Biz Log
Classifields
Biz Log
Classifields

ගැබිණි මව ස්කෑන් කිරීම භයානක නැහැ

ගැබිණි මව ස්කෑන් කිරීම භයානක නැහැ

ගර්භනී බවත් සමග ස්කෑන් පරීක්ෂණ ගැන කතා කරනවා. මේ ස්කෑන් පරීක්ෂණවල ඇත්තටම වැදගත් කමක් තියෙනවද?

මේ ගැන බොහෝදෙනා නිතර කතා බහ කරනවා. ස්කෑන් පරීක්ෂණ ගැන ඉතාම අවධානයෙන් කතා කරන ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පසූගියදා අපට හමුවුණා. ඔහු නමින් වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ. මේ වෛද්‍යවරයා ගැන ඔබට හඳුන්වා දෙන්නට විශේෂ හේතුවක් තිබෙනවා. ඔහු කළල විද්‍යාව සම්බන්ධ පුහුණුවක් ලැබූ ප්‍රසවවේදය හා සම්බන්ධ අල්ට්‍රා සවූන්ඩ් පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් හිමි අයෙක්. ඒ වගේම ඔහුට එංගලන්තයේ කළල විද්‍යා පදනමේ සුදුසුකම් ද තියෙනවා. මේ සුදුසුකම් ලැබූ ලංකාවේ එකම වෛද්‍යවරයා, වෛද්‍ය විජිත් විද්‍යාභුෂණයි.

අල්ට්‍රා සවූන්ඩ් ස්කෑනිං කියන්නේ අද ගර්භනී භාවයේදී නැතිවම බැරි දෙයක්. ගර්භනී කාලයේ විවිධ සංකූලතාවන් පාලනය කර ගැනීමට මෙය ඉතාම අවශ්‍යයි. ඉතින් මම කරන්න හදන්නේ මම ඉගෙන ගත්ත දේ ලංකාවට උචිත අන්දමින් යොදා ගැනීමයි. අප සමග කතා බහට සම්බන්ධවෙමින් ඔහු පැවසූවා.

අද සෑම රෝහලකම වගේ ස්කෑන් පරීක්ෂණ සිදුවෙනවා නේද?

ඔව්. ඕනෑම රෝහලක අල්ට්‍රා සවූන්ඩ් ස්කෑන් සිදු කරනවා. ප්‍රසව හා නාරි අංශයේදී අනිවාර්යයෙන්ම යොදා ගැනෙනවා. මේවා උපරිම ලෙස හා නිවැරදිව යොදා ගැනීම ගැන අවබෝධයක් පුහුණුවක් ලබාදීම මගේ යූතුකම ලෙස මං සලකනවා.

ගැබිණි මවකට මෙයින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද?

ගර්භනී මවකට මේ ස්කෑන් පරීක්ෂණ ඉතාම වැදගත්. ඉන් වැදගත්ම ස්කෑන් පරීක්ෂණය වන්නේ ඩේටිං ස්කෑන් ලෙස හඳුන්වන පරීක්ෂණයයි. මෙය මූලිකවම දරුවා බිහිවන දිනය නිර්ණය කිරීම සඳහා කෙරෙන ස්කෑන් පරීක්ෂණයක්. එය ගර්භයට සති 10 - 14 කාලයේදී කළ යූතුයි. ඒ නිසා මවකට යූතුකමක් තිබෙනවා. දරු ගැබට සති 6 ක් පමණ ගතවෙද්දි හෝ පැමිණ පූර්ව ප්‍රසව සායනයට ලියාපදිංචි වීමට. එවිට මෙම ස්කෑන් පරීක්ෂණයට දිනයක් ලබාදෙන්නට කාලය තිබෙනවා.

ස්කෑන් පරීක්ෂණ බහූලව සිදුවෙනවා නම් ඔබ ලැබූ සුදුසුකම වැදගත් වෙන්නේ කොහොමද?

මම ලබා තිබෙන සුදුසුකම් අනූව මට කළල විද්‍යා වෛද්‍ය පදනමේ අනූමැතිය තිබෙන නිසා මම ලබාදෙන වාර්තාවක් ලෝකයේ ඕනෑම රටක පිළිගන්නවා.

ගර්භනී බව හා ස්කෑන් පරීක්ෂණ අතර තියෙන වැදගත්කම ගැන පැහැදිලි කළොත්?

සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ්ගත් බව තීරණය කරන්නේ අන්තිම ඔසප් වීමත් සමගයි. ඒ දිනය අනූවයි දරුවා ලැබෙන දිනය තීරණය කෙරෙන්නෙත්. අපි උපකල්පනය කරනවා ඔසප් චක්‍රයේ 14 වැනි දිනයේදී ඩිම්බයක් පිටවූණා කියලා. අම්මා පවසන දින අනූව තමයි මේවා තීරණය වන්නේ. නමූත් සියටය 10 - 40 දක්වා මව්වරුන් ප්‍රමාණයකගේ මේ දින වරදිනවා. ඒ නිසා අපි මූලින් පැවසූ අයූරින් ඩේටිං ස්කෑන් එක සිදු කිරීමෙන් මේ දින ගැන නිවැරදි තොරතුරු ලබාගන්නට පූළුවන්. ඇතැම් අවස්ථාවල ඔසප් චක්‍රය අක්‍රමවත් අයගේ, කිරිදෙන මව්වරුන්ගේ, කෙටි ඔසප් චක්‍ර තිබෙන අයගේ, උපත් පාලන පෙති පාවිච්චි කර එය නවතා මාස තුනක් ඇතුළත ගැබ්ගත් අයගේ, ඩිපොප්‍රෝවේරා එන්නත ලබාගත් අයගේ (එන්නත නැවැත්වූවත් ඔසප් වීම වසර දෙකක් යනතුරු ඇති නොවන්නට පූළුවන්) මෙවැනි අයගේ අවසන් වරට ඔසප්වීමක් සිදුවූ දිනය සොයාගන්නට බැහැ. එවැනි අයට දරුවා ලැබෙන දිනය සොයා ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කළ යූතුම වෙනවා.

