කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන හිස්‌හොරි

කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන හිස්‌හොරි

කාන්තාවන්ට කොතරම් ලස්‌සන කොණ්‌ඩයක්‌ තිබුණත් හිස්‌හොරිවලින් ඇතිවෙන්නේ අවලස්‌සනක්‌ වාගේම කරදරයක්‌. පිරිමින්ටත් හිස්‌හොරි ඇතිවිය හැකියි. ඇත්තටම මෙය චර්ම රෝගයක්‌ද? ප්‍රතිකාර ගතයුතු තත්ත්වයක්‌ ද? නිට්‌ටාවට සුව කළ හැකිද? අපි විමසා බලමු.

හිස්‌හොරි ලෙස හඳුන්වන්නේ එග්සීමා හෙවත් රක්‌තයා තත්ත්වයයි. සාමාන්‍යයෙන් සමේ ඇතිවන එග්සීමාවලට වඩා හිස්‌ කබලේ ඇතිවන මෙම තත්ත්වය වෙනස්‌ වෙනවා. හිස්‌ කබල මත ඇතිවන හිස්‌හොරි මුල් අවස්‌ථාවේදී දැකගත හැකි වන්නේ හිසෙහි සම ගැලවී යන ආකාරයටයි. නමුත් මෙම රෝග තත්ත්වය වඩාත් තීව්‍ර වන අවස්‌ථාව වන විට එම සම රතු පැහැවීම, කුඩා බිබිළි ඇතිවීම දක්‌වා වර්ධනය විය හැකියි. තවත් මෙම ප්‍රදේශ කැසීමට ලක්‌විය හැකියි. හිස්‌හොරි හෙවත් එග්සීමා ඇතිවෙන්නේ ශරීරයේ රෝම සහිත තෙල් නිෂ්පාදනය වන ග්‍රන්ථි ආශ්‍රිතවයි. නැතහොත් දහඩිය දමන තැන් ආශ්‍රිතවයි. අපි සාමාන්‍යයෙන් ශරීරයේ තෙල් නිෂ්පාදනය වැඩි තැන් ලෙස හඳුන්වන හිස, කිහිළි, ඉකිලි පිට, පපුව, යටිබඩ වැනි තැන්වලත් මෙම එග්සීමා තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක්‌ තිඛෙනවා. මුල් අවස්‌ථාවේ පවතින එග්සීමාව පොතු ආකාරයට ගැලවී යාමක්‌ දැකගත්තද එය ක්‍රමයෙන් උග්‍ර තත්ත්වයට පත්විය හැකියි. ශරීරයේ එක්‌ ප්‍රදේශයක හටගන්නා හිස්‌හොරි සාමාන්‍යයෙන් ශරීරයේ තවත් තැන්වලට පැතිර යා හැකියි. ඇතැම් පුද්ගලයන්ගේ කට වටේ ලස්‌මයිල්ලයින්ල ලෙස හඳුන්වන ප්‍රදේශය තද කළු පැහැයෙන් දිස්‌වෙනවා. අපි දැකලා තියෙනවා. ඔවුන් හිතන්නේ මෙය අව්වට පිළිස්‌සුණු විට ඇතිවන තත්ත්වයක්‌ කියලා. නමුත් මෙය එග්සීමා තත්ත්වයක්‌ බව නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. විශේෂයෙන්ම මෙම රෝග තත්ත්වය සඳහා චර්ම රෝග විශේෂඥවරයෙකු ලවා ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා. හිතුමතේ ආලේපනය භාවිතය හා රූපලාවන්‍යාගාර හරහා ප්‍රතිකාරවලට යොමුවිම රෝගී තත්ත්වය උත්සන්නවීමට හේතුවිය හැකියි.

