ගොනෝරියා නොහොත් සුදු බින්දුම
මං බස් එකට නැගල හිතේ හොරකමටම ඉඳගත්තේ කෙල්ලෙක් ළඟින්. ඇයගේ නම දිස්නා . පැය පහක හයක ගමනේදී අපි දෙන්නා කතා කළෙත් කුළුපග වුණෙත් දන්නෙම නැතුව. දිස්නාගේ විවාහය කෙටිකාලයක් තිබුණ එකක්. මොහොතකදී හමු වුණත් අපි දෙන්නගේ යාළුකම හරියට කාලාන්තරයක් තිබුණ එකක් වගෙයි. ගමනාන්තයට ළඟාවෙන්න කලින් දිස්නයි මායි මගින් බැස්සෙ මගේ පෙරැත්ත කිරීමටයි. ටික දවසකින් මගේ පුරුෂ ලිංගයේ මුත්‍රා මාර්ගය දිගේ සැරව යනවා හරියට වීදුරු කටු යනවා වගේ දැනෙන්න පටන්ගත්තා. වෛද්‍ය පරීක්ෂාවකදී හෙළි වුණේ මට ගොනෝරියා නැතහොත් සුදුබින්දුම කියන රෝගය වැළඳී ඇති බවයි. මෙවැනි අත්දැකීම් සහිත පුද්ගලයන් අපට සමාජයේ නිතර හමුවේ.
රෝග කාරකය :
මෙය ලිංගිකව බෝවන නයිසිරියා ගොනොරියේ නම් බැක්ටීරියාවක් නිසා ඇතිවන රෝග තත්ත්වයකි.
රෝග ලක්ෂණ :
රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අවදානම් සම්බන්ධයේ සිට දින 2 - 5 ගතවීමත් සමගම ඇතිවේ. කාන්තාවන්ගේ ලක්ෂණ ඇතිවීම මීට වඩා ප්‍රමාද විය හැක. මෙහිදී රෝග ලක්ෂණ ශරීරයේ ශ්ලේශ්මල පටල සහිත ප්‍රදේශවල මතුවේ. එනම් කාන්තාවන්ගේ ගැබ්ගෙල, මුත්‍රානාල, යෝනි විවර ආශ්රිත ග්රන්ථීන් හා ගුද මාර්ගය ආසාදනයට ලක්විය හැක. සාමාන්‍යයෙන් පිරිමින්ගේ මුත්‍රා නාල (මුත්‍රා මාර්ගය) හා ගුද මාර්ගය ආශ්රිත ආසාදන ඇතිවේ. කලාතුරකින් අක්ෂිපටල ආසාදනද ඇතිවිය හැක. නමුත් මෙම ලක්ෂණ මතුවන ස්ථානය තීරණය වන්නේ පැවැත් වූ ලිංගික සම්බන්ධයේ දී දෙදෙනාගේ ස්පර්ශ වූ ශරීර ස්ථාන අනුවය.
පිරිමින්ගේ ඇතිවන රෝග ලක්ෂණ :
මුත්‍රා දැවිල්ල, හා මුත්‍රා මාර්ගයෙන් සැරව ගැලීම, කලාතුරකින් වෘෂණ කෝෂ වේදනාව හා ඉදිමීම.
කාන්තාවන්ගේ රෝග ලක්ෂණ :
යෝනි ශ්රාවයන්වල වෙනසක් හෝ වැඩි ශ්රාවයක් ඇතිවීම, මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාවක් ඇතිවීම.
රෝග ලක්ෂණ රහිත ආසාදන :
කාන්තාවන්ගේ ගැබ්ගෙල ආසාදනවලින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ 50% ක් පමණි. නමුත් මෙම රෝග ලක්ෂණ නැති අයගෙන්ද රෝගය බෝවිය හැක. මෙහිදී දිස්නාගේ ගැබ්ගෙල ආසාදනය තිබුණත් විශේෂ රෝග ලක්ෂණයක් ඇයට තිබුණේ නැත. එහෙත් හේමන්තට රෝගය බෝවී තිබිණ. උගුරේ ආසාදන හා ගුද මාර්ගයේ ආසාදනවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයකට රෝග ලක්ෂණ දැකිය හැකි නොවේ. මුඛ හෝ ගුද සම්බන්ධතා පවත්වා නැතිනම් එම ස්ථාන ආසාදනයට ලක් නොවේ.
නිසි ප්‍රතිකාර නැතිවිට ඇතිවිය හැකි සංකුලතා :
වෘෂණ ඉදිමීම, පුරස්ථි ග්‍රන්ථි ආසාදනය, කාන්තාවන්ගේ ශ්‍රොaණි ප්‍රදාහ රෝගය ඇතිවීම, හා පැතිරීගිය ගොනෝරියා ආසාදන තත්ත්වය ඇතිවීම මින් සමහරකි.
රෝග නිර්ණය :
රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණවල ස්වභාවය මෙන්ම ආසාදිත ස්ථානවලට ශ්‍රාව පරීක්ෂණ හා රෝපණ පරීක්ෂණ මගින් හඳුනාගත හැකිය. ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කළ හැකිය. නමුත් රෝගියාට පමණක් ප්‍රතිකාර දීම ප්‍රමාණවත් නොවේ. මෙහිදී ප්‍රතිකාර සඳහා ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත යොමු වන්න. සෑම ප්‍රධාන රෝහලකම ලිංගාශ්‍රිත රෝග සායනයක් පවතී. රෝගය වළක්වා ගැනීම සඳහා 1,2,3 අනුගමනය කරන්න.
- විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කරන්න.
- අෙන්‍යාන්‍ය වශයෙන් විශ්වාසවන්ත තමාගේ විවාහක පුරුෂයා හෝ භාර්යාව සමග පමණක් ලිංගික සබඳතා පවත්වන්න.
- ඉහත 1 හා 2 පිළිපැදිය නොහැකි නම් අනිවාර්යෙන්ම උපත්පාලන කොපුවක් පාවිච්චි කරන්න.
වෛද්‍ය අජිත් කරවිට, සමාජරෝගවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ශික්ෂණ රෝහල, අනුරාධපුර.උපුටා ගැනීම දිවයින පුවත්පත
වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ...
දරු පිළිසිඳ ගැනීමකට නිවැරදි ලෙස ඩිම්බ පිට වීමත්, පැලෝපීය නාල වල නිවැරදි ක්‍රියාකාරිත්වයත් සහ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයෙන් යූත් ශුක්රානූ යෝනි...
මෙවර අප කතාබහ කරන්නේ හෘදයාබාධයන් තුළින් අංශභාගය වැලඳෙන්නේ කෙසේද යන්න ගැනය. කිමද නිතර ඇතිවන හිසේ කැක්කුම් ගැනත්, පුංචියට ඇතිවන යම් හෘදයාබාධයන්...
ලොව වෙසෙන සියලුම පිරිමින් අතරින් හතර දෙනෙකුගෙන් එක් අයකු මාසිකව ඔසප් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. පර්යේෂකයන් මෙම තත්ත්වය හඳුන්වන්නේ...
වෘෂණ කෝෂ ඉදිමීමට හේතු කීපයක් බලපානවා. මේ හේතු සඟවාගෙන සිටීම තත්ත්වය උග්‍ර වීමට හේතුවක් වෙනවා. ප්‍රධාන හේතුවක් තමයි බරවා පරපෝෂිතයා ශරීරගත...
තට්ටය පෑදීම අවුරුදු 20දී පටන් ඇතිවිය හැකියි. මෙවර Meet Your Doctor වැඩසටහනට සහභාගී වූයේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා...