ඔබත් හරිත තේ බොනවාද?

තේ බොන්න කවුරුත් කැමතියි. ශ්‍රි ලාංකිකයන් බහුතරක් තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නේ උණු තේ කෝප්පයක් එක්ක. ඔබත් ඒ අතර කෙනෙක්. ලෝක වෙළදපලේ ශ්‍රි ලංකා තේ වලට තියෙන්නේ අද්විතීය තැනක්. තේ වර්ග අතර ග්‍රීන් ටී ගැන ඔබ අසා ඇති. හරිත තේ නැතිනම් ග්‍රීන් ටි කියන්නේ ශාරීරික වගේම මානසික ක්‍රියාකාරිත්වයට උදවු කරන වටිනා ඖෂධීය පානයක්. අවුරුදු දහස් ගණනක සිට පැවැතගෙන එන තේ නිරෝගිමත් දිවියක් අත් කර දීමට ද සමත් වෙනවා.
මොළය වර්ධනයට.
හරිත තේ ඔබගේ මානසික ආතතිය දුරු කරනවා. දවසේ විඩාව නිවා ගැනීමටත් හරිත තේ උපකාර වෙනවා.
පිළිකා මර්ධනයට.
පියයුරු පිළිකා, පුරස්ථිති පිළිකා ඇතුලු පිලිකා රෝග වලින් ඔබ ඈත් කර ශරීරයේ ඇති පටක වලට හානි නොවෙන පරිදි පිළිකා කාරක විනාශ කිරීමට හරිත තේ වලට හැකියාව තිබෙනවා. හරිත තේ නිතරම පානය කිරීම තුලින් පිළිකා වැළදීමේ ප්‍රවණතාවය අඩු කර ගන්න හැකියාව තිබෙනවා.
දීර්ගායුෂ ලැබීමට.
ඔබ දන්නවාද? හදිසි අනතුරු වලින් 42%ක් කාන්තාවන්ද 35%ක් පිරිමින්ද මිය යනවා.කාන්තාවන් 23% ක් සියලු ලෙඩ රෝග වලින් මිය යනකොට පිරිමින් 12%ක් එම හේතුවෙන් මිය යනවා. හෘද රෝග වලින් මිය යන කාන්තා ප්‍රතිශතය 31%ක්. එය පිරිමින්ගේ 22%ක් ලෙස සටහන් වෙනවා. ලෙඩ රෝ හා හෘද රෝග වලට හරිත තේ හොද ඖෂධයක් වගේම එයින් ඔබේ තරුණ බව රැක දී සිරුර නිරෝගිමත් කිරීමට උපකාර වෙනවා.
බර අඩු කරගැනීමට.
හරිත තේ සිරුරේ බර අඩු කරන්නේ කැලරි ප්‍රමාණය දහනය කිරීමෙන්. උදේට හරිත තේ කෝප්පයකක් පානය කිරීමෙන් ඔබේ සිරුර හැඩ හා සැහැල්ලු කර ගන්න පුළුවන්.
දියවැඩියාව රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් පාලනයට.
හරිත තේ වල තියන තවත් විශේෂත්වයක් වෙන්නේ එය මේදය හා සීනි පාලන කිරීමයි. සිරුරට අවශ්‍ය මේදය රදවා අහිතකර මේදය ඉවත් කිරීමේ බලය හරිත තේ සතුවෙනවා.
ප්‍රතිශක්තිකරණයට.
ඔබ දන්නවාද හරිත තේ ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණට උපකාර වෙන බව? වෛරස් හා බැකිටීරියා නාශකයක්ද වෙනවා. හරිත තේ පානය කිරීමෙන් රෝග නිවාරණය වෙනවා වගේම රෝග වැළදීමෙන් ඔබව ආරක්ෂා කරනවා.
රූ සපුව රැක ගැනීමට.
හරිත තේ ඔබේ ශරීරය නිරෝගිමත්ව තබනවා වගේම ඔබේ රුව රැක ගැනීමට උදවු කරනවා. නිතරම හරිත තේ පානය කිරීම තුළින් රූමක් බව රැක ගැනීමට හැකියාව තිබෙනවා.
සටහන : තිලිණි මිගහපල
දරු සම්පත් අහිමිවීම පිළිබඳව කාන්තාවනට පමණක් වරද පැටවීම සාධාරණ නැත. ස්ත්‍රී -පුරුෂ දෙදෙනාගේම කායික හා මානසික දුබලතාද දරුඵල අහිමිවීමට හේතුයි. දරු...
කුරුට්ට සහිත සහල්ධාන්ය වර්ග ගැන කතා කරන විට බත් ප්‍රධානයි. බත්වල ඇති පෝෂණය හරියාකාරව ලබාගන්න නම් කුරුට්ට සහිත හාල් ආහාරයට එකතු...
මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට...
අමුවෙන් ඉදවන්නෙ ඇයි?සාමාන්‍යයෙන් කෘත්‍රිමව පලතුරු ඉදවීම සිදුකරන්නේ පලතුරු වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහාය. පලතුරු වෙළෙඳපළ සමහර කාලවලදී එතරම් කාර්යබහුල නැහැ. ඒ වගේම...
ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන...
හිසකෙස් නිරෝගී කරන සත්කාරයක්.හිසකෙස්වල ගැටලුවලට කෘත්‍රිම ආලේපන සුදුසු නැහැ. හැකි තරම් ස්වාභාවික ආහාර සහ ආලේපනවලින් හිසකෙස් සකස් කරගත හැකි නම් එය...