බසයේ දුම්රියේ යන ගමන් පොත් පත් කියවීම හොඳ වැඩක් නෙමෙයි
හාන්සිවෙලා පොත් බැලුවාට කමක් නෑ ඒත් පොත තිබිය යුත්තේ ඇස්වලට කෙළින් හිසරදය වරක්වත් නොහැදුණු කෙනෙක් මේ මිහිපිට සොයාගන්න නැති තරම්. එහෙත් එයට හේතු සොයන්නේ කීයෙන් කී දෙනා ද? නිවැරැදි ඇවතුම් පැවතුම්වලින් හිසරදය වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා කියයි. ඒ නිසා අප හිස රදය ගැන ඔහුගෙන් මෙසේ විමසමු.
හිසරදය ඇතිවන්නේ ඇයි?
එයට එක් හේතුවක් කියන්න බැහැ. ඔළුවේ කැක්කුමට හේතු සියයක් පමණ තිඛෙනවා. ඒත් පොදු වශයෙන් ගත් විට වැඩි හරියක් දක්නට ලැඛෙන්නේ ඉරුවාරදය නිසා ඇතිවන හිසරදයයි. ඇස් පෙනීමේ දුර්වලතා, කන් කැක්කුම, දත් කැක්කුම වැනි ව්‍යාධීන් නිසාත් ඔළුව කැක්කුම ඇතිවෙනවා. අපි ඔළුව කැක්කුමයි කියන්නේ මොළයේ සෛලවල ඇතිවන කැක්කුමක් නිසා නම් නොවේ. මොළයට යන රුධිරයේ ග්ලූකෝස් හා තවත් අයන වර්ගවල අඩුවීම නිසා අපේ මොළය ආවරණය වෙලා තිඛෙන මස්තිෂ්ක පටල නමින් හඳුන්වන කොටස් තෙරපීම නිසයි ඔළුව කැක්කුම ඇතිවෙන්නේ.
ඒ කියන්නේ මොළේ ගෙඩියක් හැදුණත් ඔළුව කැක්කුම ඒ ගෙඩිය නිසා ඇතිවෙන්නේ නෑ කියලා ද?
මොළේ ගෙඩියක් හැදුණාට ගෙඩිය නොවෙයි රිදෙන්නේ. ඒ ගෙඩිය ලොකුවෙලා අර කීව මස්තිෂ්ක පටල තෙරපෙන විට ඇතිවන ආතතිය නිසයි හිසරදය දැනෙන්නේ. අංශභාගය හැදුණු අයකුගේ වුණත් සියුම් රුධිර නාළ පිපිරුණු විට ඒවා රිදෙන එක නෙවෙයි සිදුවෙන්නේ. මොළයේ සංවේදී ස්ථානවලට එය දැනුණු විටයි හිසේ කැක්කුමක් දැනෙන්නේ.
මීට අමතරව තවත් හේතු තිඛෙනවාද?
ඔව්. හිස් කබල හා මොළයෙන් එළියට එන කපාල ස්නායු තෙරපීම, ඇස්වල පේශි විඩාවට පත්වීම නිසාත් හිසේ කැක්කුම් ඇතිවෙනවා. සියයට අනූවක් ම හිස රුදාව ඇතිවන්නේ හිස අවට පේශි ආතතිය නිසා හට ගන්නා රුධිර වාහිනි සංකෝචනය වීමෙන් හෝ මොළයේ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසයි.
මිග්‍රේන් නැත්නම් ඉරුවාරදයටත් හේතුව එය ද?
ඔව්. ඉරුවා රදේදී අපට ඇස්වලින් තරු පේනවා වගේ දැනෙනවා. ඇත්තම කීවොත් එය අපස්මාර විශේෂයක් නිසා හඳුන්වන්නත් පුළුවන්. අපේ ඔළුවේ නාඩි තදින් වැටෙනවා වගේ දැනෙනවා ‘ඩිං ඩිං’ ගානවා වගේ දැනෙන්නේ මිග්‍රේන් නිසයි.
ඉරුවාරදය කියන නම සමඟ හිරුගේ බලපෑමත්, ළිප, ගින්දර, තාපය, අව් රස්නය ආදියේ සම්බන්ධයක් තිඛෙනවාද?
නෑ. කිසිම සම්බන්ධයක් නැහැ. සමහරු හිතනවා ඉර නැඟෙනවිට ඉරුවාරදය හැදෙනවා. ඉර බහිනකොට හොඳ වෙනවා කියලා. නමුත් නමේ තේරුම රෝගයට ගැළපෙන්නේ නෑ. බඩගින්න, නිදිවැරීම, වාහනවල දිගටම යාම, මධ්‍යසාරවලින් හා දුම්වැටිවලින් ශරීරයට එකතුවන විස, ජලය හිඟවීම වැනි දේ තමයි ඉරුවාරදයට හේතුවන්නේ. නමුත් රස්නේ වෙලාවට දහඩිය දැමීම නිසා ශරීරයේ ජල මට්ටම අඩුවීමෙන් ඉරුවාරදය හැදෙන්නත් පුළුවනි.
හිසරදයට හේතුව පේශි හා රුධිරවාහිනී සංකෝචනය කියා ඔබ කීවා. එසේ සංකෝචනය ඇතිවන්නේ කෙසේද?
කාර්ය බහුල වූ විට, කේන්ති ආවිට, පොත්පත්, පරිගණක, රූපවාහිනී දෙස වැරැදි ඉරියව්වෙන් එක දිගට බලා සිටීම වැනි හේතු නිසා ගෙලෙහි හා උරහිස ප්‍රදේශයේ පේශි හැකිළී රුධිර වාහිනි සිහින් වීමට පුළුවන්. එවිට රැධිර සැපයුම අඩු වී හිස රදය හැදෙන්න හේතු ඇතිවෙනවා.
වැරැදි ඉරියව් ලෙස හඳුන්වන්නේ මොනවාද?
පත්තර, පරිගණක, ටෙලිවිෂන් බලද්දී ඇසට ඒවා කෙළින් ම පේන ආකාරයට, අපේ ඇඟට පහසු ඉරියව්වක සිටිය යුතුයි. ඇහැට ගැටලුවක් ඇති නොවන පරිදි ආලෝක ධාරා ගමන් කරන්නේ එවිටයි. පරිගණකයකට උඩින් හෝ පහළින් ඇස් මට්ටම පිහිටියොත් අප උඩ බලාගෙන නැත්නම් බිම බලාගෙන ඉන්නවා හා සමානවයි පරිගණකය දෙස බලන්නේ. එය ඇස්වල පේශීන්ට වෙහෙස කරයි. ඒ වැනි වැරැදි පිහිටීම්වල ශරීරය තබා ගැනීම තමයි වැරැදි ඉරියව්.
එසේ නම් හාන්සිවෙලා පොත් බැලීමත් වැරැදි ඉරියව්වක් ද? එය ඔළුව කැක්කුමට හේතුවක් ද?
හාන්සිවෙලා පොත් බැලුවට කමක් නෑ පොත පිහිටන්නේ හරියටම ඇසට කෙළින් නම්. ඇස් පියන් උඩට පහළට වන කෝණයක පොත්පත් තබාගෙන බැලීම නිසා ඇසට අපහසුවක් දැනෙන නිසායි නිදාගෙන පොත් බැලීම හොඳ නෑ කියන්නේ. පුටුවක නම් අංශක 90 ට සිටීමත්, ඇඳක නම් එකම රේඛාවේ පොළොවට ලම්භකව පොත හා ඇස තිබේ නම් එයින් හානියක් නෑ.
බස් රථ, වාහනවල ගමන් කරද්දී පොත්පත් කියවීමෙන් සමහරුන්ට හිසරදය මෙන් ම වමනයක් ඇති වෙනවා
සමහරුන්ට එහෙම වෙනවා තමයි. නමුත් වැඩිහිටි වයසට එද්දී අප පරිසරයට හුරු වන නිසා ඒ දේවල් ක්‍රමයෙන් මඟ හැරී යනවා. බොහෝ වේලාවට පොඩි ළමයින්ට තමයි වාහනවල යද්දී පොතපත කියෙව්වාම ප්‍රශ්න ඇතිවන්නේ. එයට හේතුව රථය ගැස්සෙන විට අපේ ඇසේ නාභිගත කිරීම වරින් වර වෙනස් වීම නිසා අධික වෙහෙසක් ඇසට දැනීමයි. ඔළුව කැක්කුම ඇතිවීම කෙසේ වෙතත් වාහනවල යන ගමන් පොත්පත් කියවීම, පරිගණකයේ වැඩ කිරීම හොඳ නෑ.
