අතුකැටිය [ xylopia parviflora ]
මෙය අඩි 2-3 පමණ උස් ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. මල් තද කහ පාට ය. මල් වල බූවක් නැත. ඝන කොට නටුවකින් යුතු ඵලය අඟල් 1-1 1/4 දක්වා දිග ය. එහි දිගැටි ඇට කීපයක් තිබේ. මෙය ලංකාවට ආවේනික ශාකයකි. ලංකාවේ ද මෙය වැවෙන්නේ මීගමුව හා කළුතර වැනි පහතරට තෙත් ප්‍රදේශවලයි. මල් හට ගන්නේ සැප්තැමිබර් මාසයේ දී ය. මුල්, පොත්ත, මල් හා ගෙඩි සුවඳවත් ය. ලීය අළු පාට ය. අතුකැටිය Annonaceae කුලයට අයත් ශාකයකි.
අතුකැටිය
මුල් වෙනත් ඔසු සමඟ යොදා ඖෂධ තැනීමටත්, තනිකර ඖෂධයක් සේත් ගැනේ. මෙහි මුල් තිත්ත ය, කටුකය, ඌෂ්ණ ගුණ ඇත්තේ ය, විෂ නාශක ය, උදර ගත පණුවන් නසයි. සර්ප විෂ සහ පිස්සු බලු විෂ සඳහා
කෙරෙන ප්‍රතිකාර වල දී අතුකැටිය අන්‍ය ඖෂධ ශාක හා බෙහෙවින් යොදනු ලැබේ.
උපුටා ගැනීම අපේ ඔසුපැළ blogspot
වස විෂ නසයි හදවත සුරකියිපිළිකා නසයිතරබාරුව මට්ටු කරයිදියවැඩියාව පාලනය කරයිඋද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙස හැඳින් වෙන කිතුල් ගසෙන් වසර දෙ දහසකටත්...
යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා...
අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට...
කුඩා බහුවාර්ෂික ශාකයක් වන මෙය ගම්බද පළාත්වල මහ බැබිල, වල් අනෝදා, කොක්ස් අච්චු ආදී නම්වලින්ද හඳුන්වයි. ආයුර්වේදයේ මෙය "අතිබලා" සහ "මහබලා"...
රාස්නා හෙවත් අරත්ත වර්ග දෙකකි. එ් මහ අරත්ත සහ හීන් අරත්ත වන අතර වැඩිපුර බේතට ගනු ලබන්නේ හීන් අරතත ය. පෙළොව යට පිහිටි...
අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය. සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය...