කළු චොක්ලට් පෙත්ත පාකින්සන් ඈතට පන්නයි

කළු චොක්ලට් පෙත්ත පාකින්සන් ඈතට පන්නයිචොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම පරීක්ෂණයට රෝගීන් 30කට ආසන්න පිරිසක් ඔවුනට කොකෝවා අඩංගු නොවන සුදු චොක්ලට් හා කොකෝවා අඩංගු (කොකෝවා සියයට 85ක්) කළු චොකලට් සතියක් පුරා දිනකට දෙවරක් බැගින් ලබාදීමට පර්යේෂකයෝ කටයුතු කළහ. ඉන් අනතුරුව ඊට පසු සතියේදී ඔවුනට ලබාදුන් චොකලට් වර්ග මාරු කර ලබාදුන් අතර ඔවුන්ගේ රෝග ලක්ෂණ සසඳා බැලිණි. ඩොපමයින් නැමැති ද්‍රව්‍ය නිපදවන මොළයේ ස්නායු සෛල විනාශ වීම නිසා පාකින්සන් රෝගය ඇතිවේ. ඩොපාමයින් ද්‍රව්‍ය සිරුරේ අවයව ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. හෝමෝන අඩු වීම පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ හා සම්බන්ධය. උදාහරණයක් ලෙස කම්පන තත්ත්ව පෙන්වාදිය හැකිය.‍ චොක්ලට් නිපදවීමට ගන්නා කොකෝවාවල අඩංගු පෙනිලෙතලැමයින් නැමැති රසායන ඩොපාමයින් ද්‍රව්‍ය මුදා හැරීම වේගවත් කරන බව අනාවරණය වී ඇත. 

ලංකාදීප

Share This Article

නින්දට බාධා කරන ආහාර

ඔබ ගන්නා ආහාරවල පෝෂණීය බව පමණක් නොව ඒවා ගන්නා අවස්ථාව අනුවත් එහි ගුණාත්මක තත්ත්වයේ වෙනසක් ඇති විය හැකියි. විශේෂයෙන්ම රාත්‍රියෙදී ගන්නා ඇතැම් ආහාර...

හදවත රැකදෙන මොළයට සුවදෙන මුහුදු මාළු

රට වටේම මුහුදක් තිබුණත් අපේ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැනුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ...

ලාබයි කියලා නිතර දෙවේලේ ගෝවා, රාබු කන්න එපා

මල්වර සමයේ, ගැබිනි සමයේ කිරි දෙන කාලයේ වායුගෙඩි ඇතිවෙන්න පුළුවන්. එය ලෙඩක් නොවේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වුණොත් දරුවාගේ මොළය වැඩීමත් බාල...

ඔබත් හරිත තේ බොනවාද?

තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක...

සුදුලූනු

මේද දහනය කිරීමේ විශේෂ හැකියාවසුදුලූනු ලෝකයේ මෙතෙක් පහළ වූ බොහෝ දෑ අතුරින් ආහාරය පිණිස ඇති වටිනාම ද්‍රව්‍යයක් ලෙස හැඳින්විය හැකියි. සුදුලූනු,...

මතක ශක්තිය වැඩි කරන කුරුඳු

අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත්...