ලස්සන වෙන්න ඉදුණූ බෙලි හොදම බෙහෙතක්.

බෙලි

හින්දු විශ්වාසයට අනූව බෙලි ශාකය ඊෂ්වර දෙවියන්ගේ ගෞරවයට පාත්‍ර වූවකි. බෙලිගසක් සිටූවීම පූණ්‍ය කටයූත්තකි. බෙලිගසක් මැනවින් රකින මිනිසා වාසනාවන්තයකු මෙන්ම මෙයින් සමෘද්ධිය හා ඉසූරුමත් බව ලබාදෙන බව ද කියවේ. නිවසට දකුනූ දෙසින් බෙලිගසක් සිටූවීමට පැරැන්නෝ පූරුදු වූයේ මේ හේතුව නිසාය. ඉතා අතීතයේ සිටම බෙලි ඖෂධයක් ලෙස භාවිතකර ඇත. පලතුරක් ලෙස ප්‍රසිද්ධියට පත්වූවද එය හොඳ ඖෂධයකි. සංස්කෘත භාෂාවෙන් බෙලි හඳුන්වන්නේ බිල්ව ලෙසයි. වාතය හා සෙම නසන හෙයින් මේ නම යෙදෙයි. බෙලි හඳුන්වන තවත් නම් කිහිපයකි මේ,

  • ගන්ධ පත්‍ර - කොළවල සූවඳවත් බව නිසා.
  • ශ්‍රීඵල - ශ්‍රියාකාන්තාව වසන නිසා.
  • ත්‍රිපලා - කොල තුන බැගින් බෙදී ඇති නිසා.
  • සදාඵල - බෙලි ගහෙහි ඵල සැමදාම ඇති නිසා.

බෙලිවල මල්, මූල්, පොතු කොළ ගෙඩි මැලියම් සියල්ල ඖෂධ සඳහා යොදාගනී. බෙලිවල ප්‍රභේද දෙකකි.

  • ග්‍රාම්‍ය - කටූ අඩූ ලොකු ගෙඩි වර්ගය.
  • වන්‍ය - කටූ වැඩි කුඩා ගෙඩි වර්ගය.
බෙලිවල ගුණ :

බඩ යනවිට බෙලි කනවා, බෙලි කනකොට බඩ යනවා යනූවෙන් අපේ පැරැන්නන් අතර කතාවක් ඇත. බඩයන විට බෙලි මී පැණි සමගද, බඩ යාමට නම් බෙලි සීනි සමගද කෑමට ගත යූතු බව පැරැණි පොත පතෙහි සඳහන් වෙයි.

අමූ බෙලි මද :

වාතය හා සෙම සමනය කරන අතර මළ බද්ධය නැති කරයි. පාචනය වැනි අවස්ථාවලට හොඳයි. පාචනයට අත් බෙහෙතක් ලෙස රෝහලට ගෙනියන තුරු බෙලිගැට මද පෙති ගසා අව්වේ වේලාගෙන මදක් කබලේ බැඳ කුඩූකර බීමට දෙන්න.

හොඳින් ඉදුණූ බෙලි :

පෝෂණ ගුණයෙන් ඉහළය. ශරීර ශක්තිය ඇති කරයි. හෘදයට හා මොළයට ඉතා හොඳය. මළ බද්ධය නැති කරයි.

බෙලි මල් :

වාතය සමනය කරයි. ඒ නිසා ශාරීරික වේදනාව නැතිකරයි. අතීසාර, වමන, පීනසය යන මේවා සංසිඳුවයි. ශරීරයේ දාහය වැනි අවස්ථාවට හොඳයි. තේ කහට බොනවා වෙනූවට රසවත් ඖෂධීය පානයක් ලෙස පාවිච්චි කළ හැක.

බෙලි මූල් :

වාත දෝෂ නසයි. ආහාර ජීර්ණය පහසූ කරයි. දසමූල් නම් ප්‍රකට ඖෂධයේ අඩංගු මූල්වල බෙලි මූල් අඩංගුවේ.

බෙලි ගෙඩියේ කටූ :

හෘදයට මොළයට හිතවත්ය. මළබද්ධය නැති කරයි. බෙලි කටූ තම්බා බොන වතුරින් අත්පා දැවිල්ල උෂ්ණය ආදී රෝග සූවකරයි.

