Biz Log
Classifields
Biz Log
Classifields

බෝංචි රුධර පීඩනය අවම කරනවා

බෝංචි රුධර පීඩනය අවම කරනවා

බෝංචි එළවළුවක් ලෙස ආහාරයට ගැනීම අද බහුලව දකින්න පුළුවන්. වෙළඳපොලේ මිල ගණන්වලදී බෝංචිවල මිල ඉහළ යන වාර අනන්තයි. බෝංචි වර්ග කිහිපයක් ඇත. ඒ අතර බටර් බෝංචි රස ගුණ පිරි ආහාරයකි. රනිල කුලයට අයත් බෝංචිවල ගුණ අද විමසා බලමු.

ඖෂධීය වටිනාකම

තන්තු බහුලව පවතින නිසා මල පිටකිරීම පහසු කරයි. ඒ වගේම පිට කරන්න අවශ්‍ය මල ප්‍රමාණය වැඩි කරයි. ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි. රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි. ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. ශරීරයේ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ. පිළිකා අවදානම අඩු කරයි. හෘද රෝග වළක්වාලයි. අන්ත්‍ර ක්‍රියාකාරීත්වයට උපකාරී වේ. මල බද්ධයෙන් ආරක්ෂා කරයි. මල බද්ධය දුරු කරයි. අර්ශස් රෝග හා බඩවැල්වල රෝග දුරු කිරීමට උපකාරී වේ. ප්‍රති ඔක්සිකාරක ගුණ ඇත. උදරයේ වාතය පිරීමක් වෙයි. එයට හේතුව වන්නේ නොදිරවන කෙඳි සහිත කොටස් බැක්ටීරියා මඟින් ජීර්ණය වීමේදී ඇතිවන වාතය නිසාය.

බෝංචිවල පවතින පෝෂණය

ප්‍රෝටීන් බහුල වේ. ශරීරයේ සප්ත ධාතු වර්ධනය කරයි. ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඇත. ඛනිජ ලවන වර්ග ඇත. සංතෘප්ත මේද නැත. විටමින් වර්ග ඇත. විටමින් ඒ, B6 බහුලව ඇත. එසේම විටමින් B හා තයමින් ද ඇත. යකඩ බහුලව බෝංචිවල පවතී. කැල්සියම්, මැංගනීස්, මැග්නීසියම්, පොටෑසියම් බහුලව ඇත. පොටෑසියම් පවතින නිසා ශරීරයේ රුධිර පීඩනය හා හෘද ස්පන්දනය පවත්වා ගැනීමට උපකාරී වේ. 

කොළ පාට බෝංචි 100g ක ඇති කැලරි 31කි. බෝංචි 100g ක තන්තු 9%ක් ඇත. බීටා කැරොටින් බහුලව ඇත. ඒ නිසා ඇස් පෙනීම හොඳින් සිදුවන අතර ඇස්වල නිරෝගිකම ඇති වේ. අල්ට්‍රා වයලට් කිරණ වලින් ඇස ආරක්ෂා කරයි. බෝංචි 100g ක ෆෝලේට් මයික්‍රො ග්රෑම් 37ක් අඩංගු වේ.

ගර්භනී මව්වරුන්ට ගුණයි

ගර්භනීන්ගේ ආහාරවේල රස වාගේම ගුණවත් බව වැඩි කිරීමට උදව් වෙයි. ගර්භනී කල මව ආහාරයට ගැනීමෙන් අළුත උපන් දරුවන්ගේ ස්නායු පද්ධතිය ශක්තිමත් වේ. ශරීරය විවිධ ආසාදනවලින් ආරක්ෂා කරයි.

බෝංචි නිසා ලැබෙන ප්‍රයෝජන

  1. ආහාර මාර්ගයේ ඇති පටල ආරක්ෂා කරයි. 
  2. විෂ කොටස් ශරීරයෙන් ඉවත් කිරීමට සමත් වෙයි. 
  3. ආහාර මාර්ග පද්ධතියේ ඇති පිළිකා කාරක විෂ ඉවත් කරයි. 
  4. ශරීරයේ ඇති අහිතකර මුත්‍ර ඛණ්ඩ ඉවත් කරයි. 
  5. වයසට යාම අඩු කරයි. 
  6. විවිධ රෝග කාරකවලින් ආරක්ෂා කරයි. 
  7. වැඩිහිටි අයගේ මාංශපේෂි දුර්වලතා මඟහරවයි.

රසයෙන් ඉහළයි

ඔබගේ ආහාර පිඟාන වර්ණවත් කරන්නට බෝංචි ව්‍යංජනය කදිමයි. විවිධ ක්‍රමවේදයන්ට අනුගතව සාදන බෝංචි පාසැල් යන කුඩා දරුවන්ට පවා ගුණයෙන් පිරිපුන් ආහාරයකි. විවිධ බත් වර්ග හා සුප් වර්ග සෑදීමේදී බෝංචි නැතිවම බැරිය.උපුටා ගැනීම දිනමිණ

Share This Article