රජරට වකුගඩු රෝගයට නොවරදින වෙදකම

රජරට වකුගඩු රෝගයට නොවරදින වෙදකම

අනුරාධපුරේ සිට පැමිණි වකුගඩු රෝගියකු පරීක්‍ෂා කරද්දී තවත් රෝගීහු බලා සිටියහ. වෙද නලාව, රුධිර පීඩන යන්ත්‍රය හා උණ කටුව ඔහුගේ මේසය මත නිසොල්මන්ව තිබුණත්, පාලිත වෙදැදුරු ඒවා පරිහරණය කරන බවක්‌ නම් පෙනුණේ නැත. තමා අසලට එන සෑම රෝගියකුගේම නාඩියක්‌ අල්ලමින් රෝග නිර්ණය කිරීමට සුවිශේෂ හැකියාවක්‌ දැක්‌වූ මේ වෙදැදුරුගේ මුහුණේ තිබූ සිනහව පමණක්‌ ම වුව බොහෝ රෝගීන්ගේ බිය සැක දුරු කරන්නට හේතු වූයේ යෑයි මට සිතිණි. වකුගඩු රෝගියා පරීක්‍ෂා කළ වෙදැදුරු අනතුරුව තත්පර කිහිපයක්‌ කල්පනාවට වැටුණේය. රෝගියාගේ තත්ත්වය අවදානම් යෑයි සිතූ අසල සිටි පිරිස කිසියම් කුතුහලයකින් පසුවෙද්දී රෝගියා අසරණව වෙදැදුරුගේ මුහුණ දෙස බලා සිටියේය.

"කොහෙන්ද ඛෙහෙත් ගන්නෙ?"

"අනුරාධපුරේ පිං ඉස්‌පිරිතාලෙකින්" රෝගියා දැඩි පරීක්‍ෂාවකින් පසු වෙදැදුරු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ දෙනෙතෙහි පිරුණු කඳුළු පිස දමමින් ය.

දොස්‌තර මහත්වරු මොකද කිව්වේ.?

"නරක අතට හැරිලයි කිව්ව. ඊට පස්‌සෙ මම ඇහැව්ව සිංහල වෙදකමක්‌වත් කරගන්නද කියල."

"ඉතිං"

"ඔළුව අතගාල අං ඇවිල්ලද කියල බලන්න කිව්වා" රෝගියා පොඩි දරුවකු මෙන් ඉකිගසන්නට විය.

"බයවෙන්න එපා අපි මේකට ප්‍රතිකාරයක්‌ කරමු." ගත වූයේ මාස කිහිපයකි, රෝගියා සුවපත් වූයේ සිතුවාටත් වඩා වේගයෙනි.

