නිවැරැදි උපත් පාලන ක්‍රමය තෝරාගන්නේ කොහොමද?

නිවැරැදි උපත් පාලන ක්‍රමය තෝරාගන්නේ කොහොමද?

උපත් පාලන ක්‍රම අවශ්‍ය වෙන්නේ ඇයි?

උපත් පාලන ක්‍රම භාවිත කරන්නේ ස්වාභාවිකව දරු උපතක් පිළිසිඳ ගැනීම වළක්වා ගැනීමටය.

උපත් පාලන ක්‍රම භාවිත කළ යුතු වන්නේ කාන්තාවන් පමණද?

නැත. කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද උපත් පාලන ක්‍රම භාවිත කළ හැකිය.

උපත් පාලන කොපු භාවිත කිරීමේ වාසි කවරේද?

ඔබට මෙමඟින් බෝවන ලිංගික රෝගවලින් ආරක්ෂා විය හැකියි. එවැනි රෝග අතර හර්පීස්, ගොනෝරියා හා ලිංගික ඉන්නන් වැනි රෝග තමාට මෙන්ම වෙනත් අයට බෝවීමද මින් වළක්වා ගත හැකිය.

කාන්තාවන්ටම වෙන්වූ උපත් පාලන ක්‍රම ගැන සඳහන් කළොත්?

LRTනමින් හඳුනාගන්නා ස්ථිර උපත් පාලන ක්‍රමවේදයෙන් ඩිම්බ ප්‍රනාළ ගැටගසා වෙන් කිරීමක් සිදුවේ. එවිට දරු පිළිසිඳ ගැනීමක් ඇතිනොවේ. ඊට අමතරව,

  • ගිලින පෙති භාවිතය.
  • එන්නත් කිරීම.
  • ඔෟෂධ ගැල්වූ උපකරණයක් සම යට තැන්පත් කිරීම.
  • ලූපය ගර්භාෂයේ තැන්පත් කිරීම.
  • කාන්තාවන් පලඳින කොපු භාවිතය.

ශරීර අභ්‍යන්තරයට භාවිත වන උපත් පාලන ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරුඵල මොනවාද?

ඇතැම් ක්‍රම නිසා ආහාර රුචිය වැඩි වීම නිසා ඔබ ආහාර පාලනය නොකලහොත් තරබාරුකම ඇති විය හැකියි. ශරීරයේ වතුර රඳවා ගැනීම වැඩි කරන නිසා ශරීරය තරබාරු බව ඔබටම දැනීමට පුළුවන. හිසරදය, කරකැවිල්ල හා ඔක්කාරය ඇතිවීම වැනි තත්ත්ව කලාතුරකින් දැකිය හැකිය. නමුත් මෙයට බිය විය යුතු නැත. බොහෝ විට මෙම ලක්ෂණ පෙන්වන්නේ තාවකාලිකය.

හිසරදය, ඔක්කාරය වැනි තත්ත්ව කොපමණ කාලයක් පවතීද?

සති 2ක් පමණ තිබිය හැකිය. හෝමෝන ක්‍රියාවලියේ වෙනස්කම් ඇතිවීම නිසා මෙවැනි ලක්ෂණ පෙන්වුවද මෙය රෝගයක් නොවේ. මෙය නොසලකා හැරිය හැකිය.

උපත් පාලන ක්‍රම භාවිත කරන අතරතුරදීත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

විය හැකිය. මන්ද ඕනෑම උපත් පාලන ක්‍රමයක් සාර්ථක වීමේ සම්භාවිතාව 95%කි. 5%ක් අසාර්ථක වීමට හැකියාව ඇත. නමුත් මෙය සිදුවන්නේ කලාතුරකිනි.

මාසික ඔසප්වීමේ කාලය අතරතුරදීත් දෙදෙනෙක් ලිංගිකව එක්වීම සුදුසුද?

දෙදෙනාටම අපහසුතාවක් ඇති නොවේ නම් එම කාලය ඇතුළතදී වුවත් එක්වීමට පුළුවන.

පූර්ණ ලිංගික සංසර්ගයක් නොමැතිව ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

ඔව්. ගැබ් ගැනීමක් සිදුවීමට පූර්ණ ලිංගික සංසර්ගයක් වීම අත්‍යවශ්‍ය නැත. පුරුෂයන්ගේ ශුක්‍ර ධාතු දෙකලව අතර තැවරුණ විට ලිංගික අවයව තුළට ඇතුළු වීමෙන් ගැබ් ගැනීම සිදුවිය හැකිය. දරුවකු බලාපොරොත්තුවෙන් පුරුෂ ධාතු තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් මීට පිළිතුරකි.

කන්‍යා පටලය තිබියදීත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද?

ඔව්. කන්‍යා පටලය තිබියදී පවා ඒ තුළින් ශුක්‍ර ධාතු ඇතුළු වුවහොත් එය යෝනි මාර්ගයට ඇතුළු වී ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයශාලිකා රංගනී සමරදිවාකරඋපුටා ගැනීම මව්බිම

Share This Article

දණහිස් පොල්කටුවේ සැත්කම් නවතා ආතරයිටීස් සුව කරන හෙළ වෙද විස්කම

ආතරයිටිස් රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වන්නේ "සන්ධි ප්‍රදාහය" ලෙසයි. මෙයට බොහෝ හේතු බලපානව. වයස, අධික ලෙස සන්ධි ක්‍රියාකරවීම, ආහාර රටාව, විශේෂයෙන්...

උසට හරියන බර ති‍ඛෙනවා නම් කෙට්ටුව ප්‍රශ්නයක් නොවේ

මාසයකට කිලෝ 2කට වඩා බර අඩුකර ගැනීම අහිතකරයි.නිතර ලෙඩ රෝග හැදීම දරුවා කෙට්ටු වීමට ප්‍රධාන හේතුවක්. අධික කෙට්ටු බව එක් අයකුට...

මළබද්ධය නිසා හර්නියා හට ගන්න පූළුවන්

බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත රෝගයක් තමයි "හර්නියා". එහෙත් වැඩි දෙනෙක් හර්නියා කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. මොකක්ද මේ හර්නියා කියන්නේ?වෛද්‍ය විද්‍යාවට...

මේ කාලයේ ඉස්මතු වී එන ඇදුම හා පපුවේ මහන්සියෙන් මිදෙන්නට ආයුර්වේදයෙන් උපදෙස්

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව Bronchial Asthma ලෙස හඳුන්වන ඇදුම රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ශ්වාශ නොහොත් තමක ශ්වාශ යනුවෙන් හඳුන්වා දෙයි....

මොළයේ පිළිකා සුවකරන "රේඩියෝ සැත්කම"

තමන් මොළයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගැනීම ඕනෑම අයකුව තැති ගන්වන සුළු දැඩි වේදනාකාරී සුළු අත්දැකීමක්‌ වී තිබේ. මොළයේ පිළිකාවකට ගොදුරුවූ...

අක්ෂි රෝග 76 ක්

ඇස, මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයක් ලෙස හඳුන්වා දිය හැකියි. පංචම ඉන්ද්‍රියයන්ගෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි ඇස මඟින් අපට පෙනීම ලබා...