Biz Log
Classifields
Biz Log
Classifields

දියවැඩියාවට ගුණ දෙන බව පැවසෙන ඉන්සියුලින් ශාකය


රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩිවීම නොහොත් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නන්ට සුවය ගෙන දෙන අපේ රටේ ද වගා කළ හැකි ශාකයක් පිළිබඳව පසුගිය කාලයේ අනාවරණය විය. ‍පොදුවේ ඉන්සියුලින් ශාකය ලෙස හැඳින්වුවද එය Chamaecostus cuspidatus  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ද Costus igneus යන පර්යේෂණ නාමයෙන් හද හඳුන්වා දී තිබේ. නැගෙනහිර බ්‍රසීලයේ ජන්මය ලැබූ මෙම ශාකය මෙම වනවිට වැඩි වශයෙන් වගා කෙරෙන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ Journal of Clinical and Diagnostic Research ආයතනයේ පර්යේෂකයන් ඉන්සියුලින් ශාකය පිළිබඳව පර්යේෂණ කිරීම ආරම්භ කරනු ලැබුවේ 2009 වසරේදීය. මතෛක් ඔවුන් විසින් සිදු කරන ලද පර්යේසණ 18 ක් මගින් නිගමනය වූයේ මෙම ශාකයට රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඒකාකාරී පවත්වා ගැනීමේ හැකියාවක් ඇති බවයි. ඒ මෙම ශාකය මගින් නිපදවන ඉන්සියුලින් හේතුවෙනි. රුධිරයේ ඉහළ යන සීනි සාන්ද්‍රණය ස්වභාවිකව අඩු කරන්නට මෙම ශාකයේ පත්‍ර ආහාරයට ගැනීමෙන් හැකි වන බව පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙන ලදි. 

මෙම ශාකය මගින් රුධිරයේ සීනි සාන්ද්‍රණය පාලනය කිරීමේ හැකියාවක් පවතින බව පළමුවරට සොයා ගනු ලැබුවේ ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිල නොවන ආකාරයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණවලිනි. එනම් වර්තමානයේ අප සංසන්දනාත්මක පර්යේෂණ නොහොත් Wilcoxon paired test නමින් හඳුන්වන පර්යේෂණ උපයෝගී කරගෙනය. එසේ වුවද ඉන්සියුලින් ශාකය මගින් කොපමණ දුරකට දියවැඩියාව පාලනය වන්නේද යන්න පිළිබඳව සොයා ගැනීමට මෙම ක්‍රමය භාවිත කළ නොහැකිය. නමුත් වර්තමානයේ Journal of Clinical and Diagnostic Research ආයතනයේ පර්යේෂකයන් පවසන අන්දමට දියවැඩියා රෝගයේ දෙවැනි තෙවැනි අදියරවල සිටින රෝගීන් ක්‍රමානුකූලව මෙම ප්‍රතිකාරය කිරීමෙන් මාසයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිවේ. දිනපතා උදෑසන ආහාරයට පෙර ඉන්සියුලින් ශාකයේ පත්‍ර දෙකක් හොඳින් සපා ගිල වතුර වීදුරු බාගයක් පමණ පානය කළ යුතුය. ඉන්පසු රාත්‍රී ආහාරයට පෙර ද එසේ ඉන්සියුලින් ශාක පත්‍ර දෙකක් ආහාරයට ගත යුතුය. පළමුවන සතියේ මෙසේ පත්‍ර දෙක බැගින් ද දෙවැනි සතියේ සිට එක් ශාක පත්‍රය බැගින්ද ආහාරයට ගැනිම යෝග්‍ය වේ. සාර්ථක ප්‍රතිඵල සඳහා මෙය මාසයක් නොකඩවා සිදු කළ යුතුය. 

මීට අමතරව ඉන්සියුලින් ශාකය වෙනත් රෝගාබාධ රැසකට ප්‍රතිකර්මයක් බව මේ වනවිට බටහිර ලෝකයේ සිදු කරන ලද පර්යේෂණවලින් හෙලි කර ගනිමින් සිටී. ඒ අනුව ඇදුම, පෙනහළු ආශ්‍රිත රෝග, උදරය ආශ්‍රිත රෝග සඳහාද මෙය ඉතා හොඳ ප්‍රතිකාරයක් වනු ඇති බව බ්‍රසීලයේ සාවෝ පවුලෝ විශ්ව විද්‍යාලයේ මානව සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයන අංශයේ පර්යේෂකයන් පවසති. 

ඉන්සියුලින් ශාකය දීප්තිමත් කොල පැහැති විශාල පත්‍ර සහිත අඩි දෙකක් පමණ උස පඳුරු ලෙස වැඩෙන ශාකයකි. මෙහි පත්‍ර ශාක කඳ වටා සර්පිලාකාරව පිහිටන නිසා මෙය Spiral Flag නමින්ද හඳුන්වා දෙයි. ඉන්සියුලින් ශාකයේ ඉතා කුඩා කහ පැහැයට හුරු තැඹිලි පැහැති මලක් හට ගනී. එය අඟල් එක හමාරක පමණ විෂ්කම්භයකින් යුක්තය. ම‍ලේ පෙති මධ්‍යයේ අඟල් කාලක් පමණ උස කහ පැහැති කේතු ආකාර කොටසක් තිබේ. ඉන්දියාවේ ඉන්සියුලින් ශාකය අපනයනික මට්ටමින් වගා කරමින් පවතී. පත්‍ර 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් යුතු ඉන්සියුලින් ශාකයක් ඉන්දියානු රුපියල් 350ක් පමණ වේ. එනම් අපේ රටේ මුදලින් රුපියල් දහසක් පමණ මිලකි. එසේම ඉදිරි වසර දෙක තුන මෙම මිල හතර ගුණයකින් පමණ ඉහළ යා හැකි බවද පර්යේෂකන් පෙන්වා දෙති.  ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විශේෂඥන් පවසනුයේ දියවැඩියාවට නිශ්චිත ඖෂධයක් හෝ ඒ සඳහා යොදාගත හැකි 

මූල ද්‍රව්‍යයක් වශයෙන් මෙහි ඇති යෝග්‍යතාව තවමත් සායනික මට්ටමින් තහවුරු කර නොමැති බවකි. 


දුලංජලී මුතුවාඩිගේ

Share This Article