අධික ලෙස ලුණු සහ සිනී කෑම අවදානම්
ලෝකයේ වසරකට බෝ නොවන රෝගවලට ගොදුරුවීමෙන් මිලියන තිස්‌පහක පමණ ජනතාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දේ. වැඩි කොටසක් මිය යන බෝ නොවන රෝග අතර පිළිකා, දියවැඩියාව, නිදන්ගත ශ්වසන රෝග, කොලෙස්‌ටරෝල්, අධික රුධිර පීඩනය, අංශභාගය වැනි රෝග තත්ත්වයන් පෙන්වා දී තිබේ. දශකයක් තුළ ලෝකයේ බෝ නොවන රෝගවලට ගොදුරුවන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වැඩි වී තිඛෙන බවත් ඔවුන් පෙන්වා දේ. ශ්‍රී ලංකාවේ ද බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි වී ඇති අතර ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 65% ක් සිදුවන්නේ බෝ බොවන රෝග නිසාය. එය මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ආපදා තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක හතරක් පෙන්වා දෙන ඔවුන් එයට සමබල ආහාර වේලක් ලබා නොගැනීම සහ ක්‍ෂණික ආහාරවලට නැඹුරුවීම, ව්‍යායාමවල නොයෙදීම, දුම්පානය, මධ්‍යසාර භාවිතය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ද වැඩි ජනතාවක් අධික රුධිර පීඩනය නිසා මරණයටත්, වෙනත් රෝගවලටත් ගොදුරු වන අතර එයට හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ අධික ලෙස ලුණු භාවිතයට හුරුවීමයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව දියවැඩියා රෝගයට වැඩිවශයෙන් ගොදුරු වන්නේ සීනි සහ පැණි රස කෑමවලට තදබල කැමැත්තක් දැක්‌වීමයි. සීනි යෙදූ තේ හෝ කෝපි පානය කිරීම අපගේ සාමාන්‍ය පුරුද්දකි. කෘතිම බීම, සීනි යෙදූ බෝතල් කළ පළතුරු යුෂ, අයිස්‌ක්‍රීම්, කේක්, බිස්‌කට් සහ චොකලට් වර්ග, ටොෆී සහ කැන්ඩි වර්ගවල ද අධික සීනි ප්‍රමාණයන් ඇතුළත් වේ. අධික සීනි ප්‍රතිශතයක් අඩංගු මෙම ආහාර දිනපතා භාවිතය සුදුසු නොවේ. සීනි හෝ සීනි අධික ආහාර ගැනීමෙන් එක්‌වරම රුධිරයේ සීනි මට්‌ටම විශාල වශයෙන් ඉහළ යයි. දීර්ඝ කාලීනව සීනි අධික ආහාර ගැනීමේදී නිතර ඉහළ යන රුධිරයේ සීනි මට්‌ටම මඟින් අග්න්‍යාශයේ ඇති සෛල අධි උත්තේජනය කර විනාශ කර දමයි. මෙසේවීම දියවැඩියා රෝගයට මඟ පෑදීමකි. සීනි යනු සරල කාබෝහයිඩ්‍රේටයක් වන අතර එය මගින් ශරීරයට ශක්‌තිය ලබා දේ.
