Biz Log
Classifields
Biz Log
Classifields

කැරපොත්තන්ට හූනන්ට බියවීම රෝගී තත්ත්වයක්

කැරපොත්තන්ට හූනන්ට බියවීම රෝගී තත්ත්වයක්

කැරපොත්තන්ට, හූනන්ට වැනි ඇතැම් කෘමි සතුන්ට දක්වන බය වගේම රාත්‍රියට කළුවර තැන්වලින් ගමන් කිරීමේදී සිතේ ඇති වන බය අපි යම් යම් පූද්ගලයන් තුළින් දැක තිබෙනවා. අපි මෙය භීතිය ලෙස හඳුන්වනවා. මෙයත් මානසික රෝගී තත්ත්වයක්. බය මූල් කරගෙන ඇතිවන මෙම රෝගී තත්ත්වය සමාජයේ සූලබ දෙයක්. බය ගත්තාම ඕනෑම පූද්ගලයෙක් තුළ තිබෙන සිතුවිල්ලක්. බය කියන දෙය අපේ ආරක්ෂාවට ඉතාම වැදගත්. මෙම සිතුවිල්ල නිසා අපි යම් යම් දේවලින් වැළකී් සිටිනවා. එම නිසා බය කිය සිතුවිල්ල සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ ආරක්ෂාව ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට කෙනෙකු තුළ ගින්දරට බයක් තියෙනවා. එම බය එසේ තියෙන තාක් කල් අපි පිච්චෙයි කියන බයට ගින්දරෙන් ආරක්ෂා වෙලා ඉන්නවා.

භීතිය මූල්කරගෙන හැදෙනමානසික රෝගී අවස්ථා තුනක් තියෙනවා. ඒවා අපි භිතිකා ලෙස හඳුන්වනවා. එය වෛද්‍ය විද්‍යාවේ ෆොබියා ලෙස හඳුන්වනවා. ඉන් පළමූවැන්න සරල භිතිකාව හෙවත් සිම්පල් ෆොබියා වෙනවා. දෙවැන්න සමාජ භීතිකාව හෙව්ත සෝෂල් ෆොබියා වෙනවා. අංගන භීතිකාව හෙවත් පරිසර භීතිකාව, එහෙමත් නැත්නම් ඇග්රෝ ෆොබියාව කියන්නේ තෙවන තත්ත්වයටයි. කෘමි සතුන්ට බියවීම, කළුවරට බියවීම ඇති වන්නේ සරල භීතිකාව යන රෝගී තත්ත්වය යටතේයි. මෙවැනි තත්ත්ව වලදී වෙන්නේ යම්කිසි නිශ්චිත දෙයකට හෝ අවස්ථෘවකට පමණක් අනිසි බියක් දැක්වීමයි. මෙවැනි පූද්ගලයන් නිශ්චිත දෙයින් පිට බියවීමක් නැහැ.බොහෝවිට මෙම සරල භීතිකා තත්ත්වය ආරම්භ වෙන්නේ කුඩා කාලයේ ඉඳලා. එය වයසත් සමග වර්ධනය වෙන්න පූළුවනි. ගැහැනූ ළමයි පිරිමි ළමයින්ට වඩා මෙම තත්ත්වයෙන් පෙළෙනවා. ඇත්තටම බැලුවොත් මෙය සූලබ රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවනි. විශේෂයෙන්ම හානිකර නොවන කුඩා කෘමි සතුන් විශේෂ වන කැරපොත්තන්ට, හූනන්ට, කූඩැල්ලා වැනි වඩාත් අහිතකර නොවන සතුන්ට මකුළුවන්ට අනිසි බයක් දක්වනවා. මෙම සතුන්ට පිළිකුලක් දක්වනවා වගේම දැක්කාම කෑගහලා දුවලා එම තත්ත්වයෙන් මිදෙන්න බලනවා. ඊට අමතරව ඇතමෙක් ලේ දකින්න බයයි, තුවාල දකින්න බයයි, එන්නත් කටූ දකින්නත් බයයි. මෙවැනි අවස්ථාවකට මූහූණ දෙනවිට ඔවූන් ක්ලාන්ත වෙනවා. එහෙමත් නැත්නම් වමනය දානවා. තවත් කොටසක් උස් තැනකට ගිහිල්ලා බිම බලන්න බයයි. ආවරණය කළ තැනකට යන්න බයයි. විශේෂයෙන්ම විදුලි සෝපානයක ගමන් කරන්න, තනියම කාමරයක ඉන්න බයයි. ඒ වගේම දන්ත උපකරණ දකින්නත් ඔවූන් බයයි. සමහර අය ගුවන් යානයක යන්නත් බයයි. එවැනි පූද්ගලයන් එක දෙයකට පමණයි අසාමාන්‍ය බයක් දක්වෙන්නේ. ඔවූන් කරන්නේ එවැනි දේවල් ජීවිතයට ළඟා කරගන්නේ නැතිව මඟ හැරලා ජීවත්වෙන්න උත්සාහ කිරීම.

පොදුවේ ගත්තොත් භීතිකාව කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙක් කරන පොදු ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. එකක් තමයි බය ඇති කරන දෙයින් මඟ හැරීම. අනෙක තමයි බය ගෙන දෙන අවස්ථාවට මූහූණ දෙන බව දන්නේ නම් ඊට ඉස්සරවෙලා ඉඳලාම නොසන්සූන් ගතියක් ඇතිවීම. උදාහරණයක් විදිහට අපි හිතමූ කෙනෙකුට ගුවන් ගමනක් යන්න සූදානම් වෙන කෙනෙක් නම් එම ගමන ජීවත්වීමට පෙර නොසන්සූන්තාවයකට පත්වෙන්න පූළුවනි. එයින් වෙන්නේ මනස අවූල් වෙනඑක. මෙම ලකෂණ දෙකම සියලුම භීතිකාවලට පොදුයි. සරල භීතිකාව තියෙනඅයට ඇත්තටම ප්‍රතිකාර වශයෙන් අපට පූළුවනි අංශ දෙකකින් කතා කරන්න. එකක් තමයි ඖෂධ ප්‍රතිකාරය. අනෙක තමයි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරය.

ඖෂධ ප්‍රතිකාරයේදී අපි හූඟක් වෙලාවට කරන්නේ මොළයේ ඇතිවෙලා තියෙන රසායන අසමතුලිතතාවයට ප්‍රතිකාර කිරීම. මෑතක ඉඳලා ඖෂධ සොයාගෙන තියෙනවා. මොළයේ ඇතිවෙන රසායන ව්‍යූහයේ වෙනස හඳුනාගෙන ඒ අනූව ප්‍රතිකාර හදලා තියෙනවා. ඊට අදාළ ඖෂධ ප්‍රතිකාරවලට රෝගීන් යොමූ කිරීමෙන් අසමතුලිතාවය සමතුලිත තත්ත්වය පත් කළ හැකියි. ඊට අමතරව මනෝ ප්‍රතිකාර ප්‍රයෝජනයට ගන්න පූළුවනි. මෙය අපි ප්‍රජනන චර්යා ප්‍රතිකාරය ලෙස හඳුවන්නවා. එතනදී කරන්නේ කෙනෙකු සිතන විදිහ වෙනස් කරන එක. අපේ හැසිරීම අපේ සිතුවිලි මත තමයි රඳා පවතින්නේ. සිතුවිලි වෙනස් කිරීම තුළින් හැසිරීම වෙනස් කළ හැකියි. "සිතුවිලි මත හැසිරීම" කියන මූලධර්මය පදනම් කරගෙන කරන ප්‍රතිකාර මගින් රෝගීන් සූව කළ හැකියි. මෙය ඉතාම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රමයක්. මෝහන ප්‍රතිකාරයත් ගෙඩක් හොඩක් හොඳයි. භීතිකා තත්ත්වය ඇති වූනේ කොහොමද කියඤන කාරණාවට අපට තවමත් නිශ්චිත පිළිතුරක් දෙන්නට හැකියාවක් නැහැ. එය පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වෙනවා.බය කියන සිතුවිල්ල අපේ ජීවිතවලට නතු කරගන්න ඒවා. පොඩි කාලේ ඉඳලා දරුවෙක් හැදෙන පරිසරයක්, දකින පරිසරයත් මෙයට බලපානවා. සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් වැඩිහිටියන් විසින් පාලනය කරන්නත්, ආරක්ෂාවටත් යම් දෙයකට බය කළාම ඔවූන් තුළ බය සිතුවිල්ල ඇතිවෙන්න පූළුවනි. සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් සමාජයෙන් පවා මෙම තත්ත්වය ඇති කරන්න පූළුවනි. සමහර විට දෙමාපිය්න යම් දෙයකට බය නම්, ඒ දෙයට දරුවාත් පයවෙන්න පෙළඹෙනවා. අපි කාටවත් කියනවානේ ගිනිපෙලෙල්ලෙන් බැඩ කෑ මිනිහා කලාමැදරියටත් බයයි කියල. එවැනි තත්ත්ව ඇති වෙන්න පූළුවනි. මෙය ජීවිත කාලය පූරාම පැතිරෙන්නත් පූළුවනි. එම නිසා ප්‍රතිකාර කිරීම මගින් සරල භීතිකාව හොඳ කර ගැනීම වඩාත් හොඳයි.

මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු

Share This Article