ගර්භණී සමයේ පියයුරුවලට කිරි එරෙන අන්දම
පියයුරු කාන්තාවකට ගෙන එන්නේ පුදුමාකා අලංකාරයක්. කාන්තාවකගේ කැපී පෙනෙන බවටද පියයුරු මඟින් වැඩි සේවාවක් සපයනවා. මේ නිසාම බොහෝ කාන්තාවන් පියයුරු ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා.පියයුරුවල ප්‍රධානතම කාර්යය වන්නේ කිරි නිෂ්පාදනය සහ දරුවාට කිරි ලබාදීමයි. ඊට අමතරව නාභියෙන් පහළ ලිංගික ඉන්ද්‍රියයන් හැරුණුවිට ඉතා සංවේදීම ඉන්ද්‍රියය වන්නේද පියයුරුයි. මේ නිසා පියයුරුවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙවර සාකච්ඡා කරන්නට අපි අදහස් කළා.
මවගේ කුස තුළදී කළලයට සති 06ක් පමණ වනවිට පියයුරු ගොඩ නැඟීම ආරම්භ වෙනවා. සති 12 දී එය පැහැදිලිව හඳුනාගත හැකියි. උපතින් පසු මුල් කාලයේදී පියයුරු වර්ධනය නොවූවත් යොවුන් වයසට එළෙඔත්ම පියයුරු වර්ධනය වෙනවා. සමහර පිරිමි ළමුන්ගේ පියයුරු යොවුන් වයසේදී සුළු වශයෙන් විශාල වුවත් එය තාවකාලික තත්ත්වයක් වෙනවා. යෞවන වියේදී ඔහුගේ සිරුරේ නිපදවන ලිංගික හෝර්මෝනවල අසමතුලිත බව මේ සඳහා හේතු වෙනවා. මේ සඳහා බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ගැහැණු දරුවන්ගේ පළමු ඔසප් වීමට මාස කිහිපයකට පෙර සිටම පියයුරු වර්ධනය වෙනවා. මේ සඳහා ඇයගේ සිරුරේ නිපදවන ඊස්ට්‍රජන් හෝර්මෝනය බලපෑම් කරනවා. පියයුරු මතුපිට සමෙන් වැසී පවතින අතර එය පපු ඇටයේ සිට කිහිල්ල යට දක්වා පැතිරී පවතිනවා.
පියයුරු ප්‍රධාන උරස් පේශීන් මත පිහිටා තිබෙන අතර පියයුර මැද පිහිටි තන පුඩු අදුරු වර්ණයෙන් යුක්තයි. මේ තුළ පිහිටි සුමුදු පේශීන් සංකෝචනය වීමෙන් ස්පර්ශයේදී සහ ලිංගික උත්තේජනයේදී සීතල බවක් දැනීම නිසා තනපුඩු ඍජු භාවයට පත් වෙනවා. තන පුඩුව වටා ඇති රවුම් අදුරු ප්‍රදේශය ඇරියෝලාව (Areola) වන අතර එහි ප්‍රමාණය සහ වර්ණය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙනවා. පළමු ගර්භණී වීමෙන් පසු මෙහි ප්‍රමාණය විශාල වී වර්ණය තද පැහැයක් ගන්නවා. ඇරියෝලාව මත පිහිටි ස්වේද ග්‍රන්ථි ගර්භණී කාලයේදී සහ කිරි දෙන කාලයේදී කැපී පෙනෙන අතර මෙයින් නිපදවන ස්වේදය මඟින් තන පුඩු විෂබීජ වලින් ආරක්ෂා කරනවා.
ගර්භණී කාලයේදී කාන්තාවගේ සිරුරේ නිපදවන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් සහ ප්‍රෝලැක්ටින් යන හෝර්මෝනවල බලපෑම නිසා පියයුරු විශාල වී කිරි නිෂ්පාදනය කෙරෙනවා. පියයුර තුළ ක්ෂීර ග්‍රන්ථි කොටස් (Lobes) 15ත් 20ත් අතර ප්‍රමාණයක් පිහිටනවා. මිදි පොකුරක ආකාරයෙන් පිහිටා තිබෙන ග්‍රන්ථිකා මඟින් නිපදවන කිරි, නාල දිගේ පැමිණ ඇරියෝලාව හරහා තන පුඩුවට පැමිණෙනවා. තන පුඩුවේ ඇත්තේ එක් සිදුරක් නොවන අතර කුඩා සිදුරු 15 ක් 20ක් පමණ පවතිනවා.
