Biz Log
Classifields
Biz Log
Classifields

අවර (Canavalia gladiata)

අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට පිපෙන මල පසුව රතු පාට වේ. කොළ ත්‍රිපත්‍රිය. කරල අඟල් 10 පමණ දිගය. වැල් අවර දකුණු ඇමරිකාවේ නිවර්තනික ප්‍රදේශ වලට ආවේනික ශාකයක් වුවද වර්ථමානයේ ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ අග්නිදිග ආසියාතික රටයල් කහිපයක වැවේ. වැල් අවර හා මුදු අවර යයි තවත් අවර වර්ග දෙකක් ඇත. මුදු අවර වල කරල් කුඩාය. මේ වර්ග වල අවර කරල් ළපටි කාලයේ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනු ලබයි. ඒවායේ ඇටද තම්බා කෑමට යෝග්‍යය. අවර කරල් වල යකඩ හා කැල්සියම් සෑහෙන ප්‍රමාණයක් ඇත. මෙය ලංකාවේ පහතරට වියලි කලාපයේ සුලභ ශාකයකි. අවර  Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

ඖෂධීය වටිනාකම : අවර ශීතල ගුණයෙන් යුක්තය. ශක්තිජනකය. කුසගින්න වඩයි. දැවිල්ල නැති කරයි. පිත් රෝග වහා සුව කරයි. වණ හා තුවාල සුව වීම ඉක්මන් කරයි. එහි ඛනිජ අඩංගු නිසා ආහාරයක් ලෙස විශේෂ ගුණයක් ඇත.

උපුටා ගැනීම අපේ ඔසු blogspot

Share This Article

බෙහෙත් අනෝදා

කුඩා බහුවාර්ෂික ශාකයක් වන මෙය ගම්බද පළාත්වල මහ බැබිල, වල් අනෝදා, කොක්ස් අච්චු ආදී නම්වලින්ද හඳුන්වයි. ආයුර්වේදයේ මෙය "අතිබලා" සහ "මහබලා"...

අඟුණ

කිරි අඟුණ - Tylophora paucifloraතිත්ත අඟුණ - Wattakaka volubilis රුක් අඟුණ - Alangium salvifolium අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ...

අවර (Canavalia gladiata)

අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...

ඇත්දෙමට (Gmelina arborea)

කාශ්මර්ය යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ඇත්දෙමට මීටර් 20 හෝ ඊට වඩා උසට වැඩෙන දේශීය ශාකයකි. හීං දෙමට නමින් කුඩා ශාකයක් ඇති...

ඇඹුල් ඇඹිලිය (Oxalis corniculata)

ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති...

අළු පුහුල් (Benincasa hispida)

ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18...