මලපහ පරීක්ෂණයෙන් මහා අන්ත්‍රයේ රෝග ගණනාවක් සොයා ගත හැකියි

මලපහ පරීක්ෂණයෙන් මහා අන්ත්‍රයේ රෝග ගණනාවක් සොයා ගත හැකියි

අප ශරීරයේ අවයව අතරින් ආහාර ජීර්ණ පද්ධතියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ශරීරයේ නිරෝගී පැවැත්මට මෙන්ම රෝගී වීමටත් මෙම පද්ධතිය වැදගත් වෙනවා. නමුත් මෙම පද්ධතිය කලක් ගතවද්දී රෝගී වීමට පුළුවන්. එහෙත් එම රෝගී තත්ත්වයන් එක්වරම හඳුනාගත නොහැකියි. මේ සඳහා විිවිධ පරීක්ෂණ කළ යුතුයි. ආහාර ජීර්ණ පද්ධතිය රෝගී වීම සොයා ගැනීමට කෙරෙන පරීක්ෂණ අතරින් මලපහ පරීක්ෂාව වැදගත් තැනක් ගන්නවා. විශේෂයෙන් මලපහ සමඟ රුධිරය පිට වෙනවා ද යන්න සොයා ගැනීමට මලපහ පරික්ෂණය කෙරෙනවා. මලපහ සමඟ රුධිරය පිටවීමට බලපෑහැකි ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන පිළිකාමය තත්ත්වයක් හෝ රුධිර ගලනය වන තුවාලයක් විය හැකියි. මෙය සොයා ගැනීම සඳහා මලපහ පරික්ෂණය කළ යුතුයි. මලපහවල පවතින රුධිරය මෙවැනි රෝගී තත්ත්වයකදී පියවි ඇසට නොපෙනී තිබිය හැකියි. නමුත් මලපහ පරීක්ෂණයකදී මලපහවල රුධිරය ඇත් ද යන්න නිවැරදිව තහවුරු කරගත හැකි වෙනවා. මලපහ සම්පූර්ණ පරික්ෂණයේදී (FR) ආහාර ජීර්ණ පද්ධතියේ පණු බිත්තර, පණුවන්, රතු රුධිර සෛල, සුදු රුධිරානු සෛල වෙනත් ආසාදන හෝ මහා අන්ත්‍රය ආශි‍්‍රත රෝගී තත්ත්ව ඇත් ද යන්න සොයා බැලිය හැකියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 ඉක්මවූ පසු මහා අන්ත්‍රයේ පිළිකා අවදානම වැඩි වෙනවා. මහා අන්ත්‍රයේ පිළිකා අවදානම හෝ තුවාල ඇත්ද යන්න සොයා බැලීම සඳහා මලපහවල රුධිරය ඇත්දැයි යන්න සොයා බැලෙන පරීක්ෂණය කළ යුතුයි. රෝගයක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම මඟින් බොහෝවිට නිට්ටාවට සුව කළ හැකියි. එහිදී රෝගයක් මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ ස්ක්‍රීනින් ටෙස්ට් (Screening tests) ලෙස හඳුන්වනවා.

මලපහවල සැඟවුණු රුධිරය ඇත්දැයි සොයා බැලීම සඳහා ඔකල්ට් බ්ලඩ් ටෙස්ට් (Occult blood test) නම් පරීක්ෂාව කෙරෙනවා.

මලපහ පරීක්ෂණයෙන් මහා අන්ත්‍රයේ රෝග ගණනාවක් සොයා ගත හැකියි

මහා අන්ත්‍රයේ ඇතිවන පිළිකාමය තත්ත්වයකදී මුල් අවස්ථාවේදී රුධිරය පිටවීමක් පියවි ඇසට දැකගත නොහැකියි. මේ නිසා මලපහවල රුධිරය ඇත්දැයි මේ මඟින් සොයා බැලෙනවා. මෙහිදී රුධිරයේ ඇති යකඩ හඳුනා ගැනීම කෙරෙනවා. මෙම පරීක්ෂණය සිදු කිරීමේදී රෝගියා, පැය 48කට පෙර සත්ව ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. රෝගියාගේ මලපහ සාම්පල වාර තුනකදී ලබා ගැනීම කෙරෙනවා. පළමු දින, දෙවැනි දින සහ තුන්වන දින ලෙස මෙම සාම්පල ලබා ගැනීම කෙරෙනවා. දින තුනකදී මලපහ සාම්පල ලබා නොගන්නේ නම් පළමු සාම්පලය ලබාගෙන ඊළඟ සාම්පලය ලබා ගැනීම සඳහා පැය 06ක් ඉක්ම විය යුතුයි. මෙම සාම්පල කුඩා බෝතලයකට ලබා ගැනීමෙන් පසු රසායනාගාරයේදී යකඩ සමඟ ප්‍රතික්‍රියා කරන රසායනික ද්‍රව්‍යයක් මලපහ සමඟ එක් කරනවා. මල පහවලට යොදන රසායනික ද්‍රව්‍යයේ වර්ණය වෙනස් වන්නේ නම් ඊට අනුව මලපහවල හීම් යකඩ ඇත්දැයි සොයා ගත හැකියි. එම පරීක්ෂණය පොසිටිව් නම් මලපහවල රුධිරය අන්තර්ගතව ඇතැයි නිගමනය කරනවා. එම නිගමනයෙන් පසු රුධිරය වහනය වන තුවාලය හෝ ගැටිත්ත සොයා ගැනීම සඳහා කොලොනස් කොපි පරීක්ෂාවකට රෝගියා යොමු කරනවා. එමඟින් ලබා ගන්නා පරීක්ෂණයෙන් පිළිකාමය තත්ත්වයක් ඇත්දැයි සොයා බලනවා. මේ වනවිට දියුණු තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන පරීක්ෂණ ද තිබෙනවා. (රේඩියෝ ඉමිනොඇසේ (Radioimmunoassay) මෙම පරීක්ෂණයේදී රෝගියා සත්ව ආහාර ගැනීම ගැටලු සහගතත වන්නේ නැහැ.

උපුටා ගැනීම දිණමින

Share This Article

පරපූරෙන් පරපූරට යන තැලසීමියාව

මධ්‍යධරණී ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිගට ව්‍යාප්ත වී ඉන්දියානූ අර්ධද්වීපයටත්, ඉන් අනතුරුව ආසියාතික රටවලටත් පැතිර ගිය තැලසීමියාව, ශ්‍රී...

රුධිර පීඩනය වැඩි රෝගීන්ටත් මුත්‍රා පරීක්ෂණයක්

අධි රුධිර පීඩනය වයස්ගත අයට හටගන්නා රෝගයක් ලෙස එදා හැඳින්වුවද අද ඒ තත්ත්වය බොහෝ වෙනස් වෙලා. තුරුණු වියේ පසුවන එනම් වයස...

සිරුරේ පැත්තක තාවකාලික හිරිය අංශභාගය හඟවන ලක්ෂණයක්

ආඝාතය, එසේත් නැතිනම්, අංශ භාගය අයහපත් ජීවන චර්යාවන්ගේ බලපෑම නිසා ද ඇති විය හැකි රෝගයකි. අත පය පණ නැතිව යාම, ඇවිද...

"කොරළ" හැදෙන කොටම ප්‍රතික

කොරළ රෝගය කියන්නෙ සමාජයේ සූලභ දෙයක්. අත් හා දෙපා වල තමයි මේ රෝගය වැඩි වශයෙන්ම තියෙන්නේ. නමූත් මෙය සීඝ්‍රයෙන් වර්ධනය වන්නක්....

නිවස තුළින් භූතයකු පෙනී බෑණත් දියණියත් දබර වෙනවා

මීට වසර දෙකකට පමණ ඉහත සිට මගේ දියණිය සහ බෑණනුවන් අතර විවිධ ගැටුම් ඇති විය. එහෙත් ඒවාට පැහැදිලි හේතුවක් ද නොවීය....

ඔබ පෙළෙන වකුගඩු රෝගය විවාහයට බාධාවක් නොවේ

වයස අවු. 18ක් වන මාගේ වකුගඩුවලට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තෙමි. මේ හේතුවෙන් අනාගත විවාහ ජීවිතයට...