඳුනාගන්නා රෝග තත්ත්වය දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මුහ රෝගය, ඊලය, ඉලප්පුව ලෙස ද...

ජීවත්වීම එපා කරවන අධි ස්ථුලතාව

– අධි ස්ථුලතාව හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට විශාල අවකාශයක් නිර්මාණය කරයි– සතියකට...

මස් කන අයගේ  කට ගඳයි

මුඛයෙන් දුගඳ හැමීම, එසේත් නැතිනම්, අපි කවුරුත් කියන විදිහට කට ගඳ ගැසීම රෝගයක් ද?නෑ. කට ගඳ ගැසීම රෝග ලක්ෂණයක් පමණයි. සිරුරේ...