අළු පුහුල් (Benincasa hispida)

ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18 දක්වා වැඩෙන ඵලය සිලින්ඩරාකාර මාංශල බදරියකි. එහි පිට පොත්තේ සුදු පැහැති ඇලෙන සුලු කුඩක් ඇත. ඵලය තුළ ලා කහ පැහැති ඇට බොහෝ ය. ලංකාව, ඉන්දියාව, මලයාව, චීනය, ජපානය හා නිවර්තන අප්‍රිකාව යන රටවල වවනු ලැබේ. ලංකාවේ හේන් වල වගාකරන අතර ගෙවතු වල ද දක්නට ලැබේ. අළු පුහුල් ව්‍යාංජනයක්, ඖෂධයක් සහ රස කැවිලි සෑදීම සඳහාත් භාවිත කෙරේ. අළු පුහුල් Cucurbitaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම :  සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල අළු පුහුල් හැඳින්වෙන්නේ “කුෂ්මාන්ඩ“ යන නමිනි. කඩා මාස කිහිපයක් ගත වූ අළු පුහුල් ශරීරය නිවා තර කරයි. ශක්තිය ලබා දෙයි. රත්, පිත් හා වාත දෝෂ නසයි. කුසගිනි වඩයි. අන්ත්‍ර හෙවත් බඩවැල් ශුද්ධ කරයි. පිත් දෝෂ සමනය කරයි. අළු පුහුල් ඇට මූත්‍රා අඩස්සිය හෙවත් හරිහැටි මූත්‍ර පහ නොවීමට ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එම ඇට අඹරා යටි බඩේ ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සිය පහව යයි.

අළු පුහුල් යුෂ ක්ෂය රෝගය, සිහි විකල් වීම, මීමැස්මොරය, පෙණහලුවල වණ, පීනස හා ඇඳුම ආදියට ප්‍රතිකාර වශයෙන් යොදනු ලබන ඔසු තැනීමට ගනු ලැබේ. අළු පුහුල් කොළ හා දඬු යොදා තනා ගන්නා කෂාය විෂ පෙවුන විට මාහැඟි ප්‍රතිකාරයකි. යුනානි වෙදකමේ අළු පුහුල් ඇට වලින් සිඳින තෙලක් හිස සිසිල් කිරීමට නිර්දේශ කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇති වන ලේ ගැලීම් නැවත් වීමට අළු පුහුල් යුෂ යොදා ගනී. තවත් ඖෂධ හා මිශ්‍ර කොට ප්‍රධාන වශයෙන් අළු පුහුල් වලින් තනනු ලබන “ඛණ්ඩකුෂ්මාණ්ඩය“, “වාසකුෂ්මාණ්ඩඛණ්ඩය“ සහ“කුෂ්මාණ්ඩසෘතය“ ශරීරය තරකොට දාහය හෙවත් දැවිල්ල නිවා බලවර්ධනය කරන ඖෂධ රසායනයි.

උපුටා ගැනීම අපේ ඔසු blogspot

Share This Article

සන්ධිවාත රෝගය පහසුවෙන් සුව කළ හැකි පාරම්පරික රහස් වෛද්‍ය ශාස්ත්‍රයක මහිම

අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ආසියාකරයේ බොහෝ ප්‍රායෝගික වෛද්‍ය විද්‍යා දැනුමද රැගෙන අත්හදා බලා තවදුරටත් පෝෂණය කොට ගත්තක්. ඒ නිසා ඕනෑම රෝගයකට...

අවර (Canavalia gladiata)

අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...

අඟුණ

කිරි අඟුණ - Tylophora paucifloraතිත්ත අඟුණ - Wattakaka volubilis රුක් අඟුණ - Alangium salvifolium අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ...

අතුකැටිය [ xylopia parviflora ]

මෙය අඩි 2-3 පමණ උස් ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. මල්...

අසමෝදගම් - Asamodagam [Trachyspermum roxburghianum]

අසමෝදගම් සෙ.මි 70 දක්වා උසට වැඩෙන බොහෝ අත බෙදීගිය වාර්ෂික පැලෑටියකි. ඒකාන්තරව පිහිටන පත්‍ර ත්‍රි පක්ෂවත් හෝ ඒක-දීවී පක්ෂවත්ය. මෙහි පත්‍ර වලින් සුඳක්...

අහු (Morinda citrifolia)

අච්ජුක යන ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වන අහු, කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත, මීටර් 9 ක් පමණ උසට වැඩෙන කුඩා...