අනුරාධපුරය, පොලොන්නරුව, වගේ වියළි කලාපවල වකුගඩු රෝගය තියන එක ඇත්ත. ඒකට ප්‍රධාන හේතුවක්‌ තමයි පානීය ජලයේ තියෙන අපිරිසිදුකම. ඒක ගොඩක්‌ මිනිස්‌සු දන්නවා. නමුත් ඒ ජලය පිරිසිදු කරගන්න කිසිම කෙනකුගේ උනන්දුවක්‌ නැහැ. අපි නිකමට කල්පනා කළොත් මේ තත්ත්වය දැන දැනත් අපේ මිනිස්‌සු වතුර ටිකක්‌ උණුකරල බොන්නෙ නැහැ. ඒකටත් කම්මැලියි. සාමාන්‍යයෙන් ඉගිනි ඇට කියන්නෙ වැඩිපුරම ඔය පැත්තෙ තියෙන ශාකයක්‌. ඒව කපල පොට්‌ටනියක්‌ හදල තමන්ගෙ වතුර බොන ළිඳට දැම්මත් වතුර පිරිසිදු වෙනව. අනික තමයි ඔය වියළි කලාපෙ මිනිස්‌සුන්ගෙ තද පිපාසයට කදිම පිළියමක්‌ තමයි පැණි කොමඩු, කැකිරි වගේ දේවල් කන එක. නමුත්් තමන්ගෙ ගෙවත්තෙ හැදෙන පැණි කොමඩු ගෙඩියක්‌වත් කන්න මේ අය පෙළඹෙන්නේ නැහැ. මේ හේතු නිසා තමයි ඔය පළාත්වල වකුගඩු රෝගීන් වැඩි. මේ හැම දේටම බලපාන්නෙ තමන්ගෙ ආහාර. අද දවස වන විට රටේ කොයි තරම් ලෙඩ්ඩු ඉන්නවද කියල පෙනෙන්නෙ රෝහල්වලට ගියපුවාම. අනික විශේෂයෙන් ම අපේ හැදෙන පරම්පරාව දැන් දිව පිනවන කෘත්‍රිම ආහාර ගැනීම බහුලයි. මේකෙන් වෙලා තියෙන්නේ දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, රුධිර පීඩනය වගේ දැඩි රෝගී තත්ත්වයන් වර්ධනය වෙන එක. අද දවස වන විට සියයට වැඩි ගණනක්‌ ඉන්නේ මේ වගේ රෝගීන්. අලගියවන්න මුකවෙටි පරම්පරාවෙන් පැවත එන බානගල වෙද පරපුර දේශයේ ඉපැරැණිම වෙද පරපුරක අඛණ්‌ඩ අභිමානය ප්‍රකට කරන්නකි. පුගොඩ සිට හංවැල්ල දක්‌වා දිවෙන ප්‍රධාන මාර්ගයේ බානගල දන්වන්තරි මන්දිරයෙහි දැනට අධිපතිව සිටිමින් පාලිත බානගල වෙදදුරු ප්‍රතිකාර කරන්නේය. සියලු සර්වාංග රෝගවලට දස්‌කම් පාන පාලිත වෙදැදුරු අංශභාගය, වකුගඩු හා ප්‍රමේහ (ආතරයිටීස්‌) රෝග පිළිබඳ විශේෂඥයෙක්‌ වන්නේය. එවකට හෑගොඩ විහාරස්‌ථානයේ වැඩසිටි කපුගොඩ විමලානන්ද හිමියන්ට වැළඳුණු සුසුම්නාවක ආබාධය උන්වහන්සේ එක්‌තැන් කරන්නට හේතුවක්‌ වූහ. විහාරස්‌ථ දායක සභාව උන්වහන්සේ රෝහල්ගත කළේ රෝගය ඉතා කෙටි කලකින් සුවකර ගත හැකිය යන විශ්වාසය තබා ගෙනය. "අපේ හාමුදුරුවනේ මේක අංශ බාගෙ රෝග තත්ත්වයක්‌. වයසට යනකොට ඔහොම තමයි. මේකට ශල්‍යකර්මයක්‌ කරන්න වෙනවා." වෛද්‍යවරු හාමුදුරුවන්ගේ සිත සනසන්නට උත්සාහ කළහ. පාලිත බානගල වෙදැදුරුට මෙම ආරංචිය කන වැකුණේ අහම්ඛෙනි. ඔහු වහා ක්‍රියාත්මක වී රෝගී හිමිගේ සුවදුක්‌ විමසන්නට රෝහලට ගියේය. ඉතා අපහසුවෙන් රෝහලේ ඇඳක්‌ මත වැතිරී සිටි රෝගී හිමි දැකීමෙන් වෙදැදුරුට දැනුණේ අසීමිත දුකකි. ඔහු දැඩි අධිෂ්ඨානයෙන් "අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සනීප කිරීම මට බාරයි. වගකීම මම බාරගන්නවා. අපි යමු" යෑයි කීවේය. එතැන් සිට නිවසට වඩමවා ගත් රෝගී හිමියටන්ට උවටැන් කළේ පාරමිතා පුරන්නකු ලෙසය. එදින සිට මාස කිහිපයකට වඩා ගත වූයේ නැත. බානගල පරපුරටම ආවේණික වූ දේශීය ඖෂධ බලයෙන් හාමුදුරුවන් සුවපත් වූයේ ඇගිල්ලකවත් කොරයක්‌ නොතබමිනි. මුත්‍ර රෝග, අංශභාග රෝග හා ප්‍රමේහ රෝගවලට පාලිත බානගල සුවිශේෂී බවක්‌ උසුලද්දී වාත රෝග, ආමවාත, රක්‌ත ප්‍රදර, පීනස, ඇදුම, අපස්‌මාරය, හා උන්මාද රෝගවලට ද ප්‍රතිකාර කරන්නේය. ඊට අමතරව අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමට මනා පළපුරුද්දක්‌ ඔහුට තිබිණි. මෙයට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සැත්කම්වලට බඳුන් කිරීමට නියම කරන හදවතේ කපාට සිහින් වූවන් සුවපත් කිරීමේ විශේෂ හැකියාවක්‌ ද පාලිත වෙදැදුරුට ඇත. වකුගඩු රෝගවලට මෙම වෙදදුරු දක්‌වන දක්‍ෂතාව ඉහළ අගයක්‌ ගන්නේය. ඕනෑම දරුණු තත්ත්වයකට පත්වූ එවැනි වකුගඩු රෝගීන් මාස හය හතක්‌ වැනි කෙටි කාලයක්‌ තුල සුවපත් කිරීමට සුවිශේෂී බවක්‌ දැක්‌වීම ඇතැම් විට පුදුම සහතය. පාරම්පරික වෙදකමත්, ගම්පහ ආයුර්වේදයෙන් වෛද්‍ය උපාධියත් දිනාගත් බානගල ,ආදි ආනන්දියෙකි. පූජ්‍ය පක්‍ෂයෙන් හා දිළිඳු අයගෙන් ප්‍රතිකාර සඳහා සතයකුදු අය නොකරන මේ වෙදැදුරාණන්ගේ සියලු කාර්යයන් නිවස ආසන්නයේ තනා ඇති වෙද මැදුරේදී කෙරෙන බව අපට දැකගත හැකිවිය.

