නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක්

නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක්

නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක් යොදා ගනිමින් කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වි ඇත‍්තේ එලෙස ගොරවන පුද්ලයන් වැඩි පිරිසකගේ ලේ කැටි ගැසීම් වලට ගොදුරු වන බවයි. එමෙන්ම ඔවුන්ගෙන් සියයට 80ක් හෘදයාබාධ වලට ලක්වන බව ද තහවුරු වී ඇත. නින්දේදී ගෙරවීම හඳුන්වන්නේ ඇප්නියාව යනුවෙනි. ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් මේ රෝගයෙන් පීඩා විඳිති. පිරිමි හතර දෙනකුගෙන් එක් අයෙක් ද ගැහැනුන් දහයකගෙන් එක් අයකු ද අප්නිවායට ගොදුරු වී ඇත. තද නින්දට පත්විමේ දී මාංශ පේෂීන් ඉහල්වේ. මේ නිසා බොහෝ දෙනකුට ගැටළු ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඇනෝපියාව ඇති පුද්ගලයකු හුස්ම ගැනීම තත්ත්පර 10 ට පමණ සිදු නොකරන බව ද පර්යේෂකයන් පවසයි. එවිට සිදුවන්නේ වාතය මෘදු පටක තුළ කම්පනයක් ඇතිකිරීම හේතුවෙන් ගෙරවීමේ ශබ්දය නිකුත්වේ. මේ සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ හෘදය හා මොලයට වන අනතුර වෙද්‍යවරු සිතනවාට වඩා වැඩි බවයි. චීනයේ සැන්ඩොන් සරසවියේ විද්‍යාඥයන් ඔවුන් කලින් කරණ ලද අධ්‍යනය 12 ක ප්‍රතිපල වලින් පෙන්වා දෙනු ලබන්නේ නින්දේදී අධික ලෙස ගොරවන්නන් ආඝාත තත්වයන් ට ගොදුරැ විමේ අවදානම දෙගුණයක් වන අතර සාමාන්‍ය ලෙස ගොරවන්නන් මෙම අනතුරු දායක තත්වයෙන් මිදි සිටින බවයි. බ්‍රිතාන්‍යය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෙදි තෙන්බි ඉන්කලා පවසන්නේ ඔබට මෙම තත්වය ගැන සැකයක් පවතීනම් ඒ බව වෙද්‍යවරයා සමග පැවසිම සුදුසු බවයි. තරබාරැ අය මෙම හෘදයාබාධ වැළදීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවද ඇය පවසන්නිය. මෙම තත්වයෙන් මිදිමට නම් මොවුන්ගේ ජීවන රටාව ව්‍යායාම කිරිම වැනි ක්‍රියාකාරකමි මගින් වෙනස් කරගත යුතු බවයි. උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

Share This Article

හිසකෙස්‌ සුදුවීම ප්‍රශ්නයක්‌ වෙලා ද?

කොණ්‌ඩය සුදු පැහැවීමට බොහෝ විට බලපාන්නේ ජානමය තත්ත්වයන්. අප ඉපදෙන විටම අපේ හිසකෙස්‌ මේ කාලයේදී සුදුපැහැවන බව අපේ ජානවලම සටහන් වෙලා...

හර්නියා ලකුණු දුටු වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න

හර්නියා ඇතැම් විට මාරාන්තික රෝගයක් විය හැකි බව ඔබ දන්නවාද? හර්නියාවක් යනු කවර රෝගයක් දැයි වැඩි දෙනා නොදැන සිටීමත් ඒ පිළිබඳ...

පාලනය කළ හැකි පීනස

අසාත්මිකතාවයක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වන පීනස රෝගය ලෝක ජනගහනයෙන් 10-25ත් අතර පිරිසක් පීඩා විඳිනු ලබයි. මෙමගින් ඇතැමුන්ට තමන්ගේ ෙදෙනික කටයුතු...

ඔබ විෂාදයෙන් පෙළෙන බව හඟවන ලක්ෂණ 8ක්‌

විශාදය කියන්නේ අද වන විට බොහෝදෙනා තුල දක්නට ලැබෙන තත්වයක්. විශාදය “21වන සියවසේ වසංගතය” ලෙස ඇතැම්විට හඳුන්වන්නේත් එය එතරම්ම සුලබ තත්ත්වයක්...

නිවස තුළින් භූතයකු පෙනී බෑණත් දියණියත් දබර වෙනවා

මීට වසර දෙකකට පමණ ඉහත සිට මගේ දියණිය සහ බෑණනුවන් අතර විවිධ ගැටුම් ඇති විය. එහෙත් ඒවාට පැහැදිලි හේතුවක් ද නොවීය....

ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස්

ඇපෙන්ඩිසයිටිස් (appendicitis) හෙවත් උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය බොහෝ විට තරුණ වයසේ අය අතරයි බහූල ව දකින්නට තිබෙන්නේ. ඒත් වයස් ගත වූ අය අතරත්...