පවුලේ එක්‌ අයෙකුට හිස්‌හොරි තිඛෙන විට ඔහු පාව්ච්චි කරන තුවාය, කොට්‌ටඋර, ඇඳ ඇතිරිලි, පනාව මගින් මෙය තවත් කෙනෙකුට බෝ විය හැකි යෑයි බොහෝ දෙනෙකු සිතනවා. නමුත් හිස්‌හොරි හෙවත් එග්සීමා තත්ත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගී තත්ත්වයක්‌. හිස්‌හොරිවලට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් දිලීර නාශක ඛෙහෙත් පාවිච්චිය සඳහා ලබා දෙනවා. කීටෝකන්සෝල් නැමැති දිලීර නාශක ශැම්පු වර්ග පාවිච්චිය සඳහා උපදෙස්‌ ලබාදෙන්නේ මේ නිසයි. පෙට්‌රීයස්‌පෝරම් ඕවාලේ නැමැති දිලීරය හිස්‌හොරි කියන එග්සීමාව තුළ අන්තර්ගත නිසා හිස්‌හොරි ශරීරය තුළ දිගින් දිගටම පැතිර යන්න මෙම දිලීරය උදව් කරනවා. හිස්‌හොරි ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක්‌ වුවත් මෙම දිලීරය හේතුවෙන් ශරීරය මත දිගින් දිගටම පවත්වාගෙන යාමේ හැකියාව ලැඛෙනවා. එම නිසා කෙනෙකුගේ පෞද්ගලික පිරිසිදුතාවය ආරක්‍ෂා කරගැනිම හිස්‌හොරි මැඩලීමේ පළමු පියවරයි.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාසසාකච්ඡා කළා - හරින්දී ලියනගේඋපුටා ගැනීම නවලිය පුවත් පත

Share This Article

පොතුකබර රෝගය පාලනය කළ හැකියි - නොපමාව ප්‍රතිකාර වෙත යොමුවන්න

පොතුකබර නම් සමේ ඇති වන්නා වූ කුෂ්ට රෝගය නිසා අද ජන සමාජයේ ඇතැමෙක් සිත්තැවුලෙන් කාලය ගත කරන්නට පුළුවන. එහෙත් සිත්තැවුලෙන් ජීවත්...

සමනළ ග්‍රන්ථිය හදන ලෙඩ රෝග!

තයිරොක්සින් හෝමෝනය (T4) ඉන් ප්‍රධාන වන අතර ඊට අමතරව T3 හෝමෝනය අඩු ප්‍රමාණයකින් ස්‍රාවය වේ. එහෙත් ශරීරයේ වඩා ක්‍රියාකාරී වන්නේ T3...

ලෙඩක් නෙවෙයි. ඒත් ඉස්හොරි වගේ පේන දිලිර රෝගයකුත් තිබෙනවා

සුදු පැහැති කුඩා පොතු කැබලි සේ හිසකෙස් අතරින් මතුවන ‘ඉස්හොරි’ සැබැවින් ම ‘හොරි’ විශේෂයක් ද? එසේත් නැතිනම් හිසෙහි සම මතුපිට සිදුවන...

පපුවේ වම්පස වේදනාව මතුවන්නේ හෘදයාබාධයකටද?

පපුවේ වම් පස කොටසේ වේදනාවක්‌ ඇති වන විට අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ හෘදයාබාධයක්‌ දැයි කියාය. එසේ සිතෙන්නේ හෘදය වස්‌තුව පිහිටා ඇත්තේ...

ඇණ මුරිච්චි දාන්නෙ නැතිව සැත්කම් නැතිව ඇද වුණු කොන්දක් පාරම්පරික ක්‍රමයට කෙළින් කරවපු වෙද විස්කමක්

බටහිර වෛද්‍යවරු කොඳු ඇට පෙළේ හටගන්නා ඇදවීම ආශ්‍රිත රෝගයක් හැටියට හඳුන්වන්නේ Spondylosis තත්ත්වයයි. “කොහොමද ඒක සරලව පහදා දෙන්නෙ” ඔබ එහෙමත් විමසාවි....

සතුටු මුවයි සුවැති සිරුරයි

ගණන් නොගෙන සිටියාට, ප්‍රතිකාර දිනෙන් දින පමා කළාට සමහරවිට ජීවිත කාලයේම ප්‍රතිකාරයක් නොකර සිටියාට දන්ත රෝග කියන්නේ ලෝකයේ බහුලව රෝගය බව...