බානගල වෙද පරපුරේ පාලිත බානගල වෙදැදුරුතුමෝ 

විමලසිරි අගලකඩ

උපුටා ගැනීම දිවයින පුවත් පත

Share This Article

හදිසියේ ඇතිවන ක්ලාන්තයට කළ යුතු පිළියම්

අපගේ ශරීරයේ අපේ පාලනයකින් තොරව ක‍්‍රියාත්මක වන ස්වයං සාධක ස්නායු පද්ධතියට අයත් ප‍්‍රත්‍යානුවේගී ස්නායුවක ක‍්‍රියාකාරීත්වය නිසා, ක්ලාන්තය සිදු වේ. නමුත් මේ...

සිත් බිඳීම් සුව වෙන්න කාලයක් ගතවෙනවා

දැඩි සිත් ‍බිදීමකට මුහුණදීමෙන් පසුව ඉදිරියේදී කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය නිතර නිතර අපගේ සිතට නැ‍ඟෙන දෙයකි. එම සිදුවීමට මුහුණ...

පිළිස්සීමට නිවිති කොළ බටර්වලින් අඹරා ගාන්න

අනපේක්ෂිත අවස්ථාවලදී සමහර පූද්ගලයන්ට පිළිස්සීම වැනි භයානක තත්ත්වවලට මූහූණ දෙන්නට සිදු වෙනවා. එවැනි පිළිස්සීමකදී ඇතිවන දෑවිල්ල සඳහා කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක්...

කෝපි බොන්නේ පරිස්සමෙන්

කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඞ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. ආමාංශයේ ඇසිඩ් උත්තේජනය වීම...

නාඩි වෛද්‍ය විද්‍යාව හෘද නාඩිය බලපෑමෙන් හදවතෙහි මතුවන ආතරයිටීස්‌

නාඩි වෛද්‍ය විද්‍යාව යටතේ ආතරයිටීස්‌ රෝගය ශීර්ෂ, හෘද උදර සහ බල යන ප්‍රධාන නාඩි හතර ආශ්‍රිතව ඇතිවන බව සෘෂි වෛද්‍යවරු පවසා...

ඇසේ සුද කපන්න බෙහෙත් නෑ ඇසේ පීඩනයයි අධි රුධිර පීඩනයයි අතර කිසිම සබඳතාවකුත් නෑ

ඇසේ සුද ඇතිවීම පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කළ හැකි ද?අපගේ ඇස කරා ගලා එන ආලෝක ධාරාවන්, අපට පෙනුම සලසන කුහරයේ පසුපස...