කාන්තාවකගේ පියයුරු දෙකෙහි ප්‍රමාණය එක සමාන වන්නේ නැහැ. එක් එක් කාන්තාවට අනුව පියයුරුවල ප්‍රමාණය හැඩය වෙනස් වෙනවා. එහෙත් පියයුරුවල විශාලත්වය කිරි නිෂ්පාදනය සඳහා බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඊට හේතුව පියයුරුවල විශාලත්වයට පියයුරුවල තෙල් සහ මේද ප්‍රමාණය බලපෑම් කළත්, ක්ෂීර ග්‍රන්ථියේ ප්‍රමාණය ඊට බලපෑම් නොකිරීමයි. මේ නිසා කුඩා පියයුරු සහිත මවක් වුවද ඇයටද එක හා සමානව මවුකිරි නිෂ්පාදනය කිරිමේ හැකියාව පවතිනවා.
පියයුරුවල, ක්ෂීර ග්‍රන්ථි අතර දිවෙන සම්බන්ධක පටක ජාලය මඟින් පියයුරු එල්ලා වැටීම වළක්වා ගනු ලබනවා. මේ සම්බන්ධක පටක ජාලය අභ්‍යන්තර බ්‍රෙසියරයක් ලෙස ක්‍රියා කරනවා. දරුවන් ලැබීමත් වියපත් වීමත් සමඟ මෙම සම්බන්ධක පටක ජාලය දුර්වල වීම නිසා පියයුරු එල්ලා වැටීම සිදු වෙනවා. මෙම එල්ලා වැටීම වළක්වා ගැනීම සඳහා ව්‍යායාම හෝ ඖෂධ හෝ ක්‍රීම් වර්ග නැහැ. එයට හේතුව පියයුරු තුළ වර්ධනය කළ හැකි පේශි පටක තන පුඩුව වටා හැරෙන්නට ශරීරයේ වෙනත් ස්ථානයක නොමැති වීමයි. කෙසේ වෙතත් සමහර කාය වර්ධන ව්‍යායාම මඟින් උරස් කුහරයේ ඉදිරිපස පිහිටි පේශීන් (Pectoralis major muscle) වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. මුනින් අතට අත් සහ කකුල් මත හිද දණහිස බිම නොගෑවෙන අයුරින් හැකි පමණ ඉහළ පහළ යාම දිනපතා කලක් තිස්සේ කිරීම මේ සඳහා කළ හැකි හොඳම ව්‍යායාමයකි.
මේ මඟින් පියයුරු මතු වී කැපී පෙනෙනු ඇත. එහෙත් මේ මඟින් පියයුරු විශාල වන්නේ නැත. පියයුරු විශාල කර ගැනීම සඳහා ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකර ගත හැකි අතර එමෙන්ම විශාල පියයුරු කුඩාකර ගැනීමද මෙම සැත්කම් මඟින් කරගත හැක.
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා
උපුටා ගැනීම දිනමිණ
මවුවරුන්ගේ පියයුරු එක හා සමාන නැත. ඔවුන්ට විිවිධ හැඩ හුරුකමින් හා විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු පියයුරු ඇත. මේ සෑම පියයුරකින්ම දරුවන්ට කිිරි...
මෙම වගුව භාවිතයෙන් ඔබේ දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකිය .වගුවේ ඉහලම පේළියේ ගැබ්ගත් මවගේ වයස දැක්වේ.උදාහරණ : ගැබ්ගත්...
මව්කිරි තුළ ප්ලාස්ටික් ද්‍රව්‍යවලට අයත් මූලික රසායන අණු අන්තර්ගතව තිබීම සිදුවිය හැකි සංසිද්ධියක් බව ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනි...
Pregnant මවක වීම ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. ඒ නිසාම තමාට දරු ගැබක් පිහිටා ඇති බව මුල් වරට දැනගත් විට එම කාන්තාව තුළ...
සිසර් ශල්‍යකර්මයට භාජනය වන කාන්තාවන්ගේ බයක් තියෙනවා ශල්‍යකර්මයට පස්සේ ඇඟ ඇල්වතුරින් පිරිසිදු කිරීම සූදුසූද නැත්නම් තුවාලය තියෙන තැනට වතුර වැටීම සූදුසූද...
මේ දියවැඩියා තත්ත්වය මව තුළ දරුවා පිළිසිඳ ගන්නා කාලයේදී නැහැ. එය ඇතිවන්නේ සති 20: 22 පමණ කාලයෙන් පසූවයි. දරුවාගේ අංග ජනනය...
