බඩේ තුවාල සූවකරන බණ්ඩක්කා
බණ්ඩක්කා අපේ රටෙි නැත්නම් ලංකාවේ ගමේ ගොඩෙන් නගරයේත් හොඳ ජනප්‍රිය කෑමක්. ඒත් බණ්ඩක්කා කියන්නේ ලෝකයම දන්න ගුණදායක ඖෂධීය ආහාරයක්. මේ පිළිබඳව පසූගිය දිනක ජර්මනියේ ඩෙස්ල්ඩොෆ් සරසවියේ පර්යේෂණ විද්‍යාඥයකු වන ඇන්ඩ්‍රියාස් හෙක්සල් සිදුකරනූ ලැබූ පර්යේෂණයකින් පෙනී ගියේ ආමාශයේ ඇතිවන වන සූව කිරීමට බණ්ඩක්කාවලට හැකියාවක් තිබෙන බවයි. සාමාන්‍යයෙන් ආමාශයික වන ඇති කරන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි (helicobacter pylori)කියන බැක්ටීරියාවයි. මේ බැක්ටීරියාව ආමාශ බිත්තියට තිබෙන බැඳීම වලක්වන්න අමූ බණ්ඩක්කාවල තිබෙන සාරයට හැකියාව තිබෙන බව. මේ පරීකෂණවලින් හෙළිවූණා. මෙහිදී සිදුවන්නේ අමූ බණ්ඩක්කාවල අඩංගු සංකීර්ණ සීනි සහ ප්‍රෝටීන වර්ග, මේ බැක්ටීරියාවේ ක්‍රියාවලිය අඩපණ කිරීමයි. තවදුරටත් කළ පර්යේෂණවලින් පෙනී ගියේ බණ්ඩක්කා සාරය යෝගටි වැනි ආහාරවලට එකතු කිරීමෙන් බැක්ටීරියා ආසාදන වළක්වා ගතහැකි බවයි. කෙසේ වෙත්ත දේශීය වෛද්‍ය විද්‍යාවට අනූව බණ්ඩක්කා ආමාශ රෝග වළක්වන බව සොයා ගන්නේ අදින් වසර දහස් ගණනකට පෙරය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කැලිෆෝනියාව ආදී මධ්‍යධරණි ප්‍රදේශවල දක්නට ලැබෙන දෙළුම් විශාලමය පඳුරුමය ශාක වශයෙන් හෝ කුඩා ශාක වශයෙන් දැකගත හැකිය. ගසේ...
ආහාර වේලක අඩංගු පෝෂණය ගැන ඔබ කෙතරම් සැලකිලිමත්ද? මේ පිළිබඳ නිසි දැනුවත් බවක් නැති නිසා යකඩ පෝෂණ ඌනතාව රෝග රැසකට හේතුවන...
අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා...
බතල, රසයෙන් මධුර හෙවත් පැණි රසයකින් යුක්ත වේ. ඒ නිසා ඉංගී්රසියේ ස්වීට් පොටේටෝස් නමින් හඳුන්වන අතර බතල සීනි සහිත යැයි ප්‍රකට...
අඹ පලතුරක් වගේම බෝවන රෝග සඳහා විෂබීජ හරණයට අඹ කොළ එල්ලනවා ඔබ දන්නවනේ. අඹ කොළවලින් විෂබීජ හරණය වගේම පත්තිනි මෑණියන් ගේ...
පෝෂණ පදාර්ථ බොහෝ සෙයින් ඇති ගොටුකොළ අප ජීවිත හා බද්ධව සිටිනුයේ නැතිවම බැරි පලා වර්ගයක් ලෙසයි. ඉතාමත් අලංකාරව හැඩයට වැවෙන මෙය...