ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ

ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ

කාන්තා ශරීර සැකැස්ම ගැන පිරිමින් නොදැනුවත් වීම නිසා බොහොමයක් ගැටළු ඇති වෙලා තිඛෙනවා. වැරදි තීරණ නිගමන වලට එළඹීම පමනක් නොවෙයි පවුල් කැඩී යාමටත් මෙය හේතුවක්. මෙහි ප්‍රධාන බලපෑම එල්ල වන්නේ මැදි වියේ කාන්තාවන්ට.ඒ නිසා අද අවධානය ඔවුන්ට වැළඬෙන ලෙඩවල් කිහිපයක් ගැනයි. කාන්තාවන්ගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මුලිකවම දරු උපතක් සිදු කිරීම සඳහායි. දරුවෙකු පිලිසිඳගැනීමට හැකියාව ඇති වයස් සිමාව තුල මේ සුවිශේෂී සැකැස්ම නිසාම බොහොමයක් රෝග වලින් කාන්තාවන්ට ඉබේම ආරක්ෂාව ලැඛෙනවා. නමුත් ආර්තවහරණයත් සමගම මේ ස්වාභාවික ආරක්ෂාව නැති වෙලා ගිහින් බොහොමයක් රෝගාබාධ වලට අවදානම් සහිත තත්ත්වයක් ඇති වනවා. මේ ගැන දැනුවත් වී ඒ පිළිබඳව අවධානය යොමු කලොත් මේ කාන්තාවන්ටම විශේෂ වු ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නට හැකියාව තිඛෙනවා. මැදිවිය ඒ කියන්නේ වයස අවුරුදු 35-55 අතර කාලය බොහෝ දෙනකුට අර්බුද ඇති කරවන කාල වකවානුවක්. බොහෝ විට එය සිදුවූයේ තමන්ගේම නොසැලකිලිමත් බව නිසා හෝ අතපසුවීම් හේතුවෙන් විය හැකියි. කාන්තාවන්ගේ ශරීරයේ මේ වෙනස්කම් පිරිමින් පවා දැනගත යුතුමයි. මොකද එසේ නොදැනුවත් වීම පවුල් ප්‍රශ්න ඇති වීමට හේතුවක් විය හැකි නිසා. මේ වයසේ කාන්තාවන්ට ඇති වන සුලබ රෝග තත්ත්ව කිහිපයක් වන්නේ.

  • පියයුරු පිළිකා
  • ගැබ්ගෙල පිළිකා
  • මානසික රෝග
  • ලිංගාශ්‍රිත රෝග
  • නීති විරෝධී ගබ්සා ආශ්‍රිත ගැටලු
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු
  • ආහාර අරුචිය
  • තරබාරුව

කාන්තාවන්ගේ රුව අලංකාර කරවන බොහෝ දේ කාන්තාවන් රෝගී කරවන අවස්ථාත් විරල නැහැ. මොකද මේ කාලය තුල ඇඟේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස් කම් එක්ක සමස්තයක් ලෙස කාන්තාවකගේ පෙනුම අඩු වනවා. ලිංගික ආශාව හීන වනවා. මේ සාමාන්‍ය තත්ත්වයක් බව තේරුම් නොගැනීමෙන් මානසික පිඩාවන්ට ගොදුරු වන කාන්තාවන් ගණන එන්න එන්නම වැඩි වන බව සමීක්ෂණ වලින් හෙළි වී තිඛෙනවා. මේ මානසික අවපීඩන තත්වයට හෝමෝනමය බලපෑමකුත් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැඛෙන ප්‍රධානතම පිළිකා රෝගයක්. එහි දෙවැනි තැනට පත්වනුයේ ගැබ්ගෙල පිළිකාවන් වනවා. තුන්වැනි තැනට පත්වනුයේ ඩිම්බකෝෂ පිළිකායි. පිරිමි පාර්ශ්වය අතර බහුලව දැකිය හැකි පිළිකා රෝග අතර ප්‍රධාන තැන හිමිවනුයේ මුඛ පිළිකාවලටයි. දෙවැනි තැන හිමිවනුයේ පෙණහලු පිළිකාවලට වන අතර තුන්වැනි තැන හිමිවනුයේ ගලනාලයේ පිළිකාවලටයි. වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් වැඩිමනත් පිරිස තම පවුල සම්පූර්ණ කොට ගත් අයයි. ඔවුන්ට තවත් දරුවකු අත්‍යවශ්‍ය නැහැ. මේ නිසා වයස අවුරුදු 35 ඉක්මවූ විවාහක සෑම කාන්තාවකටම පවුල් සැලැසුම් ක්‍රමයක් අත්‍යවශ්‍යයි. එසේ නොවීමෙන් ඇතිවන අනවශ්‍ය ගැබ් ගැනීම් වල කෙලවර නීතිවිරෝධී ගබ්සාවක් හෝ දරුවාගේත් මවගේත් මරණය දක්වාම දරුණු විය හැකියි. එමෙන්ම මෙසේ උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේදී දෙදෙනාගේම කැමැත්ත තිව වෛද්‍ය උපදෙස් මත ගැලපෙනම ක්‍රමය තෝරා ගැනීම වැදගත්.

