බීමත්කමත් දුම්බීමත් අංශභාගයට එක හේතුවක්
මෙවර අප කතාබහ කරන්නේ හෘදයාබාධයන් තුළින් අංශභාගය වැලඳෙන්නේ කෙසේද යන්න ගැනය. කිමද නිතර ඇතිවන හිසේ කැක්කුම් ගැනත්, පුංචියට ඇතිවන යම් හෘදයාබාධයන් ගැනත් ගානකට නොගෙන සිටීම නිසා අංශභාග රෝගයට ගොදුරුවන තරුණ සහ වැඩිහිටි පරපුරද කෙමෙන් කෙමෙන් ඉහළ යන නිසාය. මොළය යනු අප ශරීරයේ පවතින ඉතා සියුම් වූ බහුකාර්යය යන්ත්‍රයයි. මොළය අභ්‍යන්තරයෙහි හටගන්නා ගෙඩි, නහර පිපිරීම්, පිළිකා වැනි දෑ මොළයේ හටගන්නා අර්බුද විය හැකිය. මෙම හේතුවලට අමතරව මොළයට බාහිරව සිදුවන අනතුරු නිසාද අංශභාගයට අතවනන විවිධ විසමතාවන් යෙදිය හැකිය. එනම් වැටීම්, තැළීම්, පහරදීම් වැනි ආබාධයන් වූ අවස්ථාවකදී සිදුවූ යම් හානියක් යටපත්ව තිබී කාලයක් ඉක්ම ගිය පසු නැවත අර්බුදයක් ලෙස මතුවීමත් ඒ ගැන නොසැලකිලිමත් වීමත් නිසාද අංශභාග රෝගය වැලඳිය හැකිය. සරලව කියන්නේ නම් ආබාධය පවතින ස්ථානයට රුධිරය සැපයීමේදී ඇතිවන අවහිරතාව නිසා අංශභාගය වැනි ඉතා අවාසනාවන්ත රෝගී තත්ත්වයන් ඇතිවීම වැළැක්විය නොහැකිය. මෙවැනි තත්ත්වයක් තිබෙන අයට නිතරම වාගේ තද හිස කැක්කුම් ඇතිවීම, කැරකිල්ල, ක්ලාන්තය, ශරීරයේ යම් අවයවයක හෝ ස්ථානයක හිරිවැටීමක් වැනි ක්‍රියාවන් කිහිපවිටක් ඇතිවීම දැක්විය හැකිය. මෙවැනි රෝගාබාධ වෙනත් සාමාන්‍ය රෝග තත්ත්වයන් සඳහාද ඇතිවිය හැකි වුවද එසේ සිතා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවී සිටීමෙන් සදාකාලික හෝ කෙටිකාලීන අංශභාග රෝගියකුගේ තත්ත්වයට නොදැනුවත්වම රෝගියා ඇදවැටිය හැකි බව සිතට ගන්න. අංශභාග රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතා අතරින් මොළයේ ආබාධවලට පසු බලපාන දෙවැන්න හෘදයාබාධයන්ය. ක්‍ෂණික සහ කෙටි ආහාරයට පුරුදු වීම, මත්පැන්වලට හුරුවීම ආදී දිවි රටාවන්ද මෙයට දැවැන්ත අනුබලයන් වන බවද කිව යුතුව ඇත. හෘදයාබාධයකදී සිදුවන රුධිර කැටි රුධිර නාළ දිගේ මොළය කරා ගමන් කිරීම නිසා එසේ ගමන් කළ රුධිර කැටියක් මොළයේ ස්ථානයකට පැමිණිය යුතු රුධිරය අවහිර කරයි නම් එය අංශභාග රෝගයට ප්‍රබල හේතුකාරකයකි. එලෙසම මෙතැනදී ඉහතකී රුධිර කැටිය හිරවීම නිසා රෝගී වූ රෝගියා මියගියේ නැතිනම් අනිවාර්යයෙන්ම අංශභාගයට ගොදුරු වන්නේය. ඒ නිසා නිතර පපුවෙහි ඇතිවන ඇම්ම සහ පපුව මුල්කර හට ගන්නා සුළු සුළු රෝග ආබාධ ගැන සැලකිලිමත් වීම මැනවි. කිසිදු රෝගාබාධයක් නැතිව අංශභාගයට ගොදුරු වන අය අතර දීර්ඝකාලීනව අසීමිත ලෙස දුම්බීමට සහ මත්පැන්වලට හුරු වූ අය ප්‍රධානය. එලෙසම අවුරුදු 50 - 60 අතර ජීවත් වන්නන් වැරැදි ආහාරපාන රටාවන්ගෙන් අත්මිදීම රෝග බොහොමයකින් වැළකීමේ හේතුවක් ලෙසද දැක්විය හැකිය. ස්වාභාවික ලෙස අංශභාගයට පත්වීම ගැනද මෙහිදී සඳහන් කරන්නේ නම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, නහර දුර්වලතා, හෘදය ආශ්‍රිත ගැටලු වැනි ආබාධයනට ගොදුරු වූ අය වැඩිහිටි වයසේදී බොහෝවිට අංශභාගය කෙමෙන් කෙමෙන් වැලඳ ගනියි. තවද මිනිසා වියපත් වනවිට සාමාන්‍ය වශයෙන් සිදුවන ඉන්ද්‍රියයන් දුර්වලවීම හේතුකොට ගෙනද වයසට පත්වයෑම නිසා අවයවයන් දුර්වලවයෑම, කල්පනා ශක්තිය අවම වීම, නහර වියළීම වැනි දුර්වලතා ඇතිවීම නිසාද ඇතැම් අය අංශභාග රෝගයට ගොදුරු වෙති. එහෙත් අනූවැනි වියෙහි, සියක් වැනි වියෙහි පසුවුවද ඉතාම නිරෝගීව සිටින අය ඔබද දැක ඇතැයි සිතමි. මෙහිදී වෛද්‍ය ප්‍රතිකාරයනටත් වඩා නිරෝගී බවට ඉවහල් වන්නේ අප ඉහත සඳහන් කළ යම් චර්යා රටාවන්ය.
ව්‍යායාම කෙරෙහි සැලකිලිමත්වීම විශේෂය.
එක තැනකට කොටුව නොයිඳ නිතර එහා මෙහා ඇවිදීම, වැඩි වෙහෙසක් නොදැනෙන වැඩපළෙහි නිතර යෙදීම, නිතර අතැඟිලි දිගහැර නවමින් කරන ව්‍යායාමයක යෙදීම යෙහෙකි.
ආහාර රටාව ගැන සැලකිලිමත් වීමද මෙහිදී තවත් වැදගත්ය.
මාස් මාංසයන්ගෙන් අෑත්වීම (විශේෂයෙන් ගවමස්, උෟරුමස් වැනිදෑ) කල්තබා ගැනීමේ ක්‍රම අනුගමනය කරන ආහාර වර්ගයන්ගෙන් වැළැකීම, පලාවර්ග, එළවළු, පලතුරු, කෙඳි සහිත ආහාරවලට හුරුවීම, රසකාරක සහ වර්ණගන්වන ලද ආහාර පානයන්ගෙන් වැළකීම සහ නිතර වතුර පානයට හුරුවීම ද මෙවැනි රෝග වැළැක්වීමට හේතු සාධක වෙයි. මේවා නියමාකාරයෙන් පිළිපැදීම අංශභාගයෙන් තොර නිරෝගී මහලු දිවි පෙවෙතකට ඉවහල් වේ.
මව්බිම