ඇදුම රෝගයට හිතුමනාපෙට ඛෙහෙත් බොන්න එපා

ඇදුම රෝගයට හිතුමනාපෙට ඛෙහෙත් බොන්න එපා

ඇදුම රෝගය සමාජයේ පැතිර පවතින අදටත් බොහෝ දෙනා පීඩා විඳින රෝගී තත්ත්වයකි. හුස්ම ගැනීමේදී හා පිට කිරීමේදී ගැටලුකාරී තත්ත්ව පෙන්නුම් කරන රෝග ලක්ෂණ මෙහිදී දැකගත හැකිය. ඇදුම රෝගයේදී සිදුවන්නේ රෝගියාගේ හුස්ම ගැනීමේ නාළ පද්ධතිය නොයෙක් සාධකවලට සංවේදී වීම නිසා එම නාළ ඉදිමීමකට ලක්වීමය. සෙම නිපදවීම නිසාත් මෙම නාළ අවහිර වීමෙන් මෙවන් තත්ත්ව ඇතිවීමට පුළුවන. මේ ආකාරයට ශ්වසන නාළ අවහිර වීමට පාරිසරික හේතූන් මෙන්ම ජානමය හේතූන්ද ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි. ජානමය හේතූන් නිසා ස්වසන නාළ අවහිර වන රෝගීන්ගෙන් මෙවැනි රෝග ලක්ෂණත් දැක ගැනීමට පුළුවන. ඒවා නම්,

  • උදේ කාලයේ කිවිසුම් යෑම හා ඇස් කැසීම
  • ඇතැම් අයට වරින් වර පාදයේ ඇතිවන දද සහිත ස්වභාවය ආදිය වේ. මෙවන් තත්ත්ව වෛද්‍ය විද්‍යාවේදී eczema යන නමින් හඳුනා ගනියි. එමෙන්ම ආසාත්මිකතා ඇති කරමින් මෙවන් රෝග ලක්ෂණ නිතර පෙන්වන්නේ ද ජානමය හේතූන් වලට ලක්වූවන්ය. මෙවන් රෝග ලක්ෂණ ඇති අයට ඇදුම රෝගය ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතියි.
  • පාරිසරික හේතූන් බොහෝ ඇදුම රෝගීන් සඳහා බලපෑම් කරන්නේ පාරිසරික හේතූන්ය. නමුත් එම හේතූන් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ ආකාරයට බලපෑම් ඇති කරයි.
  • ඇතැම් විට වාහනවලින් පිටවන දුම්
  • පිසීමේදී භාවිත කරන දර දුම
  • සිගරැට් දුම
  • බළලුන් හා සුනඛයන්ගේ ලොම්
  • පරිසරයේ පවතින දූවිල්ල, ඇස්ප්‍රින් වැනි ඖෂධ ලබා ගන්නා අයටත් ඇතැම් විට ඇදුම රෝගී තත්ත්ව ඇතිවීමට හැකිය. ස්ථුලතාවයෙන් පසුවන අයටත් ඇදුම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙම රෝග අවදානම පැවැතීමයි. එමෙන්ම අම්ල පිත්ත රෝගය ඇති අයත් ඇදුම රෝගයට ලක්වීමේ අවදානමක් පවතියි.

රෝග ලක්ෂණ :

  • ඇදුම රෝගීන්ට ඇතිවන රෝග ලක්ෂණ නම්,
  • හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම
  • පපුවේ තද ගතිය
  • වියළි කැස්ස පැවතීම
  • හුස්ම ගැනීමේදී ඇතිවන රාම් රූම් ශබ්දය
  • ඇදුම රෝගයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම රෝග ලක්ෂණ දවසේ විවිධ අවස්ථාවලදී වෙනස්කම් පෙන්වීමයි. එනම් ශ්වසන නාළවල අවහිරතා සිදුවන අවස්ථාවල එම රෝග ලක්ෂණ අඩු වැඩි වීමක් පෙන්නුම් කරයි. අලුයම් කාලයේ උදේ 3ත් 4ත් අතර ඉහත කී රෝග ලක්ෂණ වැඩි වශයෙන් ඇති වේ.
  • ඇදුම රෝගීන්ට මෙම රෝග ලක්ෂණ ඇති කිරීමට බලපෑම් කරන හේතූන් විවිධ වන නිසාත්, (උදා •- සත්ත්ව ලොම්, සිගරැට් දුම)
  • මෙවන් සාධක සමග ගැටෙන විට රෝගියාටම එම අපහසුතා දැනෙන බැවිනුත් එයින් වැළැකී සිටීම වඩාත් සුදුසුයි. මෙම හේතූන් රෝගියා අනුව වෙනස් වේ.

ප්‍රතිකාර :

ඇදුම රෝගය සඳහා නිර්දේශ කරන ඖෂධ වර්ග කිහිපයකි. එම ඖෂධ ලබා දෙන අවස්ථාව අනුව මෙලෙස වර්ගීකරණය වේ. එනම්,

  • රෝගය වැලඳුණු විට පහසුව ලබා දෙන ප්‍රතිකාර
  • රෝගය වළක්වන ප්‍රතිකාර වශයෙනි

මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශය මත පමණක්ම ලබාගත යුතුය. නමුත් බොහෝ දෙනා මෙවන් රෝග ලක්ෂණ මතුවූ වහාම ෆාමසියෙන් මෙම ඖෂධ මිලට ගැනීමට පුරුදුව සිටිති. එහෙත් එය එතරම් සොබ්‍යාරක්ෂිත නොවේ. එම නිසා වෛද්‍ය නිර්දේශ මත පමණක් මෙම ඖෂධ ලබා ගැනීම වඩාත් සුදුසුයි.

ඉන්හේලර් භාවිතය :

මෙය ඇදුම රෝගීන්ගේ ශ්වසන නාළවල අවහිරතා මග හරවන ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමයයි. මෙය කෙටිකාලීන හෝ දිගුකාලීන ප්‍රතිකාර ක්‍රමයක් ලෙසද භාවිත කළ හැකිය. මෙම උපකරණය භාවිත කරන නිසි ක්‍රමවේද පිළිබඳ රෝගියා දැනුම්වත් විය යුතුය. නැත්නම් එම ඖෂධ පෙණහලුවලට නිසියාකාරව යොමු නොවීමට හැකිය. එම නිසා වෛද්‍යවරයකුගෙන් අසා ඒ පිළිබඳ දැනුම්වත් වීම වැදගත්ය.

මව්බිම පුවත් පතඇසුරෙනි

Share This Article

මළ අක්‍රමව පිට වීමට බලපාන හේතු

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුට දිනකට මළපහ පිටවීම වාර දෙකක්‌ හෝ තුනක්‌ සිදුවිය යුතුයි.නමුත් කිසියම රෝග තත්ත්වයක පවතින විට එම රෝගයේ ලක්‌ෂණයක්‌ ලෙස...

ඇස කසනවා කඳුළු එනවා - Ocular allergy (Allergic conjunctivitis)

ඇස පණ මෙන් රැකගන්නා ඉන්ද්‍රියයකි. එසේ වුවද ඕනෑම අවස්ථාවකදී ඇසටත් අනතුරක් හෝ රෝගයක් බලපෑ හැකියි. ඇසට බලපාන විවිධ අසාත්මිකතාවයන් ද එවැනිය....

රුධිර පීඩනය වැඩි රෝගීන්ටත් මුත්‍රා පරීක්ෂණයක්

අධි රුධිර පීඩනය වයස්ගත අයට හටගන්නා රෝගයක් ලෙස එදා හැඳින්වුවද අද ඒ තත්ත්වය බොහෝ වෙනස් වෙලා. තුරුණු වියේ පසුවන එනම් වයස...

හෘදයාබාධයක් වැළඳුනු විටකදී දියයුතු ප්‍රතිකාර

ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4 ක පමණ දිය කොට රෝගියාට පොවන්න. කෘත්‍රිම ස්වසනය දීම අරඹන්න.රෝගියා තිරස්ව සැතපීමට...

සතුටු මුවයි සුවැති සිරුරයි

ගණන් නොගෙන සිටියාට, ප්‍රතිකාර දිනෙන් දින පමා කළාට සමහරවිට ජීවිත කාලයේම ප්‍රතිකාරයක් නොකර සිටියාට දන්ත රෝග කියන්නේ ලෝකයේ බහුලව රෝගය බව...

සමාජ භීතිකාව හෙවත් social Anxiety

ලැජ්ජාව කියල කියන්නේ අපි කටත් දැනෙන පොදු හැගීමක්. අලුතින් සම්මුඛ පරීක්ෂණයකට, එසේත් නැතිනම් විශ්ව විද්‍යාලයකදී හෝ ආයතනයකදී යම් ඉදිරිපත් කිරීමක් කරන...