Biz Log
Classifields
Biz Log
Classifields

ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

හෘද රෝගවලට

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඖෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඖෂධයක්.

ඔස්ටියෝපොරෝසිස්

ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.

දියවැඩියාව

ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩ්‍රෙිට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.

සමේ නිරෝගී බවට

ඔලිව් තෙල්, ලුණු ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.

හිසට හා සමට තෙතමනය

වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි. ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් මෙය වැරැදි ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ එහි අඩංගු ගුණය නැසීයෑමකි.

උපුටා ගැනීම මව්බිම

Share This Article

එළබටුවලින් හදන ආයුර්වේද දුම්වැටිය

අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා...

බඩේ තුවාල සූවකරන බණ්ඩක්කා

බණ්ඩක්කා අපේ රටෙි නැත්නම් ලංකාවේ ගමේ ගොඩෙන් නගරයේත් හොඳ ජනප්‍රිය කෑමක්. ඒත් බණ්ඩක්කා කියන්නේ ලෝකයම දන්න ගුණදායක ඖෂධීය ආහාරයක්. මේ පිළිබඳව...

ඇසට හිත කතුරුමුරුංගා

කතුරුමුරුංගා අප රටට දකුණු ඉන්දියාවෙන් ලැබුණු ගසෙකැයි සිතේ. මුරුංගා නම දෙමළ නමෙකි. එහි සිංහල නම මිරිකුළු යනු යි. කතුරුමුරුංගාවලට සිහල නමක්...

දිනකට පානය කළ යුතු ජලය කන්න හොඳ පලතුරු

පැණි රස වැඩිපුර කන්නෙ නැතිව පලතුරු කන්න කියලා අපට වෛද්‍යවරු උපදෙස්‌ දෙනවා. ඉතිං බොහෝ දෙනා වෙළෙඳ පොළට ගිහින් පිටරටින් එන ඇපල්,...

උෂ්ණ රෝගවලට සුවය දෙන මුරුංගා

මුරුංගා ශාකය ලංකාවේ සෑම පළාතකම බහුලව දකින්න ලැබෙනවා. ගම්බදව, වතු අලංකරණය පිණිසත්, ඔෟෂධ වටිනාකමක් තිබෙන ශාකයක් විදියටත්, රසවත් ආහාරයක් ලෙසත් විවිධ...

මානසික රෝග සුව කරන මුං ඇටවල රහස් මෙන්න

මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට...