අජීර්ණයට ඉරිවේරියා හොඳ ඖෂධයක්
ඕනෑම කෙනකුට ආහාර අජීර්ණ වීම නිසා හදිසියේ කිහිප වරක්ම බඩ බූරුල් කර යාම සිදුවෙයි. ඒ වගේම දරුවන්ටද කිරි සහ ආහාර අජීර්ණවීම නිසා එවැනි තත්ත්වයන් මතුවිය හැකිය. එවැනි අවස්ථාවලදී ගැනීමට හැකි ප්‍රතිකාර කිහිපයකි මේ.
- අසමෝදගම්, කොත්තමල්ලි, කබලේ බැද කුඩූ කර තේ හැඳි එකක් පැහෙන වතුරට වත්කර පෙරා සීනි මී පැණි දමා ටික ටික බීමට දෙන්න.
- සාදික්කා, වදකහ, දෙහි ඇඹූලෙන් ගලගා එම වතුරට රත කල්කය සහ කොත්තමල්ලි දමා දියකර දෙන්න.
- කළාඳුරු, තිප්පිලි, කර්කටක ශ්‍රීංගි කුඩූ කොටා මී පැණියෙන් අනා දෙන්න.
- ඉරිවේරිය සහමූලින් උදුරාගෙන කොටා මිරිකා ඉස්ම ගෙන එම ඉස්මට යකඩ ඇණයක් ගිනියම් කර දමා පසූව එය බීමට දෙන්න.
- බෙලි මූල් කලන් 12 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ, වී පොරි එම කසායෙන් පොඟවා මී පැණි සමග කෑමට දෙන්න.
- දෙහි දළු, දෙහි පොතු, අමූ ඉඟුරු එක පමණ ගෙන කොටා වණ්ඩූවේ තම්බා මිරිකාගත් යූෂට දෙහි යූෂද මිශ්‍රකර තේ හැඳි දෙක බැගින් දවසට තුන් හතර වරක් දෙන්න.
- වියලි ඉඟුරු, කළාඳුරු අල, කෙලි ද හාල්, අතිවිඩයන්, ඉරිවේරිය කලන් එක බැගින් ගෙන මැදට හතර බැගින් ගෙන වතුර පත 4 1·2 ට සිඳ දෙතුන් වේලක් මී පැණි දමා දෙන්න.
මෙවැනි ප්‍රතිකාර කළ හැකි නමූත් සූව නොවේ නම් වෛද්‍යවරයෙක් හමූවීම ඉතාම සූදුසූයි.
වෙළඳ පොලට යන ඔබ තක්‌කාලි ගැනීමට බියවන්නේ ඇයි? තක්‌කාලි පලතුරක් ලෙස කෑමට ගන්න. හාල්මැස්‌සො වැනි කිසිම කරවල වර්ගයක් සමග එකට දමා...
ලොකු මාළුයි - පොඩි මාළුයිකටවහරට කියන්නේ ලොකු මාළු සහ පොඩි මාළු කියලා. පොඩි මාළු හොදි හදලා කනවට වඩා බැඳලා කන එක...
වගා කරනු ලබන බිම්මල් විශේෂයන් අනුව ප්‍රෝටීන් ප්‍රතිශතය එහි අමු බරෙන් 1.75 සිට 5 පමණ දක්වා විචල්‍ය වෙයි. මෙම අගය 3.5...
වයස් භේදයක් නැතුව අද බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන රෝගී තත්වයක් තමයි ගැස්ට්‍රයිටිස් කියන්නෙ. දවසේ ඕනම වෙලාවක ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන උදර වේදනාව...
චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත....
අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා...