ඒඩ්ස් මාරාන්තික වීමට හේතුව
1980 දශකයේ මුල් භාගයේ සිට මේ දක්‌වා දැනට වසර 33 ක් තිස්‌සේ මහා භීතියක් ලෝකය පුරා පැතිරී යනවා. ඒ භීතියට වගකිවයුත්තේ අන් කිසිවෙක් නොව ඒඩ්ස් රෝගයයි. දැනටමත් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක් මේ රෝගයෙන් මරණයට පත්ව සිටින අතර, තවත් එවන් වූ කිහිප ගුණයක පිරිසක් මරණය දැක දැක ජීවත් වෙමින් සිටිති. දෙසැම්බර් 01 දින ලෝක ඒඩ්ස් දිනය ලෙස සැළකෙනවා.
මොකක්‌ද මේ ඒඩ්ස් කියන්නේ?
ඒඩ්ස් ලෙස හැඳින්වෙන්නේ වෛරසයක් හේතුවෙන් මනුෂ්‍ය ශරීරයට ඇති වෙන රෝගයක්. AIDS කියන අකුරු හතරෙන් කියවෙන්නේ Acquired Immune Deficiency Syndrome කියන එකයි. මේකෙ තේරුම -නතුකරගත් මානව ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‌ෂණය, කියන එකයි. පුද්ගලයන් රෝගී වීමට බොහෝ සෙයින් හේතු වෙන්නේ වෛරස් බැක්‌ටිරියා හා දිලීර වැනි ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයයි. ඒඩ්ස් කියන්නෙත් වෛරසයක් නිසා මනුෂ්‍යයන්ට ඇතිවන රෝගයක්. මේක මුලින්ම මිනිසාට සම්ප්‍රේෂණය වුණේ අප්‍රිකානු කොළ වඳුරාගෙන් කියලයි සැලකෙන්නේ.
මොකක්‌ද මේ වෛරසය?
ඒඩ්ස් හැදෙන්න මුල් වෙන්නේ එච් අයි වී (HIV) කියන වෛරසයයි. HIV කියන ඉංග්‍රීසි අකුරු 3 පාවිච්චි කරන්නේ Human Immune Deficiency Virus කියන එකටයි. ඒඩ්ස් හැදුන රෝගියෙකු මුල්වරට ලෝකෙන්ම සොයාගත්තේ 1981 වර්ෂයේදී ඇමරිකා එක්‌සත් ජනපදයෙන්. ශ්‍රී ලංකාවේ පළමුව ඒඩ්ස් රෝගියෙක් සිටින බවට වාර්තා උනේ 1986 දි. ඔහු විදේශිකයක්. 1987 දී පළමු ශ්‍රී ලංකීක ඒඩ්ස් රෝගියෙකු සිටින බව අනාවරණය කරගන්ට වෛද්‍යවරු සමත් වුණා.
ඒඩ්ස් හැදුනම මොකක්‌ද වෙන්නේ?
HIV වෛරසය ආසාදනය පත්වූ විට මිනිස් ශරීරයේ පිහිටි ප්‍රතිශක්‌ති පද්ධතියේ කොටස් විනාශ වෙලා ස්‌වභාවික ප්‍රතිශක්‌තිය ඌන වෙනවා. සාමාන්‍ය පුද්ගලයකු ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයක් හැදුනාම තමන්ගේම ප්‍රතිශක්‌ති පද්ධතිය මගින් එම ආසාදනය වුණ ක්‌ෂුද්‍ර ජීවියාට එරෙහිව සටන් කරල රෝගය මැඩ පවත්වන්න පුළුවන්. නමුත් HIV වෛරසය ආසාදනය වුණාම මේ කියන ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාමාර්ගය අඩපණ වෙනවා. HIV වෛරසයට එරෙහිව සටන් කරල ජයගන්ට හැකියාවක් මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිශක්‌තීකරණ පද්ධතියට නෑ. මේ වෛරසයෙන් මනුෂ්‍ය ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය තමන් වෙත නතුකරගෙන මනුෂ්‍යයාට වැළදෙන අනෙකුත් රෝගවලට එරෙහි ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය බිඳ දමනවා. ඒ නිසා තමයි මේක -නතුකරගත් මානව ප්‍රතිශක්‌ති ඌනතා සහ ලක්‌ෂණය, ලෙස හඳුන්වන්නෙ. ඉතින් මෙවැනි HIV ආසාදිතයෙකුට රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැතිව යනවා.මේ නිසා සිදුවෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්‌ස වැනි පහසුවෙන් බෝවෙන රෝගවලට ගොදුරු වෙලා ඉක්‌මනින්ම මරණයට පත් වීමේ අවදානමක් ඇතිවීම.
ඒඩ්ස්‌වලට බෙහෙත් නැද්ද?
රෝගයකට ඖෂධ ලබා දීමෙන් කරන්නේ රෝගය ඇති කිරීමට හේතු වූ සාධකය ඉවත් කිරීම හෝ එම සාධකය විනාශ කර දැමීමයි. HIV වෛරසය ආසාදනය වුණාට පස්‌සේ ඒක ශරීරයෙන් අයින් කරල දාන එක ඉතා අසීරු දෙයක්. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒඩ්ස් රෝග කාරක HIV වෛරසයේ ස්‌වභාවය නම් එය නිබඳ වෙනස්‌කම්වලට භාජනය වන වෛරසයක් වීමයි. ඒ නිසා ආසාදිත HIV වෛරසය විනාශ කර දැමීමයි කළ යුත්තේ.. ඒඩ්ස් රෝගකාරක විෂබීජය පරාජය කිරීමට සමත් ඔසුවක් තවමත් හඳුනාගෙන නොමැති නමුත් ඖෂධ මගින් ශරීරගතව පවතින රෝගියාට ඇතිවන සංකූලතා අවම කරගන ඔහුගේ ජීවිත අපේක්‌ෂාව සැලකිය යුතු කාලයකින් ඉහළ නංවාගන්න පුළුවන්.
HIV බෝ වෙන්නෙ කොහොමද?
1. HIV ආසාදිතයෙකු සමග අනාරක්‌ෂිත ලිංගික ක්‍රියා පැවැත්වීමෙන්
2. ආසාදිත කාන්තාවකගේ මව්කිරි මගින්
3. ආසාදිතයාගේ රුධිරය ස්‌පර්ශ වීමෙන් ආසාදිතයෙකුගේ රුධිරය සම සිදුරු වීමක් හරහා ශරීරගත වීමෙන්
4. රුධිර පාරවිලයනයෙන් (කීර්තිමත් ළමා වෛද්‍යවරියක මෙන්ම දහස් ගණනක් වූ වෛද්‍ය සිසුන්ගේ ගුරුවරියක වූ අභාවප්‍රාප්ත මහාචාර්ය කාමලිකා අබේරත්න මහත්මිය(1934 - 2004) රුධිර පාරවිලයනය මගින් HIV ආසාදනය වූ කාන්තාවක්..)
5. මත්ද්‍රව්‍ය අන්තර් ශිරා නික්‌ෂේපණය කිරීමේදී HIV ආසාදනය වෙන්න පුළුවන් (එන්නත් කටු හවුලේ භාවිතයෙන්.)
HIV බෝ වෙන එක වළක්‌වගන්නෙ කොහොමද?
1. අනාරක්‌ෂිත ලිංගික ක්‍රියා පැවැත්වීමෙන් වැළකී සිටීම.
2. ආසාදිත කාන්තාවකට මව්කිරි බොන වයසේ ළදරුවෙකු සිටී නම් ඇය එම දරුවාට මව්කිරි ලබාදීමෙන් වැළකී සිටීම.
3. ආසාදිතයන් ඇසුරු කිරීමේදී රුධිරය සහිත තුවාල ස්‌පර්ශ නොවන පරිදි කටයුතු කිරීම
4. රුධිර පාරවිලයනය කිරීමේදී ඒවා පිරිසිදු රුධිරය බවට 100%ක් ම සහතික කරගැනීම.
5. අන්තර් ශිරා නික්‌ෂේපණය මගින් මත්ද්‍රව්‍ය භාවිතය හවුලේ සිදු නොකිරීම.
මේ විදිහට නම් ඒඩ්ස් බෝ වෙන්නෙ නෑ.
සිප ගැනීම, කිවිසීම, කැස්‌ස, පිඟන්, කෝප්ප හවුලේ භාවිතය, නාන කාමර, වැසිකිළි, නාන තටාක ආදිය හවුලේ භාවිතය, කෘමි දෂ්ටන, ජීවාණුහරිත එන්නත් කටු භාවිතය.
HIV ආසාදිතයෙකු කෙරෙහි ප්‍රකට කළ හැකි රෝග ලක්‌ෂණ කිහිපයක්.
- වසාග්‍රන්ථි ඉදිමීම (මෙය මුල් අවස්‌ථාවේදී ම HIV ආසාදිතයෙකුට පහළ වන ලක්‌ෂණයයි)
- බඩ බුරුලට යැම
- බර අඩුවීම
- උණ
- කැස්‌ස, ශ්වසන අපහසුතාවය
HIV ආසාදිතයා වසර ගණනක් ඇවෑමෙන් ඒඩ්ස් රෝගියෙකු බවට පත්වීමෙන් අනතුරුව රෝගය හඳුනාගත හැකි ලක්‌ෂණ වඩාත් හොඳින් දකින්න පුළුවන්. HIVආසාදිතයෙකු ඒඩ්ස් රෝගියකු බවට පත්වීමට වසර 10ක් පමණ ගත වෙන්න පුළුවන්. හරි හැටි පෝෂණයක් නොමැති නම් රෝගය තරමක් කලින් උත්සන්න වෙනවා. HIV ආසාදනය වීමෙන් වසර 7 - 8 කට පමණ පසු රෝගියා වඩා දරුණු ආසාදන හා සංකූලතාවලට ලක් වී HIV ආසාදිතයා, AIDS රෝගියෙකු බවට පත්වෙනවා. HIV ආසාදිත තත්ත්වය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වීමෙන් පස්‌සෙ රෝගියා ඉතා පහසුවෙන් විවිධ ආසාදනවලට නතු වෙනවා. ධචචදරඑමබසිඑසජ සබෙeජඑසදබ ලෙස හඳුන්වන්නේ මේ තත්ත්වයයි. මෙලෙස ඇතිවන රෝග තත්ත්වයන් කිහිපයක් පහත දක්‌වා තියෙනවා.
- රාත්‍රීකාලයේ අධික ලෙස දහඩිය වැගිරීම.
- ගැහෙන උණ (මෙය 100 F ඉක්‌මවා යන අතර සති කිහිපයක් අල්ලයි).
- වියළි කැස්‌ස
- ශ්වසන අපහසුතාව
- බඩ බුරුලට යාම
- දිවේත් මුවේත් සුදු පැහැති ලප හෝ අසාමාන්‍ය ස්‌ථාන
- හිසරදය
- පෙනීම බොඳවීම / විරූප වීම
- ශරීර බර අඩුවීම
HIV සඳහා පරීක්‌ෂණ
අපි යම් වෛරසයක් මගින් ආසාදනයට ලක් වී ඇති බව නිශ්චිතවම තහවුරු කරගන්න නම් විශ්වාසදායී අන්දමේ රසායනාගාර පරීක්‌ෂාවක් කරගත යුතුයි. මෙහිදී රුධිරය, මළ මුත්‍රා වගේම ඛේටය පරීක්‌ෂා කරනවා. HIV වෛරසය ශරීරය තුළ තියෙනවද කියලත් මෙවැනිම රුධිර පරීක්‌ෂාවකින් හොයාගන්ට පුළුවන්.
බෙහෙත් නෑ. ඇයි ඒ?
රෝගයකට ඖෂධ ලබා දීමෙන් කරන්නේ රෝගය ඇති කිරීමට හේතු වූ සාධකය ඉවත් කිරීම හෝ/හා එම සාධකය විනාශ කර දැමීමයි. HIV වෛරසය ආසාදනය උනාට පස්‌සේ ඒක ශරීරයෙන් අයින් කරල දාන එක ඉතා අසීරු දෙයක්. ඒ නිසා ආසාදිත HIV වෛරසය විනාශ කර දැමීමයි කළ යුත්තේ. ඒ සඳහා ඖෂධයක් සොයා ගැනීම ඉතා අපහසුයි. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඒඩ්ස් රෝග කාරක HIV වෛරසයේ ස්‌වභාවය නම් එය නිබඳ වෙනස්‌කම්වලට භාජනය වන වෛරසයක් වීමයි. ඒඩ්ස් රෝගකාරක විෂබීජය පරාජය කිරීමට සමත් ඔසුවක් තවමත් හඳුනාගෙන නොමැති නමුත් ප්‍රතිරෙට්‍රොවෛරස කාණ්‌ඩයට අයත් ඖෂධ මගින් ශරීරගතව පවතින HIV වෛරස සංඛ්‍යාව අවම මට්‌ටමක පවත්වා ගන්න පුළුවන්. මේ අනුව රෝගියාට ඇති වන සංකූලතා අවම කරගත හැකි වන අතර ඔහුගේ ජීවිත අපේක්‌ෂාව සැළකියයුතු කාලයකින් ඉහළ නංවාගන්නත් පුළුවන්.
මධුෂාණි විඡේවර්ධන
උපුටා ගැනීම දිවයින පුවත්පත