හිසරුදා වර්ග තිඛෙනවා ද?
ඔව්. අප කලින් කතා කළ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා ආතති හිසරදය හා රුධිර වාහිනී සංකෝචනය වීම නිසා හිසරදය ඇතිවෙනවා. ඉරුවාරදයත් ඒ හිස කැක්කුම්වලට අයිතියි. අනෙක් වර්ගය තමයි පොකුරු හිසරදය.
පොකුරු හිසරදය ඇතිවන්නේ කෙසේද?
එය ඇතිවන්නේ එක කාලයකටයි විතරයි. ඒ හැදෙන කාලෙට දවසට කිහිප විටක්ම ඔළුව කැක්කුම ඇතිවනවා. ඔළුවේ එකම තැන හෝ විවිධ තැන්වල කැක්කුම ඇතිවන්න පුළුවන්.
රුධිර පීඩනය වෙනස්වීම හිස රදයට හේතුවක් ද?
රුධිර පීඩනය අධික ලෙස වැඩි වුණොත් මිස ප්‍රෙෂර් නිසා හිසරදය හැදෙන්නේ නෑ. අනෙක හිසරදය කියන්නේ ප්‍රෙෂර්වල රෝග ලක්ෂණයකුත් නොවෙයි.
හිසරදය තිබියදී ව්‍යායාම කිරීම?
හොඳ නෑ. මොකද අප කළ යුත්තේ එය සුව වන දෙයක් මිස වැඩි වන දේ නොවෙයි. ව්‍යායාමවලදී දහඩිය සමඟ ජලය පිටවන නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇතිවීම හිසරදය වැඩි වීමට හේතු වන්න පුළුවන්.
නෑම කොහොමද මෙයට බලපාන්නේ?
සමහරුන්ට හිසරදය තිබියදී නෑවාම හොඳ වනවා. සමහරුන්ට එහෙම නෑ. පෞද්ගලිකව ගත්විට මට හිසරදයක් ආ විට වතුර ටිකක් හිසේ ගා ගැනීම සුව වීමට හේතුවක්. එය තම තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් අනුව තේරුම් ගත යුතුයි. සමහරුන්ට නාලා විවේක ගැනීම සුව වීමට බලපානවා. සමහරුන්ට සේලයින් පවා දෙන්න වෙනවා. ඒ, එක එක්කෙනාගේ හැටියටයි.
යම් යම් ආහාර වර්ග හිසරුදාවට හේතු වනවාද?
සමහරුන්ට එසේ වෙනවා. චීස්, සොසේජස්, සෝයා මීට්, රටකජු කෝපි වගේ දේවල් ආහාරයට ගත්විට සමහරුන්ට හිස කැක්කුම එනවා. එයට හේතුව ඒ අයට ඒ කෑමවල තිඛෙන ඇතැම් රසායන ද්‍රව්‍ය අගුණවීමයි.
ඒත් සමහරු හිස කැක්කුමට කෝපි බොනවනේ?
ඒකත් තම තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම අනුව අවබෝධ කර ගත යුතු දෙයක්. සමහරුන්ට කෝපිවල ඇති කැෆේන් අගුණයි. සමහරුන්ට එය ගාණක් නෑ. තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කෝපි බීම, කෑම වගේ දේවල් මනෝ විද්‍යාත්මකවත් බලපානවා. ඒ නිසා තමන්ට සුදුසු මොනවාද කියා තමන්ම සොයා ගැනීමත් ලෙඩේ ඉක්මනින් සුව වෙන්න හේතුවක්. උදාහරණයක් ලෙස පෞද්ගලිකව මට දවසට දෙවරක් නෑම අත්‍යවශ්‍යයි. එක් වරක් එය කරන්න බැරි වුණොත් හිතෙන් ඔළුව කැක්කුම වගේ දැනෙනවා. නෑවාම එය හරියනවා.
මේ හිසරද අතරින් වඩාත් වේදනාත්මක කුමක්ද?
