පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයේමදෑයි බලාගන්න
ගැබිණි කාලයේදී මවට යම් යම් අපහසූතා ඇතිවෙන්නට පූළුවන්. ඉන් එකක් සාමාන්‍ය බඩේ කැක්කුම, ඒවගේම කලන්තයත් ඇති වෙන්න පූළුවන්. ආහාර ගැනීම මද කම, වමනය යාම වැනි හේතුන් නිසා කලන්තය ඇති වීමට පූූළුවන්. ගර්භාෂයේ විශාල වීම නිසා බඩේ කැක්කුම ඇති වෙන්නට පූළුවන්.ගර්භාෂ නාලයක දරුවා පිළිසිඳ ගත් විට මේ නාලය දරුවාගේ වර්ධනයත් සමගම පූපූරා යාමට පූළුවන්.
මෙය ඉතාම භයානක තත්ත්වයක් වූවත් මූල් කාලයේදී දැන ගැනීමට නොලැබෙන්නට පූළුවන්. පිළිසිඳ ගැනීම දෑනගත් විගස සායනවලට සහභාගිවන මවකට බොහෝ දුරට මේ අවදානමෙන් මිදෙන්නට පූළුවන්. බොහෝ විට මෙවැනි තත්ත්වයන්ට මූහූණ දුන් අය වෛද්‍යවරු වෙත යන්නේ ගර්භාෂ නාල පූපූරා ලේ යාමක් සහ අධික වේදනාවක් සමගයි.
නමූත් අපි ඔබට පැවසූවා මේ තත්ත්වය මෙතරම් භයානක තත්ත්වයට පත්වන තෙක් නොසිට වෛද්‍යවරයෙක් වෙතට පැමිණීමෙන් හඳුනාගත හැකි බව. මේ සඳහා විවිධ ක්‍රම භාවිත කෙරෙනවා.
යන්තම් රුධිරය පිටවීමක් , බඩේ කැක්කුම සමගම ක්ලාන්තය ඇතිවීම වැනි තත්ත්වයන් සහිත ගැබිණි කාන්තාවක් වෛද්‍යවරයෙක් වෙතට පැමිණි විට වෛද්‍යවරයා මූලින්ම කරන්නේ, ඒ කාන්තාව ස්කෑන් පරික්ෂාවකට ලක්කිරිම. මෙහිදි මතක් කළ යූතු තවත් කාරණාවක් තමයි ස්කෑන් පරික්ෂාවක් කිවූ සැනින් අපේ අම්මලා බය වෙනවා, "බබාට මොකක් හරි ප්‍රශ්නයක් වෙයි, බබා හොඳින් ඉන්නවා නම්" කියලා. එහි කිසිම භයානකකමක් නැහැ. ඉදිරියේදී ස්කෑන් පරික්ෂාව ගැන අපි වැඩි දුරටත් සාකච්ඡා කරනවා. මෙහිදි ඒ ගැන කියන්න ඕනේ , ස්කෑන් පරික්ෂණයේදී බබාට හානියක් වෙන්නේ නැහැ. ස්කෑන්වලදී භාවිතවෙන්නේ ශබ්ද තරංග පමණයි.
ගැබ්ගත් මූල් කාලයේදී ,සති 6-8 පමණ කාලයේ ස්කෑන් පරික්ෂණයකින් බබෙක් ඉන්නවද නැද්ද කියන කාරණය දෑනගන්න පූළුවන්. නමූත් සමහරවිට උදරයේ පිටතින් කරන ස්කෑන් පරික්ෂණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ ස්කෑන් පරික්ෂාවක් කළ යූතුයි. දෑනට ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සිටින සෑම රෝහලකම මේ විශේෂ ස්කෑන් පරික්ෂණය සඳහා පහසූකම් තියෙනවා. එම ස්කෑන් පරික්ෂණය කරන්නේ යෝනි මාර්ගයෙන් කූරක් වැනි උපකරණයක් ඇතුළු කිරිමෙන්. මෙහිදි කිසිම වේදනාවක් ඇතිවන්නේ නැහැ. මේ පරික්ෂණයේදී බබා හොඳින් ඉන්නවා නම් බබාට කිසිම හානියක් සිදුවන්නේත් නැහැ. මේ පරික්ෂණයෙන් අපිට ලැබෙන වාසිය තමයි සති 5-6 කාලයේදී වූවත් බොහෝ අවස්ථාවලදී කළලය හැදෙන අන්දම දෑකගන්න හැකියාව ලැබෙනවා.
ඇතැම් විට ගර්භාෂයෙන් පිටත දරුවෙක් ඉන්නවා නම් මේ විශේෂ ස්කෑන් පරීක්ෂාවෙන් පවා දෑනගන්න බැරිවෙන්න පූළුවන්. නමූත් ගර්භාෂය තුළ දරුවෙක් ඉන්නවාද නැද්ද කියන කාරණය ස්ථිරවම දෑනගත හැකියි. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා තීරණය කරනවා මේ මව රෝහල් ගත කරලා, බබා සිටින්නේ කුමන ස්ථානයකද කියලා හරියටම පරීක්ෂා කරලා බලන්න.
