අර්ශස්වලට ගුණ කෙසෙල්ලෙලි සම්බෝලය

අර්ශස්වලට ගුණ කෙසෙල්ලෙලි සම්බෝලය

සුපිරි පන්තියේ ආහාරයක් නොවූවද තෙලට, කිරට, මිරිසට පිස ගත් විට අළුකෙසෙල් වෑංජනය හොඳ රසවත්. ගුණය ඊටත් වැඩිය. මදය විතරක් ගෙන ඉවත දමන අළුකෙසෙල් ලෙල්ලත් එහෙමය. තෙලට පිසගත්තම දිවට හොඳ කටගැස්මක් වූ අළුකෙසෙල් ලෙල්ල සම්බෝලයටත් හොඳ අපූරුයි. කාන්තාවන්ගේ උදර ආබාධවලට සහනය දෙන අර්ශස්වලට ගුණ ගෙන දෙන අළුකෙසෙල් ලෙලි විටමින් බහුල ලෝහ, ලවණ සහ කෙඳි සහිත ආහාරයකි. 

මේ සඳහා අවශ්‍ය දේ :

  • අළුකෙසෙල් ලෙලි - ග්‍රෑම් 200
  • රතුලූනු (ලියා ගත්) - ග්‍රෑම් 30
  • අබ (අඹරා ගත්) - තේ හැඳි 01යි
  • පොල් (බැද ගත්) - ග්‍රෑම් 25
  • කරපිංචා කොළ (ලියා ගත්) තේ හැඳි 01
  • සුදු ලූනු (ලියා ගත්) - තේ හැඳි 01
  • උම්බලකඩ කුඩු - තේ හැඳි 01
  • දෙහි යුෂ - තේ හැඳි 02
  • ලුණු - තේ හැඳි 1/2
  • අමුමිරිස් කරල් (ලියාගත්) - තේ හැඳි 03
සාදා ගනිමු

පළමුව අළුකෙසෙල් පොතු සෝදා පිරිසුදු කර තම්බා පසුව සිහින්ව ලියා ගන්න. එයට පසුව පොල්, සුදුලූනු, අමු මිරිස්, කරපිංචා හොඳින් අඹරා ගන්න.

අනතුරුව රතුලූනු, අබ, උම්බලකඩ සියල්ල බඳුනකට දමා දෙහි යුෂ සහ ලුණු මිශ්‍රකර අඹරා ගත් දෑ සමඟ හොඳින් මිශ්‍රකර අනා ගන්න. අවසානයේ තම්බා ලියාගත් අළුකෙසෙල් ලෙලිද එයටම එක්කර මිශ්‍ර කරගන්න.

උපදෙස් - ප්‍රවීණ සූපවේදී අචාර්ය පබිලිස් සිල්වා

සටහන - දමයන්ති රේණුකා ප්‍රනාන්දු

උපුටා ගැනීම මව්බිම

Share This Article

තරුණ පෙනුම සුරකින ආහාර 8ක්

ආහාර වර්ග තෝරා ගැනීමේදී එහි ගුණාත්මක භාවය ගැන ඔබ වඩාත් සැලැකිලිමත් විය යුතුයි. එහිදී කාන්තාවන් නම් තරුණ පෙනුම රැකගත හැකි ආහාර...

වස විස නැති පලතුරු හඳුනගන්නෙ කොහොමද?

අමුවෙන් ඉදවන්නෙ ඇයි?සාමාන්‍යයෙන් කෘත්‍රිමව පලතුරු ඉදවීම සිදුකරන්නේ පලතුරු වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහාය. පලතුරු වෙළෙඳපළ සමහර කාලවලදී එතරම් කාර්යබහුල නැහැ. ඒ වගේම...

රසට, ගුණට තෙලෙන් උයන්නේ මෙහෙමයි

පාම් තෙල්අද වෙළෙඳ පොළේ බහුලවම දකින්න ලැබෙන්නේ පාම් තෙල්. පාම් ගසෙන් නිපදවන මේ තෙල්වල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගුයි. පාම් තෙල් ශරීර...

හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ

වෙළඳපොළෙන් අප මිලදී ගන්නා කරවල වර්ග අතර අප නිතරම ආහාරයට එක්කර ගන්නේ හාල්මැස්සන්ය. හාල් මැස්සන් වර්ග විවිධත්වයෙන් යුතුව මිලදී ගැනීමට වෙළෙඳපළේ බහුලව...

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි

උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ...

කොත්තමල්ලි

ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේත් ප්‍රබලතම ඖෂධයක් ලෙස හඳුන්වන කොත්තමල්ලි වර්තමානයේ කුළුබඩුවක් ලෙසද භාවිත කරනු ලබයි. මානවයාගේ කොත්තමල්ලි භාවිතය ආරම්භ වූයේ වසර...