වයස තිස් පහ ඉක්මවූ කාන්තාවන් සමබල ආහාර වේලක් ගැනීම සහ නිතිපතා ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍යයි. පිරිමි පක්‍ෂයට සාපේක්‍ෂව කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝනවල වෙනස්කම් වැඩියි. ඒ නිසා හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට කාන්තාවන් ගොදුරු වන අවධානම ආර්තවහරණයට පෙර පිරිමි අයට වඩා අඩු වුනත් මැදි වයසට යන විට එම අවධානම වැඩි වනවා. එමෙන්ම කාන්තාවන් තරබාරු වීම හේතුවෙන් මේ ප්‍රවණතාව ඉහළ ගොස් තිඛෙනවා. මිට අමතරව මේ ක්ෂණික හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන මානසික ව්යාකුලතා, හේතුවක් නැතිව ඇති වන ශරීරයේ කැක්කුම් සුලබයි. මේ දේවල් ගැන දැනුවත් වීමෙන් අනවශ්‍ය බිය වීම් නවතා ගත හැකියි. වයස 35 ඉක්මවූ සෑම කාන්තාවක්ම තම ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කළ යුතුමයි. ඔබට අවශ්‍ය ඕනෑම උපදෙසක් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන "සුවනාරි" සායනයෙන් ලබාගත හැකියි. පියයුරු පරීක්‍ෂාවේ සිට ගැබ්ගෙල ශ්‍රාව පරීක්‍ෂාව දක්වා වූ බෝ නොවන රෝග පරීක්‍ෂාවන් ඇතුළු සියල්ලම "සුවනාරි" සායනය වෙතින් නොමිලයේම සිදුකර ගත හැකියි.

උපුටා ගැනීම ඒෂියන් මිරර් ඇසුරිනි.

Share This Article

සාර්ථක ගැබ්ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ...

මුත්‍රා පිට කිරීමේදී ගැටලු මතුවන පුරස්ථි ග්‍රන්ථි රෝගයට හෝමියෝපති ප්‍රතිකාර

පුරස්ථි ග්‍රන්ථි යනු කුමක්ද? පුරුෂයන්ට ධාතුවල ශක්තිය පාලනය කිරීමට අවශ්‍ය ස්‍රාවයන් ස්‍රාවය කරනුයේ පුරස්ථි ග්‍රන්ථියයි. මෙය විශාල පුවක් ගෙඩියකට දෙහි ගෙඩියකට...

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන ගෙදර කුස්සියේ ඇති එකම බෙහෙත

ලිංගික ක‍්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප‍්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු...

පූරංස්ථ ග්‍රන්ථි ඉදිමීම කියන්නේ කුමක් ද?

පිරිමින්ට ම විශේෂ වූ ඉන්ද්‍රියයක් තමයි පූරංස්ථ ග්‍රන්ථිය කියන්නේ. ඉංග්‍රීසියෙන් ප්‍රොස්ටෙිටි ග්ලැන්ඩි යනූවෙන් හැඳින්වෙනවා. මේ පූරංස්ථ ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ මූත්‍රාශයේ ඉදලා...

ගොනෝරියා නොහොත් සුදු බින්දුම

මං බස්‌ එකට නැගල හිතේ හොරකමටම ඉඳගත්තේ කෙල්ලෙක්‌ ළඟින්. ඇයගේ නම දිස්‌නා . පැය පහක හයක ගමනේදී අපි දෙන්නා කතා කළෙත්...

දුම්පානයේ අහිතකර ප්‍රතිඵල ගැන ඔබ දැනුවත් ද?

දුම්පානය ශරීරයට අහිතකරයි යන්න අප හැම දෙනෙක්ම දන්නා කාරණයක්. ඒත් කොපමණ දුම්පානය කළත් සිරුරට අහිතකර බවක් නොදැනීම නිසා සිගරට් බොන අය...