මෙහිදී කෙරෙන තවත් පරීක්ෂණයක් තියෙනවා. මවගේ මූත්‍රා පරීක්ෂාව මගින් පරීක්ෂණයට ලක් කළ හෝමෝන රුධිරයේ තිබෙන ප්‍රමාණය පරීක්ෂා කර බැලීම. දෑන් මේ ස්කෑන් පරීක්ෂණයෙන් හා රුධිර පරීක්ෂණයෙන් දැන ගත්තොත් ගර්භාෂයෙන් පිට දරුවෙක් ඉන්නවා කියලා, එවැනි දරුවෙක් ඉවත්කරන්නට සිදුවෙනවා. මන්ද ඒ වගේ බබෙක් හදන්න බැහැ.
මෙවැනි පිළිසිඳ ගැනීම් ඉවත් කරන්නටත් ක්‍රම කීපයක් තියෙනවා. ඇතැම් විට සාමාන්‍ය උදරකුහරය විවෘත කිරීමේ සැත්කම් මගින් ඉවත් කෙරෙනවා. නැතිනම් ලැපරොස්කොපි කියන සැත්කම් මගින් ඉවත් කරන්නත් පූළුවන්. ලැපරොස්කොපි කියන පරීක්ෂණය, මේ තත්ත්වය නිවැරදිව හඳුනාගන්නත් උපකාර වෙනවා. එහිදී සිදුවන්නේ උදරය තුළට ඇතුළු කරන කැමරාවක් මාර්ගයෙන් ගර්භාෂය ඇතුළත නිරීක්ෂණය කිරීමයි. මූලින් අපි සඳහන් කළ විශේෂ ස්කෑන් පරීක්ෂණයේදී ගර්භාෂය තුළ බබෙක් සිටින බව හඳුනාගත්තේ නැතිනම් ප්‍රශ්නයක් ඇති වෙනවා බබා ඉන්නේ ගර්භාෂය තුළද ඉන් පිටතද කියා. අන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැපරොස්කොපි පරීක්ෂණයෙන් ලබාගන්න පූළුවන්. ගර්භාෂයෙන් පිටත දරුවෙක් ඉන්නවා නම් මේ පරීක්ෂණයෙන් නිවැරදිව බලාගන්න පූළුවන්.
සමහර විට මව්වරු බයවෙනවා බබෙක් ඉන්නවානම් ඇයි මේ ඔපරේෂන් එකක් කරන්නේ කියලා. නමූත් බබා ගර්භාෂය තුළ නැති නිසා තමයි ඔබේ වෛද්‍යවරයා මේ පරීක්ෂණය නියම කරන්නේ. ඒ නිසා ඒ ගැන බියවීම අවශ්‍ය නැහැ. ඒ වගේම ඇතැම් රෝහල්වල පහසූකම් තියෙනවා මේ ලැපරොස්කොපි පරීක්ෂණය මගින්ම ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම ඉවත් කරන්න තවත් කැපූමක් නොමැතිව.
ඔබ මතක තබා ගත යූතුම කාරණය තමයි ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් නම් අනිවාර්යයෙන් ඉවත් කරගත යූතුමයි. මේ ඉවත් කිරිම ඇතැම් විට ගර්භාෂ නාලයත් සමග විය හැකියි. ඇතැම් විට කළලය පමණක් ඉවත්කළ හැකියි.
ගර්භාෂ නාලයත් සමග පිළිසිඳ ගැනීමක් ඉවත්කළ කාන්තාවකට 65% හැකියාවක් තියෙනවා නැවත බබෙක් හදාගන්න. ගර්භාෂ නාලය තිබියදි දරුවා පමණක් ඉවත් කළත් ඒ හැකියාවම පමණයි තියෙන්නේ. එය වෙනසක් වෙන්නේ නැහැ. නමූත් නාලය තිබියදී දරුවා ඉවත් කිරිමෙන් නැවත ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකට ඉඩ කඩ වැඩිවෙනවා. ඒ නිසා වෛද්‍යවරු අවවාද කරනවා අනෙක් නාලය සූදුසූ තත්ත්වයේ තියෙනවා නම් , නාලයත් සමග කළලය ඉවත් කරන්න කියලා.
ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකට මූහූණ දුන් මව්වරු ඊළඟ පිළිසිඳ ගැනීමේදී ඉතාමත් ඉක්මණින් ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමූවෙලා ස්කෑන් පරික්ෂාවක් සිදුකරවාගෙන ස්ථිරවම දෑනගැනීම අවශ්‍යයි බබා ඉන්නේ ගර්භාෂය තුළද ඉන් පිටතද කියලා. ඒ පිළිසිඳ ගැනීමේදී ප්‍රශ්නයක් ඇතිවී දෙවැනි නාලයත් ඉවත් කරන්න සිදුවූනොත් එම කාන්තාවට සාමාන්‍ය ප්‍රජනක ශක්තිය නැතිව යනවා.
දෑනට ලංකාවේ පවා කෘත්‍රීම සංසේචනය මගින් පිළිසිඳ ගැනීමේ ක්‍රමය භාවිත කෙරෙනවා. ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම් නිසා නාල දෙකම ඉවත් කළ මව්වරුන්ට වූවත් මේ ක්‍රමය අනූගමනය කරන්න පූළුවන්, ඔවූන්ගේ ගර්භාෂය තියන නිසා. නමූත් මෙයට විශාල මූදලක් වැයකරන්නට සිදුවෙනවා. ඒ නිසා ගර්භාෂ නාලය ආරක්ෂා කරගැනීමයි වඩාත්ම සූදුසූ දේ.