කාන්තාවකට දවසකට සීනි තේ හැඳි 6 ක් ද පිරිමියෙකුට දවසකට සීනි තේ හැඳි 9 ක් ද ප්‍රමාණවත් වේ. සීනි පරිභෝජනය සහ දත් දිරායැම අතර ඍජු සම්බන්ධතාවයක් ඇත. බත්, අල, බතල, ධාන්‍ය වැනි පිටි සහිත ආහාරවල ඇති සීනි, පලතුරු සහ නැවුම් කිරිවල ඇති සීනි දත් දිරායැම කෙරෙහි බලපෑමක් නොකරන අතර සීනි කෘතීමව එකතු කළ ආහාර නිසා දත් දිරායැම සිදුවේ. තවද වෛද්‍යවරුන් ගේ විශ්වාසය වී ඇත්තේ ආහාරවලට අමතරව සීනි එකතු කිරීම වැඩි බර ජනතාවක් ශ්‍රී ලංකාවේ ඇතිවීමට හේතු වී ඇති බවයි. සීනි සහිත ආහාර දීර්ඝ කාලීනව ලබාගැනීම නිසා ශක්‌ති අතිරික්‌තයක් ශරීරය තුළට එක්‌වීම සහ එහි ප්‍රතිඵල ලෙස තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා වැනි රෝගවලට ඇති අවදානම වැඩි වී තිබේ. සීනි හෝ සීනි යෙදූ ආහාර භාවිතය අවම කිරීමෙන් සහ පලතුරු සහ එලවළු වැනි ස්‌වභාවික ආහාරවල ඇති රසයට දිව හුරු කරගැනීමත් මෙම අවදානම් තත්ත්වය මඟහරවා ගැනීමට පිළියමකි. ශ්‍රී ලංකාවේ ආහාර රස කිරීමට ලුණු භාවිතය බහුල වේ. ලුණු මගින් ශරීරයට සෝඩියම් ඛනිජ ලවණය ලැබේ. එදිනෙදා ලබාගන්නා ස්‌වභාවික ආහාරවල ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට සෝඩියම් ඛනිජ ලවණය අඩංගු නිසා කෘතිමව ලුණු භාවිතය අවශ්‍ය නොවේ. දිනකට තේ හැන්දක (ග්‍රෑම් 5) ලුණු ප්‍රමාණයක් ආහාරයට එක්‌කර ගැනීමෙන් සෝඩියම් ඛනිජ ලවණ ප්‍රමාණය ශරීරයට ප්‍රමාණවත් වේ. ලංකාවේ ලුණු වැඩි ආහාර ලෙස කරවල, හාල්මැස්‌සන්, සෝස් වර්ග (තක්‌කාලි සෝස්) පෙන්වා දිය හැකි අතර වෙළෙඳපොලෙහි දක්‌නට ලැඛෙන විස්‌කෝතු, ක්‍ෂණික නූඩ්ල්ස්, අච්චාරු, චට්‌නි, බටර්, මාජරින්, සොසේජස්, මීට් බෝල්ස්, පේස්‌ටි්‍ර, සුප් කැටවල ද ලුණු අධික වේ. ආහාර කල්තබා ගැනීම සඳහා ලුණු යෙදූ කරවල සහ හාල්මැස්‌සන් ආහාරය සඳහා පිළියෙල කිරීමේදී ලුණු ඉවත් කිරීමට පිසීමට පෙර උණුවතුරේ ටික වේලාවක් තබා සේදීම කළ හැකියි. මෙහි අවදානම් තත්ත්වය වන්නේ ලුණු සහ අධික රුධිර පීඩනය අතර ඍජු සම්බන්ධතාවයක් තිබීමයි. එමෙන්ම අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට ලුණු භාවිතය ඉතාමත් සීමාසහිත විය යුතුය. පොටෑසියම් අඩංගු එළවළු සහ පලතුරු ආහාරයට එක්‌කර ගැනීමෙන් ලුණුවල බලපෑම තවදුරටත් අවම කරගත හැකි වේ. මෙහිදී කෑම පිසීමට යොදාගන්නා ලුණු ප්‍රමාණය අඩු කිරීම, අවන්හල්වලින් ආහාර ගැනීම වෙනුවට ලුණු අඩුවෙන් යෙදූ නිවසේදී පිළියෙල කළ ආහාර ගැනීම, මුලින් සැකසූ ආහාර ගැනීම සීමා කිරීම, අවන්හල්වලින් ලබාගන්නා කෙටි ආහාර සීමා කිරීම කළ හැකියි. ආහාරයේ ලුණු අඩු කිරීමෙන් අංශභාගය, හෘදයාබාධ වැළඳීමේ හැකියාව 25%-30% දක්‌වා අඩු වේ. (සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය එක්‌ව පැවැත් වූ මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරෙනි)
හරින්දී ලියනගේ
උපුටා ගැනීම නවලිය පුවත් පත