යටිපතුල්වලට දහඩිය දාලා මේස් දෙක කුනු ගදයි!

යටිපතුල්වලට දහඩිය දාලා

ජීවිතයේ යම් ගැටලුවක් ඇති කෙනෙකුට ඒ ගැන ඇති හැඟීම කියා නිම කළ නොහැකියි. කෙනෙකුට නැති, තව කෙනෙකුට ඇති, සෞඛ්‍ය ගැටලුත් ඒ වගෙයි. මුළු ලෝකයේම ජනගහණය ගත්විට 1% ක් හෝ 2%ක් අසාමාන්‍ය දහදිය දැමීමෙන් පෙළෙනවා. සංඛ්‍යාත්මකව බැලූවිට මෙය සංකීර්ණ සෞඛ්‍ය ගැටලුවක් සේ නොපෙණුනත් එයින් කෙනෙකුට ඇතිවන අසීමිත වූ අපහසුතා නම් සුළුවෙන් ගත නොහැකියි.

අසාමාන්‍ය ලෙස දහදිය දැමීමට හේතුව කුමක්ද?

සිරුරේ ස්වේද ග්‍රන්ථි පමණට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටීම එක් හේතුවක්. එවැනි තත්ත්වයකදී මෙම ස්වේද ග්‍රන්ථි ශරීරය පුරාම විසිරී තිබිය හැකියි. නැතිනම් ශරීරයේ තැනින් තැන පමණක් ඒක රාශිවී තිඛෙන්නටත් පුළුවන්. ඊට අමතරව අසාමාන්‍ය ලෙස දහදිය දැමීමේ තත්ත්වය ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ඇතිවිය හැකියි. යම් පුද්ගලයෙකුට මේ තත්ත්වය උපතින් ඇතිවිය හැකියි. සමහරවිට ඊට යම් ජානමය බලපෑමකුත් තිබිය හැකියි. ඊට අමතරව දහදිය හා බැඳුණු වෙනත් රෝග තත්ත්වයක් මෙමඟින් පෙන්නුම් කරනවා විය හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත හෝ ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්වයක් නිසාත්, නැතිනම් දියවැඩියාව, පිළිකා තත්ත්වයක් නිසාත් කෙනෙකුට මෙසේ අසාමාන්‍ය දහදිය දැමීමත් සිදුවිය හැකියි. මීට අමතරව විවිධ ඖෂධ වර්ග ලබා ගැනීමේදීත් මෙලෙස අධික දහදිය දැමීමක් සිදුවිය හැකියි. අධික තේ, කෝපි භාවිතය ද හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙහි බලපෑම වැඩිපුරම තිඛෙන්නේ කෙබඳු අයටද?

නව යෞවනවියේ පසුවන දරුවන් කෙරෙන් මෙය වැඩිපුර දැකිය හැකියි. කුඩාම වයසේ දරුවන් කෙරෙනුත් මේ තත්ත්වය සමහරවිට දැකිය හැකියි. කුඩා දරුවන් ගැන සඳහන් කිරීමේදී දරුවන්ගේ හිසට දහදිය දැමීම බොහෝ මවුවරුන්ට ප්‍රශ්නයක් වෙනවා. නමුත් කුඩාම දරුවන්ගේ හිසට දහදිය දැමීම ඔවුන්ගේ හිසේ වර්ධනයක් සමඟ සිදුවන දෙයක්. ඒ නිසා එයට ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් පෙර සඳහන් කළ අයුරින් මෙහි වැඩි බලපෑම යොවුන්වියේ අයට ඇති බව හඳුනාගත හැකියි. විශේෂයෙන් පාසල්වියේ සිටින දරුවන් අතර මෙය වඩා සුලබයි.

අසාමාන්‍ය දහදිය දැමීම නිසා ඇතිවන ගැටලු 

මෙය අසහනකාරි තත්ත්වයක්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන කෙනෙකුට මෙයින් විශාල අවහිරයක් සිදුවන බව හඳුනාගත හැකියි. ඔවුන්ට කඩදාසිවල අකුරු ලියන්නට අපහසුයි. ඔවුන්ට තීන්ත පෑන් භාවිතා කිරිමට නොහැකියි. විශේෂයෙන් මෙවැනි දරුවන්ට විභාගයකට ලිවීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙනවා. නියමිත කාලය තුළ විභාගයට ලියා අවසන් කළ නොහැකියි. මේ නිසා ඉගෙන ගන්නා වයසේ දරුවන් දැඩි මානසික පීඩනයකටත් මුහුණ දෙනවා. විශේෂයෙන් සමාජයේ ගැවසීමේදී හා එදිනෙදා ජීවිතයේ කාර්යයන්වල නියැලීමේදී පුද්ගලයකුට මේ නිසා බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස එකිනෙකා අතර සිදුවන හමුවීමකදී මෙවැනි කෙනෙකුට තවත් පුද්ගලයකුට අතට අතදී කතා කළ නොහැකියි. එයින් ඇතිවන ලැජ්ජාව හා මානසික පීඩනයක් විශාලයි.

මෙවැනි තත්ත්වයක් නිසා විය හැකි හානිකර තත්ත්ව මොනවාද?

අධිකව දහදිය දැමීම නිසා විජලනයට පත්විය හැකියි. සම රැලි වැටිය හැකියි. අත්වල අසාමාන්‍ය සීතල ගතියක් ඇතිවිය හැකියි. මෙවැනි තත්ත්වයක් නිසා පුද්ගලයෙකු පහසුවෙන් ආසාදනවලට ගොදුරු විය හැකියි. ඒ නිසා මෙවැනි කෙනෙකු විශේෂයෙන් තමන්ගේ අත් වගේම දෙපා ඉතාමත් පිරිසිදුව තබා ගැනීම වැදගත්. ඒ නිසා කුඩා දරුවන් පටන් වැඩිහිටියා දක්වාම ශරීරයේ පිරිසිදුකම ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. වයසට යෑමත් සමඟ ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් හා සම ගොරෝසු වීමත් සමඟ මෙය ක්‍රමයෙන් අඩු වී යා හැකියි.

මේ සඳහා ප්‍රතිකාර කළ හැකිද?

මේ තත්ත්වය නිට්ටාවට සුවකළ නොහැකියි. විශේෂයෙන් උපතින් ඇතිවන තත්ත්ව. නමුත් විවිධ ප්‍රතිකර්ම මඟින් එය පාලනය කර ගත හැකියි. මෙහි මුලින් සඳහන් කළ පළමු තත්ත්වයේදී එනම් උපතින්ම මෙලෙස අසාමාන්‍ය ලෙස දහදිය දමන කෙනෙකුට ඖෂධ ප්‍රතිකාර මෙන්ම, සමහර අවස්ථාවල ශල්‍ය ප්‍රතිකාර ද කළ හැකි අවස්ථා ඇත. නමුත් එවැනි ශල්‍ය ප්‍රතිකාරයන් කළ යුතුද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ලබන තත්ත්වයක් වේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් අඩංගු ආලේපන එවැනි අයෙකුට පාවිච්චි කළ හැකියි. විශේෂයෙන් සිරුරේ යම් යම් ස්ථානවල පමණක් වැඩිපුර දහදිය දැමීම තිඛෙන අයට මෙවැනි ආලේපනයක් මඟින් මේ තත්ත්වය පාලනය කරගත හැකියි. නැතහොත් තාවකාලිකව යටපත් කළ හැකියි. කෙසේ වෙතත් මෙලෙස අසාමාන්‍ය දහදිය දැමීමක් සහිත අය වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්. එනම්, එමඟින් මේ තත්ත්වය වෙනත් යම් රෝග තත්ත්වයක් හේතුවෙන් පැන නැගුණ එකක් ද යන්න තහවුරු කර ගැනීමට එය වැදගත් වන බැවිණි.

සමුද්‍රිකා වර්ණකුල

උපුටා ගැනීම දිනමිණ පුවත් පත


Share This Article

උපන් ලප හානිකරද?

උපන් ලපයකින් මුහුණට ලැඛෙන හැඩකාරකමින් වැඩිපුර සතුටු වෙන්නේ කාන්තා පක්ෂයයි. උපන් ලපය පිහිටි ස්ථානය අනුව විවිධ අනාවැකි ද පැවසෙයි. වැඩිදෙනෙක් නොසිතුවාට...

හර්නියාවක් පිළිකාවක් බවට පත් වන්නේ නෑ

ගැමි වහරේ ‘අණ්ඩවාතය’ ලෙස හැඳින්වෙන ‘හර්නියා’ බොහෝ විට වේදනාකාරී නොවුණ ද වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුම රෝගී තත්ත්වයකි. ඊට හේතුව හර්නියා කුහරය...

නිතරම ඇග රිදෙනවා වැඩක් කරන්නම බැහැ

ඇතැම්විට වියපත් වීම නිසාම පමණක් නොව ශරීර අභ්‍යන්තරයේ වන විවිධ අපහසුතා නිසාද වේදනාකාරි තත්ත්වයන්ට ඔබත් මුහුණ දී ඇතුවාට සැකයක් නැත. මෙම...

නිසි පෝෂණය ලබාගෙන නිරෝගීව ජිවත් වන්නේ කොහොමද?

නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම දීර්ඝායු ලැබ යෙහෙන් ජීවත්වන්නට මං පාදන්නකි. ලොකු කුඩා බාල මහලු කොයි කාහටත් රෝබියෙන් තොරව සුවසේ දිවි...

ලේසර් ප්‍රතිකාරය පිළිකා කාරකයක්ද?

ලේසර් යනු ලේසර් කිරණ විශේෂිත ශක්තිජනක කිරණ වර්ගයකි. එහි අධික ශක්තියක් ගැබ්ව ඇත. එම කිරණ සමේ හෝ අනෙකුත් ඉන්ද්‍රියක ගමන් කිරීමට හැකි...

නිරෝගී නැති කිසිකෙනෙක් ලස්සන නැහැ

අප දිනෙන් දින වසරෙන් වසර වයසට යන විට තුරුණු බව ක්‍රමයෙන් අතුරුදන් වේ. මුළු ජීවිත කාලයම තාරුණයෙන් පිරිපුන්ව සිටීමට අප සියලුදෙනාම...