ගර්භණී අම්මලා නොකෑ යුතු ආහාරත් තිබෙනවාද?

ගැබිනි සමයේදී මවක් තම ආහාර රටාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. දරුවාගේ පෝෂණයට මෙන්ම උපතේදී නිසි බරක් පවත්වාගෙන යෑමටත් මවගේ සෞඛ්‍යවත් ආහාර රටාව හේතු වෙනවා. මේ නිසා ගැබිනි සමයේ සුදුසු නුසුදුසු ආහාර පිළිබඳවත් ඇය දැනුවත්ව සිටිය යුතුයි.

දරුවාගේ උපත් බරෙහි සාමාන්‍ය අගය රටක සෞඛ්‍යයේ ගුණාත්මක බව මැන බැලෙන තවත් එක් සාධකයක්ද වෙනවා. එමෙන්ම ගැබිනි මව මේ අවධියේදී වැඩි ආහාර ප්‍රමාණයක් ගත යුතු බවටත් වැඩිහිටියන්  විවිධ මත පළ කරනවා. නමුත් වෛද්‍ය විද්‍යානුකූලව සලකා බැලීමේදී නම් මවගේ ආහාර වේල සැකසිය යුතු වන්නේ වැඩි පෝෂණයක් අඩංගු වන ආකාරයටයි.

ගැබිනි සමයේ මුල් අවධිය :

ගැබිනි සමයේ මුල් තෛ්‍රමාසික තුළ ආහාර අප්‍රිය වීමත්, නිතරම වමනය පිටවීම වැනි අපහසුතාවන් ඇයට ඇතිවිය හැකියි. මේ අවධියේදී නිරාහාරව සිටීමට වඩා වැදගත් වන්නේ ඇය ප්‍රිය කරන කුමන හෝ ආහාරයක් ලබාදීමයි. ඇය පාන් ආහාරයට ගැනීමට පමණක් ප්‍රිය කරන්නේ නම් එය පමණක් හෝ ලබා දෙන්න. කෙතරම් පෝෂණය ආහාර තිබුණද ඇයට එය අප්‍රිය වනවා නම් එවැනි ආහාර ලබා නොදෙන්න.

ඇයට ආහාර අප්‍රිය වීම නිතරම ඇතිවන නිසා ප්‍රධාන ආහාර වේල් තුන වෙනුවට ආහාර කුඩා ප්‍රමාණවලින් වේල් 6ත් 8ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකියි. එමෙන්ම අමු ආහාර වෙනුවට මැනවින් පිසගත් ආහාර වර්ග ඔබේ ආහාර වේලටත් එක්කර ගැනීමට හැමවිටම උන්දුවන්න. සලාද වැනි නැවුම් ආහාර නිවෙසේදී පිළියෙල කර ගනිමින් ආහාර වේලට එක්කර ගැනීමත් වඩාත් සුදුසුයි.

මේ කාලයේදී කාන්තාවන් වෙළෙඳසල්වල ඇති අච්චාරු වැනි ආහාරවලට ප්‍රිය කළත් එවැනි ආහාර සෞඛ්‍යාරක්ෂිත නොවන නිසා හැකිතාක් ඒවායෙන් අෑත් වන්න. නමුත් ඔබ කැමැති නම් අඹ, වෙරළු වැනි පලතුරු මිලදී ගෙන එය වඩාත් රසවත්ව නිවෙසේදී පිළියෙල කරගන්නටත් හැකියාව තිබෙනවා.

මිථ්‍යා මත :

පැපොල් හා අන්නාසි වැනි ආහාර ගැබිනි මවුවරුන්ට හිතකර නොවන බවට මතයක් සමාජයේ පවතින්නේ අෑත අතීතයේ සිටයි. නමුත් ඔබට අතුරුපසට හොඳින් ඉදුණු ගස්ලබු හෝ අන්නාසි කැබැල්ලක් ආහාරයට ගැනීමට හැකියි. මින් ඔබේ කලලයට කිසිදු හානියක් සිදු නොවේ.

ප්‍රෝටීන් බහුලව අඩංගු වන මස් වර්ග ඔබේ ආහාර වේලට එක් කරගත හැකි කදිම පෝෂණීය ආහාරයක්. ඒ වුණත් අධිකව තෙල් අඩංගු වන මස් වර්ග ගැනීමෙන් ආහාරජීර්ණ ක්‍රියාවලියද අක්‍රමවත් වන නිසා ගැබිනි මවට එය එතරම් සුදුසු නොවේ. විශේෂයෙන්ම ප්‍රසූතියට ළංවන මාස 3දී ගර්භාෂය වර්ධනය වෙමින් ආමාශයට වැඩි ඉඩක් හිමි නොවන නිසා එවැනි තෙල් සහිත ආහාර ගැනීම එතරම් සුදුසු නොවේ.

ආහාර අප්‍රිය වීමකින් තොරව වඩාත් හොඳින් ලබා ගන්නට නම් ආහාර විටින් විට කුඩා ප්‍රමාණවලින් ලබා ගැනීමත් වැදගත් වෙනවා.

ගැබිනි සමයේදී මව දෙදෙනෙක්ට සෑහෙන ලෙස ආහාර ගත යුතු යැයි කියවෙන තවත් ඉපැරණි මතයක් අප අතර පවතියි. නමුත් මෙහි කිසිදු පදනමක් නොමැති බව නම් කිව යුතුමයි. ඇයට ප්‍රමාණවත් ලෙස පෝෂණය අඩංගු පලා වර්ග, තන්තුමය ආහාර වැනි දේ ආහාර වේලට එක් කර ගැනීම වැදගත් වන අතර එලෙස විශාල ප්‍රමාණයකින් ආහාර ගැනීමේ අවශ්‍යතාවක් නොවේ.

ශාලිකා රංගනී සමරදිවාකර
උපුටා ගැනීම මව්බිම

Share This Article

දියවැඩියාව තිබෙනවා නම් සායනයකට යන්න මාස තුන පසූවෙනකල් ඉන්න එපා

දියවැඩියාව ඇති කාන්තාවක් දරු ප්‍රසූතියකට සූදානම් වීම තරමක් අවදානම් කටයූත්තක්. ඔබ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් නම් පළමූව ඔබේ වෛද්‍යවරයා හමූවී කායික පරීක්ෂාවක්...

දියවැඩියාව දරු සූරතල් බැලීමට බාධාවක්ද?

ගැබිණි මවූවරුන්ට ඇතිවන රෝගාබාධ අතරින් දියවැඩියාව රෝගයට විශේෂ තැනක් හිමි වෙනවා. එයට හේතුව දියවැඩියා රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් වර්තමානයේ දකින්නට ලැබීමයි....

වමනය යනවා වැඩි නම් සමහර විට නිවූන්නූ වෙන්න පූළුවන්

එකම උසට, එකම මහතට හැදුන පූංචි දරු පැටව් දෙන්නෙක්. ඇතැම් විට මේ ඔබේ හීනයක් වන්නටත් පූළුවන්. නිවූන් දරුවන් ලබන්නට ඇතැම් මව්පියවරු...

නින්දේ අපහසුතා නිසා ගැබිනි මවට ඇතිවන ගැටලු

ගර්භණී සමයේ දැනෙන අපහසුතා නිසා හොඳ නින්දක් අවශ්‍යම වෙනවා. නමුත් මේ කාලයේදී සුව නින්දකට ගැටලු බොහෝමයක් මතුවිය හැකියි. එයට තිබෙන හේතු...

ගැබිනි සමයේ හිතට දැනෙන බය නැති කරගන්න

Pregnant මවක වීම ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. ඒ නිසාම තමාට දරු ගැබක් පිහිටා ඇති බව මුල් වරට දැනගත් විට එම කාන්තාව තුළ...

රන්කිරි දරු පැටියාටමයි

මවකට මව්කිරි නිපදවීම සඳහා දිනකට අමතර කැලරි 700 පමණ වැය වෙනවා. එනිසා කිරි දෙන මවක් නම් මේ කැලරි ප්‍රමාණය අමතරව ඇය...