බෙලි කොළ :

වේදනා නාශකයි. තැවිලි සඳහා බෙලි කොළ, නිකකොළ එරඬූ කොළ ආදී පොටිටනි භාවිත කරයි.

දියවැඩියා රෝගයේදී බෙලි කොළ ඉස්ම හෝ බෙලි කොළ තැම්බූ වතුර පානයට දීම ගණදායකයි. ඉදිමූමටද බෙලි කොළ වතුර ගුණය. අතීසාරය, වමනය වැනි අවස්ථාවල බෙලි කොළ තැම්බූ වතුර ගුණදායකය. උණටද බෙලි කොළ ඉස්ම ඉතා යෝග්‍යයයි. බෙලි පලතුරක් ලෙස ඉතා අගනේය. ප්‍රධාන වශයෙන් සෙම සමනය කරන බලය වඩන අතර ආහාර රුචිය හා ආහාර ජීර්ණය ක්‍රමවත් කරන අතර අග්‍රගනයේ ඖෂධයකි. බෙලි මල් කොළ තැම්බූ වතුර බෙලි යූෂ පානය ඉතාම රසවත්ය. බෙලි ගැට මද කුල්ලේ ගෑම සඳහා ද ප්‍රයෝජනයට ගනූ ලැබේ. ලස්සන රූ සපූවකට ඉදුණූ බෙලි ගෙඩියක මදය මූං ඇට කුඩූ සමග මිශ්‍රකර සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වේ. එමෙන්ම බෙලි ආහාරයට ගැනීමත් ලස්සන රූසපූවකට හේතු වේ.

ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච්. ඩී. තෙන්නකෝන් ජාතික ආයූර්වේද රෝහල, බොරැල්ල.බෙලි ගැන තවත් ලිපියක් බලමු.

Share This Article

තෙල් බැදුම් වගේම පොල් කිරිත් ශරීරයට අහිතකරයි

පුද්ගලයකුගේ පැවැත්ම සඳහා මේදය අත්‍යවශ්‍ය බව ඔබ දන්නවාද? මේදය යනු අපගේ ශරීරයට අහිතකර සංයෝගයක් නොවෙයි. එමෙන්ම මේදය යනු රෝගකාරකයක්ද නොවෙයි. එම...

පස්ගෝරස

කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් යන ඔෟෂධයන් පස්ගෝරස ලෙස හැඳින්වෙයි. එය එකිනෙකට ගුණයෙන් වෙනස්වන අවස්ථාද දැකිය හැකිය.1. කිරිගවයාගෙන් ලබාගන්න කිරි...

පිළිකා අවදානම අඩූ කර ගන්න වැඩිපූර කැරටි කන්න.

රසයෙන් හා ගුණයෙන් මෙන්ම පියකරු වර්ණයෙන් පිරිපූන් කැරටි ලොවේ කොයි කා අතරත් ජනප්‍රිය ආහාරයකි. නිව්කාසල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන...

පැණිරස කෑම වෙනුවට කජු, රටකජු සහ කොට්ටම්බා මද

අපි අතරමැදි ආහාර වේලට යොමු කරන්නේ අඩු අවධානයක්. ඒත් අපේ ප‍්‍රධාන ආහාර වේල් තරමට අතරමැදි ආහාර වේල්ද වැදගත්. බොහෝ අය අතරමැදි...

දිනකට පානය කළ යුතු ජලය කන්න හොඳ පලතුරු

පැණි රස වැඩිපුර කන්නෙ නැතිව පලතුරු කන්න කියලා අපට වෛද්‍යවරු උපදෙස්‌ දෙනවා. ඉතිං බොහෝ දෙනා වෙළෙඳ පොළට ගිහින් පිටරටින් එන ඇපල්,...

කරපිංචා

හිසකෙස් නිරෝගී කරන සත්කාරයක්.හිසකෙස්වල ගැටලුවලට කෘත්‍රිම ආලේපන සුදුසු නැහැ. හැකි තරම් ස්වාභාවික ආහාර සහ ආලේපනවලින් හිසකෙස් සකස් කරගත හැකි නම් එය...