හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ

හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ

වෙළඳපොළෙන් අප මිලදී ගන්නා කරවල වර්ග අතර අප නිතරම ආහාරයට එක්කර ගන්නේ හාල්මැස්සන්ය. හාල් මැස්සන් වර්ග විවිධත්වයෙන් යුතුව මිලදී ගැනීමට වෙළෙඳපළේ බහුලව ඇත. ඒ අතර ලංකා හාල් මැස්සන් හා වෙනත් රටවලින් ආනයනය කරන ලද හාල්මැස්සන් බහුල වෙයි. මේවායේ මිල ගණන් ද විවිධය. කෙසේ නමුත්,

  • මෙම හාල්මැස්සන් අතරින් තත්ත්වයෙන් උසස් හාල්මැස්සන්, අලුත් හාල්මැස්සන් මිලදී ගන්නේ කෙසේද?
  • වෙනත් ආහාර ද්‍රව්‍යවලට මෙන්ම හාල්මැස්සන්ට ද කල්තබා ගැනීමේ බෙහෙත්, රසායන ද්‍රව්‍ය යොදන්නේ ද?

හාල්මැස්සන් ගැන කතා කරද්දී වෙළඳපළෙන් ඔබ මිලදී ගන්නට සූදානම් වන හාල්මැස්සන්ගේ හැඩය ගැන මුලින්ම සැලකිලිමත් විය යුතුයි. මාළුවාගේ හැඩය සහිතව හරියාකාරව ඇති හාල්මැස්සන් මිලදී ගන්නට අමතක නොකරන්න. වියළි බව ඉතා හොඳින් තිබීම ද වැදගත්. ජල ප්‍රතිශතය ඉතාම අඩුවෙන් ඇති හාල්මැස්සන් තෝරා ගන්න.

නැතහොත් හාල්මැස්සන් තෙත ගතියෙන් යුතුවීම ඔබගේ සෞඛ්‍යයට මෙන්ම මුදලට ද යහපත් නොවේ. එවිට ඔබ නිවසට රැගෙන යන හාල්මැස්සන් කල්තබා ගැනිමට නොහැකිය. පුස් වර්ග බැඳීමට ඉඩ ඇත. වියළි බවෙන් ඉහළ හාල්මැස්සන් මිලදී ගත් විට කල්තබා ගැනිමටත්, පුස් වර්ග බැඳීමෙන් හා කෘමි හානිවලින් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබේ. තෙත සහිත බවින් යුතු හාල්මැස්සන් හැමවිටම දිරායෑමට ඉක්මනින්ම ලක් වේ. හාල්මැස්සන් මිලදී ගැනීමේදී හාල්මැස්සාගේ පැහැදිලි ස්වභාවය, වියළි ගතිය, සම්පූර්ණ හාල්මැස්සාගේ ස්වභාවය පැවතිය යුතුය. කිසිවිටෙකත් හාල්මැස්සන් දිරා යාමකට ලක්ව අවපැහැ ගැන්වී නොතිබිය යුතුය.

කළුපාට වූ ඇස් දුඹුරු පැහැ ගැන්වූ හාල්මැස්සන් ද ශරීරය තැනින් තැන කැඩීබිඳී ගිය, ඔලු කැඩී, තැලී ගිය හාල්මැස්සන් ද මිලදි නොගත යුතුයි. මන්ද එවැනි හාල්මැස්සන් පරණ වී ඇති බැවිණි. එලෙසම හාල්මැස්සා ඇඟිල්ලෙන් ඔබා, බැලූ විට තැලී කැඩී අතට ඒ නම්, එබී යයි නම් එයත් පරණ වූ භාවිතයට නුසුදුසු හාල්මැස්සන්ය.

හාල්මැස්සන් කල්තබා ගැනීමට මීට කලකට ඉහත මැලතියන් නම් රසායනික ද්‍රව්‍යය යෙදීම සිදු කර තිබූ අතර එය භාවිතය දැන් තහනම් කර තිබෙනවා. ලංකාවේ භාවිතය තහනම්. ඒ වගේම මැලතියන් යෙදු හාල්මැස්සන්, වටලා විනාශ කර එම කූට වොළඳුන්ට විරුද්ධව නඩු පවරන්නටත් කටයුතු කර තිබෙනවා. මේ නිසා දැන් හාල්මැස්සන්ට මැලතියන් මුසු කිරීම සිදු වන්නේ නැහැ.

හාල්මැස්සන් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු තවත් වැදගත් දෙයක් වන්නේ හාල්මැස්සන් මත කුඩා සතුන් සිටී ද යන්නයි. එසේ කුඩා සතුන් සිටී නම්, ගුල්ලන් ද ඇති බවත් පෙනේ නම් එවැනි හාල්මැස්සන් කිසිවිටෙක මිලදී නොගත යුතුයි. මන්ද එම සතුන් හාල්මැස්සන්ගේ ඇති පෝෂණය උරාගෙන එම සතුන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය හාල්මැස්සන් මතට හෙළන නිසාය. මේවා ආහාරයට ගැනීමෙන් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට වෛරස් වැනි දේවල්වලට මිනිසා ගොදුරු විය හැකියි.

හැමවිටම වියළි ස්වභාවයෙන් යුතු නොනැමෙන දරදඬු ස්වභාවයක් සහිත ඇස් දීප්තිමත්, පිටෙහි දීප්තිමත් රේඛාව සහිත හාල්මැස්සන් තෝරා ගැනිම කළ යුතුයි. හාල්මැස්සන් කැල්සියම් හා ප්‍රෝටීන් අධික ආහාරයක් නිසාත් කැල්සියම් ඌනතාවයෙන් පෙළන අයට කදිම ඔසුවක් වන්නේ හාල්මැස්සන් ආහාරයට ගැනීමයි. කුඩා ළමුනට, කිරි දෙන මව්වරුන්ට මෙන්ම ගර්භණී මව්වරුනට ද හාල්මැස්සන් ඉතාම විශේෂ වෙනවා. හැකි හැමවිටම හාල්මැස්සන් ආහාරයට ගැනීම ඉතාම වැදගත්.

Share This Article

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ...

ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.

මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට...

සිරුර පැහැපත් කරන රණවරා

කොළ කැඳ නම ඇසූ පමණින්ම ඔබට අමතක කරන්නට බැරි කොළ වර්ගයක් සිහියට නැගෙනවා නොඅනූමානයි. ඒ රණවරා ශාකයයි. එය, ඒ තරමටම රසවත්...

කොහොඹ කොළ මැල්ලූමක් කෑ දවසක්

ලෙඩරෝග සූව කිරීමේ සූවිශේෂි හැකියාවක් සහිත ශාක අපමණ සංඛ්‍යාවක් ශාක ලෝකයේ ඇති අතර කොහොඹ පාවටිට අරළු බූළු, නෙල්ලි ආදිය ශාක ලෝකයේ...

දිනක්‌ දෙකක්‌ තැබූ අලුත් මාළු අධිශීත කර ආහාරයට ගත හැකිද?

එපා... එක්‌සත් රාජධානියේ ආහාර ප්‍රමිති නියෝජිතාංශය (FSA) පවසයි. අලුත් මාළු නරක්‌ වීම ආරම්භ වූ විගසම ඒවා අධිශීත කිරීම නුසුදුසුය. ඒවායේ ප්‍රමිතිය...

රතු බිත්තර සුදු බිත්තර වලට වඩා ගුණද?

ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන අයට ඒ සඳහා ඉතා පහසුවෙන්ම ලබාදිය හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙස නිර්දේශ කරන්නේ බිත්තරය. එහිදී කිකිලි බිත්තර ඉතා පහසුවෙන්...