ආතතිය නිසා හටගන්නා හිසරදය නම් එතරම් දරුණු නැහැ. හිස දෙපැත්තේ, ඉදිරිපස හෝ පිටුපස ප්‍රදේශයේයි හට ගන්නේ. එක දිගට පැවතී ඛෙහෙත් පෙති දෙකක් ගත් විට පහ වෙලා යනවා.
වඩා සුදුසු මොන පෙති වර්ග ද?
ඉරුවාරදය හෝ පොකුරු හිස රදය ඇති වූ විට පැරසිටමෝල් මගින් සුව කිරීම අපහසු නිසා එර්ගොටැමින්, අයිසො මෙතෙප්ටේන්, කොටිකොස්ටිරොයිඩ්, සමට්‍රිප්ටන් යන කාණ්ඩවලට අයත් ඖෂධ වෛද්‍යවරයකුගේ අනුමැතිය ඇති වට්ටෝරුවකට අනුව ලබාගත යුතුයි. ආතතිය නිසා හට ගන්නා හිස රදයට විවේකය, සමඟ ඇස්ප්‍රින්, ඉබියුප්‍රොතේන් හෝ පැරසිටමෝල් මගින් සහනයක් ලබාගත හැකියි.
ගැස්ට්‍රයිටීස් තත්ත්වයත් හිසරදයට හේතුවක් ද?
එහෙම සිදුවන්නේ හරි අඩුවෙන්. හැබැයි ගැස්ට්‍රයිටිස් නිසා ආහාර නොගැනීම, වමනය යාම නිසා ලවණ සාන්ද්‍රණය වෙනස්වීම වැනි දේ නිසා හිසරදය හට ගන්න පුළුවන්. සමහරුන්ට වමනය යාම සහනයක් සේ දැනුනත් එයින් විජලනය වීම නිසා වක්‍රාකාරව හිසරදයට ගැස්ට්‍රයිටිස් හේතු විය හැකියි. එවිට ජීවනි, තැඹිලිවලට සීනි දමා දීම වැනි දේවලින් සහනයක් ලැඛෙන්න ඉඩ තිඛෙනවා.
ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
ආතතිය පාලනයට කාල සටහනක් අනුව වැඩ කළ යුතුයි. ප්‍රමුඛතාව අනුව තමන්ගේ වැඩ යොදා ගැනීම, වේලාවට ආහාර ගැනීම, අවශ්‍ය පමණ නින්දක් ලැබීම, ආදිය මගින් ආතතිය පාලනය වනවා.
රාත්‍රි මුරයට වැඩ කරන අයගේ නින්දට මොකද වෙන්නේ?
අපි පරිසරයට අනුව හැඩ ගැහෙන වර්ගයක්. ඒ නිසා කලක් තිස්සේ යමක් පුරුදු කරන විට එයට අනුව අපේ රටාව හැඩ ගැසෙනවා. සාමාන්‍යයෙන් ඉපදුණු ගමන් සිට කුඩා දරුවන් පැය 18 ක පමණ නින්දක් ලැබිය යුතුයි. ශිෂ්‍යත්වය කරන වයසේ දරුවන් පැය 10 ක වත් නින්දක් ලබන්නම ඕන. උසස් පෙළ, සාමාන්‍ය පෙළ වයසට එද්දී එය පැය 8 ක් පමණ වුණාට කමක් නැහැ. වයස අවුරුදු 50 ට පසු එය පැය 7 ක් පමණ වනවා. වයස 60 - 70 න් පසු පැය 6 ක නින්දක් වුණත් ශරීරයට ඇති. ඊට පසු ආයෙත් නිදන පැය ගණන වැඩි වෙනවා. ඒ අනුව තමන්ගේ ශරීරයට අවශ්‍ය නින්ද තීරණය කර එය ලැබිය යුතුමයි.
සෙම්ප්‍රතිශ්‍යාව, පීනස රෝගවලදී හිසරදය හැදෙන්නේ ඇයි?
නහයේ වායු කෝටරක අවහිර වුණාම ඇතුළේ තිඛෙන වායු පීඩනය පිටත පරිසරයේ පීඩනයට වඩා වැඩි වෙනවා. යම් ප්‍රදාහයක් ඇති වූ විට ඒ අවට රතු පාට වීම, වේදනාව, රස්නය ගතිය, ඉදිමුම, නිසි ලෙස ක්‍රියා නොකිරීම සිදුවන බව වෛද්‍ය විද්‍යාවේ මූලික කරුණක්. නහය නිසා ඇතිවන ප්‍රදාහ ලක්ෂණ හිස වේදනාවට හේතුවක් වනවා. මීට අමතරව ඛෙල්ල හරවන විට හිස රුදාව එන්නේ සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් හෙවත් ඛෙල්ලේ කශේරුකා අතර කැල්සියම් තැන්පත්වී ඛෙල්ල හරවන විට පේශි තද වීම නිසායි. ඒ වගේ ම මොළයේ ධමනි ඇතුළත ප්‍රදාහ තත්ත්වයක් නිසා ඒ ප්‍රදේශ යේ කැක්කුම් ද හිසරදය හේතු වෙනවා.
කාන්තාවන්ට ආර්තව සමයේ හිස කැක්කුම් ඇතිවීමට විශේෂ හේතුවක් තිඛෙනවා?
හෝමෝන හා සම්බන්ධවයි ඒ හිස කැක්කුම එන්නේ. අපේ රටේ කාන්තාවන් ආර්තව වේදනාව ගැන කතා කරන්නේ නෑ. ලැජ්ජයි. නමුත් පිටරට එහෙම නෑ. ලිංගිකත්වය හංගාගෙන ප්‍රශ්න විසඳන්න බෑ. ආර්තව හැදෙන්නට පෙර ශරීරයේ වතුර එකතු වෙනවා. පූර්ව ආර්තව ආතතිය, පියයුරුවල වේදනාව, ශරීරය ඉදිමීම, ඔළුව කැක්කුම මේ අවස්ථාවේ ඇතිවන ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. ඒවා හංගාගෙන වේදනා විඳීම නොව විවෘතව කතා කර ඒවා සමනය කර ගැනීමයි හරි ක්‍රමය.
හිස රදයට ඛෙහෙත් පෙති ගත යුතුම ද?
හැම විටම අත්‍යවශ්‍ය නෑ. හුන් තැනින් නැඟිට අවට සිරි නැරඹීම, හිස හා උරහිස ප්‍රදේශ සම්බාහනය, ආතති හිසරදයේදී රස්නේ වතුරෙන් හිස පෙදෙස තැවීම, ඉරුවාරදයේ දී නලල මත අයිස් හෝ ඕඩිකොලොන් ගැල්වීම, නිස්කලංක තැනක සැහැල්ලුවෙන් සිටීම හෝ සිරුර ලිහිල් කරගැනීම, භාවනා කිරීම නැත්නම් අතුපංචර් චීන කටු ප්‍රතිකාරයට අනුව අතෙහි මහපටැඟිල්ල හා දබර ඇඟිල්ල අතර ප්‍රදේශය තද කරගෙන ටික වේලාවක් සිටීමෙන් හිස රදය සුව කරගත හැකියි.
වෛද්‍යවරයකු වෙත යා යුත්තේ හිස රදයේ කිනම් අවස්ථාවකදී ද?
සුව නින්දෙන් පසුවත් හිසරදය පවතී නම් හෝ නින්දේ දී හිසරදය මතු වේ නම්, වරින් වර ඉවසිය නොහැකි මට්ටමින් හිසරදය මතුවේ නම්, කහින, කිවිසුම් අරින විට හිසරදය වැඩිවේ නම්, හිසරදය සමඟ පෙනීමේ වෙනස්කම් ඇතිවේ නම් වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.
හිස රදයෙන් දුක් විඳීමට වඩා එය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුත්තේ කෙබඳු පිළිවෙත් ද?
අවශ්‍ය පමණ නින්ද, හිසරදය, ඇති කරන දේවල් ආහාරයට පානයට ගැනීමෙන් වැළකීම, එක දිගට යමක් කියවන්නේ නැතිව අතරමඟ ඇසට විවේකයක් ගැනීම, නිතිපතා ව්‍යායාමයේ යෙදීම, ආතතිය පාලනය කර ගැනීමට කාල සටහනකට අනුව කටයුතු කරමින් කාල කළමනාකරණය කිරීම.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේඅරුණි මුතුමලී උපුටා ගැනීම සිළුමිණ පුවත් පත