වැදගත්ම කාරණය නම් මේ ස්කෑන් පරීක්ෂණ සති 10 - 14 කාලයේදී කළ යූතුමයි. මේ කාලසීමාවේදී ලෝකයේ ඕනෑම බබෙක්ගේ වැඩීම එක සමානයි. වර්ධනයේ විවිධත්වය අඩූයි. මේ සති ගණන පසූ වූණොත් බබාගේ වර්ධනය විවිධ වෙනවා. එවිට කළලයේ වයස තීරණය කරන්නට බැහැ. බබාගේ රූපයේ සිරස්කඩක් ගෙන හිසේ සිට තටිටම් ප්‍රදේශය දක්වා දිග මැනගෙන එයට අනූරූප සති ගණන තීරණය වෙනවා. එතැන් සිට සති 40 ක් තමයි ගර්භනී කාලය පවතින්නේ. එවිට දරුවා බිහිවන දිනය දෑනගන්න පූළුවන්.

සති 14 පසූව එනම් සති 26 පමණ ගත වී මේ පරීක්ෂණය කළොත් නිවැරදි දත්ත ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දරුවෙකු බිහිවන්නේ සති 37 - 42 අතරදියි. මෙයට පසූව බිහිවන දරුවන් ගැන අවදානමක් තිබෙන්නට පූළුවන්. සියයට 15 පමණ මව්වරු සති 42 ට පසූව දරුවන් බිහි කරනවා. එවැනි අයට කෘත්‍රිමව වේදනා ඇතිකරලා දරුවන් බිහි කරවීමට සිදුවෙනවා. මෙලෙස කිරීමට නම් දින නිවැරදිව දෑනගෙන සිටිය යූතුයි. නැතිනම් සති 40 ද 42 ද කියලා නිවැරදිව දන්නේ නෑ. ඇතැම් විට මවට හෝ දරුවාට ප්‍රශ්නයක් ඇතිවන අවස්ථාවලදී දරුවා නියමිත කාලයට පෙර බිහිකරවීමට සිදුවෙනවා. එවිට සති 37 පසූවී තිබූණොත් පමණයි දරුවාගේ පෙනහළු හොඳින් වර්ධනය වී තිබෙන්නේ. එය දෑන ගැනීමටත් ඩේටිං ස්කෑන් එක වැදගත් වෙනවා. ඒ වගේම නිවූන් දරුවන් හඳුනා ගැනීමටත් මෙහිදී පූළුවන්කම තිබෙනවා.

රජයේ රෝහල්වල මේ ස්කෑන් පරික්ෂණය කරනවාද?

අනිවාර්යයෙන්ම කිරීමට පහසූකම් තිබෙනවා. බොහෝ රෝහල්වල දෑනටමත් සිදු කෙරෙනවා. සති 10ට පෙර ලියාපදිංචි වූනොත්.

මේ සඳහා විශේෂ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර අවශ්‍ය වෙනවාද?

නැහැ. පරණම ස්කෑන් යන්ත්‍රවලින් මේ ඩේටිං ස්කෑන් එක කරන්න පූළුවන්. වැදගත්ම දේ නිසි පුහුණුවක් තිබීමයි.

ස්කෑන් පරීක්ෂණ සඳහා ඇතැම් අය බියක් දක්වනවා නේද?

ඔව්. බොහෝ දෙනෙක් බිය වෙනවා. අල්ට්‍රා සවූන්ඩ් ස්කෑන්  කියන්නේ ශබ්ද තරංගවලින් කෙරෙන පරීක්ෂණයක්. ගර්භාෂයට ඇතුළු වන ශබ්ද තරංග නැවතත් පැමිණීමේදී ඇතිවන දෝංකාරය සටහන් කරගැනීමෙන් තමයි මේ පරීක්ෂණය සිදු කරන්නේ. මින් දරුවාට කිසිම අයහපත් බලපෑමක් ඇතිවෙන්නේ නෑ.මේ පිළිබඳව බියක් ඇති කරගැනීමට කොහෙත්ම අවශ්‍ය නැහැ.

ඔබ ලැබූ පුහුණුව අන් අයට ලබා දෙන්න කැමති නැද්ද?

ඇයි නැත්තේ. මම ලැබූ පුහුණුව අන් වෛද්‍යවරුන්ට ලබලා දෙන්න මම හරිම කැමතියි. ඒ වගේම එවැනි පුහුණුවක් ලබා දුන්නොත් එහි පිළිගැනීමකුත් තිබෙනවා. මං එහෙම පුහුණුවක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම රජයේ රෝහලක සියලුම නවීන උපකරණ සහිතව ස්කෑන් පරීක්ෂණ කරන ස්ථානයක් සකස් කර ගත්තොත් මෙයින් උපරිම ප්‍රයෝජන ලබන්නටත් පූළුවන් වෙනවා.

ප්‍රසව වේදයේ අල්ට්‍රා සවූන්ඩ් ස්කෑන් පිළිබඳ එංගලන්තයේ සුදුසුකම් ලැබූ ලංකාවේ එකම ප්‍රසව හා නාරි රෝගවිශේෂඥ වෛද්‍යවරයා දකුණූ කොළඹ කළුබෝවිල මහ රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි රෝගවිශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ

Share This Article