Biz Log
Classifields
Biz Log
Classifields

අම්මගේ දියවැඩියාවට බබා හේතුවක් විය හැකියි.

අම්මගේ දියවැඩියාවට බබා හේතුවක් විය හැකියි.

අද අපි කතා කරන්න යන්නේ දියවැඩියා රෝගය නොමැති අය, බබෙක් ලැබෙන්නට සූදානම් වූ පසූ සති 20-22 කාලයේදී හෝ ඊට පසූව දියවැඩියා තත්ත්වයට ලක්වීම ගැනයි. මේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට හැකියාවක්, ප්‍රවනතාවක් ඇති කාන්තාවන් සිටිනවා. විශේෂයෙන්ම පවූලේ ළඟ ඥාතීන්ට දියවැඩියාව තිබෙනවා නම් මෙහි අවදානම වැඩියි. ඒ වගේම පෙර ගර්භණී අවස්ථාවකදී දියවැඩියාව රෝගය ඇති වූවානම් එවැනි අයටත් අවදානමක් තිබෙනවා. එසේම පෙර ගර්භනී අවස්ථාවකදී බබෙක් නැතිවෙලා හෝ කිලෝ 4-5 පමණ බබෙක් ප්‍රසූත කර ඇති මවූවරුන්ටත් මේ අවදානම තිබෙනවා.

තවත් අවස්ථාවක් තමයි, ගර්භනී කාලයේදී කිසිම හේතුවක් නැතිව බබාගේ වතුර ප්‍රමාණය වැඩි වූනොත් එවැනි අයටත් මේ අවදානම තිබෙනවා. මේ තත්ත්වය නිවැරදිව හඳුනාගැනීම සඳහා සායනවලදී විවිධ පරීකෂණ සිදු කෙරෙනවා. බොහෝ දෙනා දන්නා ලෙසට මූත්‍රා පරීක්ෂණය ඉන් එකක්. නමූත් ගර්භනී මවූවරුන්ගේ මූත්‍රා පරීකෂාව සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ, දියවැඩියා රෝගය හඳුනාගන්න. මූත්‍රාවල සීනි තිබූ පමණින් ඇයට දියවැඩියා රෝගය තිබෙනවා යැයි කියන්නට බැහැ. එය මූලික පරීකෂණයක් පමණයි. එයින් සීනි ඇති බව හඳුනා ගත්තොත් ග්ලුකෝස් ටොලරන්ට් ටෙස්ට් (OGTT) පරීක්ෂණය කරනවා. මේ පරීක්ෂණය කරන්නේ පැය 12 ක් නිරාහාරව සිටීමෙන් පසූවයි. එහිදී එක් රුධිර සාම්පලයක් ලබාගෙන ඉන්පසූව ග්ලුකෝස් ග්‍ර්‍රෑම් 75 ක් වතුර මි. ලි. 200 ක් සමග පානය කිරීමට දී පැයකින්, පැය 2 න් රුධිර සාම්පල් ලබා ගන්නවා. මේ පරීකෂණය මගින් මවට දියවැඩියාව තිබේ දැයි හඳුනාගත හැකිය.

මේ ඨඔඔ පරීකෂණයම ගර්භණී නොවන සාමාන්‍ය අයටත් සිදු කරනවා. ඒ සාමාන්‍ය පූද්ගලයෙකුට දියවැඩියාව තිබේදැයි හඳුනා ගැනීමට. එහිදී පැය 12 ක් නිරාහාරව සිටීමෙන් පසූ, ග්ලුකෝස් පානය කර පැය 1/2 න්, පැයකින්, පැය එකහමාරකින්... ආදී ලෙස දිගින් දිගටම පරීකෂා කෙරෙනවා. නමූත් ගැබිණී මවකට ඒ සියල්ල අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ පැය 12 ක් නිරාහාරව සිටීමෙන් හා ග්ලුකෝස් පානය කර පැයකින් හා පැය දෙකකින් ලබාගන්නා රුධිර සාම්පල් පරීකෂා කිරීමට පමණයි. මේ වාර්තා තුන පරීකෂා කිරීමෙන් වෛද්‍යවරයෙකුට කියන්නට පූළුවන් මවට දියවැඩියාව තිබෙනවාද, දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවාද කියලා. මේ පරීකෂණයේදී තීරණය කළොත් දියවැඩියාව තිබෙනවා කියලා අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමූ කෙරෙනවා.

මේ OGTT පරීකෂණය සෑම ගර්භනී මවකටම සිදුකරන්නේ නැහැ. මූලින් පැවසූ ලෙසට වැඩි අවදානමක් තිබෙන හා වෛද්‍යවරයා තීරණය කළ මවූවරුන්ට පමණයි මේ පරීකෂණය සිදුකරන්නේ. රෝගය හඳුනාගත් මවූවරුන්ට බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන්නේ රෝහලේ නතරවීමෙන් පසූවයි. එහිදී මූලින්ම ආහාර පාලනය කිරීම සිදුකෙරෙනවා. ඉන්පසූව ආහාර පාලනය මගින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩූ වූවා දැයි බැලීමට රුධිර පරීකෂණ කෙරෙනවා. එහිදී සීනි ප්‍රමාණය පාලනය වී ඇති බව හෙළි වූවොත් මව නිවසට යවනවා. ඉන් පසූවත් රුධිරය පරීකෂා කිරීම දිගින් දිගටම සිදුවෙනවා. එම පරීකෂණය කරන්නේ ආහාර ගෙන පැය 2 ට පසූව ලබාගන්නා රුධිර සාම්ලපයක් මගින්. නමූත් නවතම සොයා ගැනීම්වලට අනූව ආහාර ගෙන පැයකට පසූව ලබාගන්නා රුධිර සාම්පලයකින් කෙරෙන පරීකෂාව මගින් ද ඉතා හොඳ ප්‍රතිඵල ලබන්නට පූළුවන්.

යම් මවකට ආහාර පාලනයෙන් පමණක් සීනි පාලනය කළ නොහැකි බව හෙළි වූවහොත් ඉන්සියූලින් ලබාදීමට සිදුවෙනවා. ගර්භණී බවට පත්වූ පසූව දියවැඩියා තත්ත්වය ඇතිවූ මවූවරුන්ටද මූහූණදීමට සිදුවන්නේ දියවැඩියා රෝගය ඇති මවක් ගැබ්ගත් පසූව මූහූණ දෙන ප්‍රජනක සංකූලතාවලටමයි.

Share This Article

දරු ප්‍රසූතියෙන් පසු සිරුර මහත් වෙන්නේ ඇයි?

මවක් වීම කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම සිහිනයයි. දරුවා ලැබුණු පසුව ඇයට පැවැරෙන වගකීම් රැසකි. මෙහිදී ඇය කායිකව හා මානසිකව ශක්තිමත්ව පෙර මෙන්...

ප්‍රීතිමත් දරුවෙක් ලබන්නට චොකලටි කන්න

චොකලට් පෙම්වතුන්ගේ ආහාරයක් විදිහට හිතුවත් චොකලටිවල ඊට වඩා අනර්ඝ බලයක් තිබෙනවා. නිව් සයන්ස්ටිටි සඟරාව සඳහන් කරන අන්දමට ගර්භනී කාලයේදී චොකලටි ආහාරයට...

ගැබිනි මවට හිමිවන ප්‍රසූත නිවාඩු

නිවාඩු සංඛ්‍යාවඕනෑම කාන්තාවක මාතෘ ප්‍රතිලාභ සඳහා වන හිමිකම, ඒ සඳහා වන කාල පරිච්ඡේදය, කම්කරු කාර්යාල, රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් වෙනසක් නොමැතිව...

මවූපියන්ට ලැදි ගුණදහමි හඳූනන දරුවකු බිහිකරන්නේ කෙසේද?

ලොව වටිනාම වස්තුව සූරතල් දරු සිඟිත්තකු බව රහසක් නොවේ. දරුවාගේ ජීවිතයට සාර්ථක අඩිතාලමක් දෑමීම අපගේ යූතුකම හා වගකීමයි. එසේ නම් ඔබ...

නොදැනුවත්කම නිසා ගැබිනි මවට වෙන අනතුරු

ආහාර ගැනීමවෛද්‍යවරු හැම විටකම ගැබිනි මවට නිර්දේශ කරන්නේ ස්වාභාවිකත්වය ඉස්මතු වුණු ආහාර රටාවක්. ඒ නිසා හැම විටෙකම නිවෙසේදී හදාගන්න ආහාරපාන ගැබිනි...

මව්කිරි තුළ ප්ලාස්ටික්! ඇත්තද මේ කතාව

මව්කිරි තුළ ප්ලාස්ටික් ද්‍රව්‍යවලට අයත් මූලික රසායන අණු අන්තර්ගතව තිබීම සිදුවිය හැකි සංසිද්ධියක් බව ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනි...