පෝෂණීය වටිනාකම් රැසකින් සපිරි කතුරුමුරුංගා

පෝෂණීය වටිනාකම් රැසකින් සපිරි කතුරුමුරුංගා

ගෙවත්තෙන් ලබා ගන්නා කොළ මැල්ලුම් අතර කතුරුමුරුංගා පහසුවෙන්ම ගෘහණිය අතින් පිසෙන පලා වර්ගයකි. ඔබේ බත් පිගාන වර්ණවත්ව කොළ පැහැයෙන් දිලෙන්නට ගුණය රැකගන්නට කතුරුමුරුංගා මැල්ලුම මඳ ගින්නේ පිස ගන්නා ආකාරය ගෘහණිය හොඳින් දනී. වැඩි සාත්තුවක් නැතිව රසායනික පොහොරක් නැතිව වත්තෙන්ම කඩාගෙන කිසිම සෝදා පාලුවකට ලක් නොවී වැසි කාලයේදීත් ලෙඩ රෝගවලින් දුරස්ව ලබාගත හැකි එකම පලා භෝගය කතුරුමුරුංගායි. ශීත ගුණයෙන් යුක්තවීම නිසා අපගේ විවිධ ලෙඩ රෝගවලට උදව් වේ.

පෝණීය වටිනාකම 

කතුරුමුරුංගා මල්වල කැල්සියම්, අයන් හා විටමින් ඊ බහුලව ඇත.

ඖෂධීය ගුණ

  • කතුරුමුරුංගා කොළ හා පොතු ඉදිමුම නැති කිරීමට උදව් වේ. තුවාල ශුද්ධ වීම හා සුව වීමද සිදුවේ. මල් ඇස්වලට හිතකරයි. කොළ විරේචන ගුණය ඇත. සෙම්, පිත් නසන බව ආයුර්වේද මතයයි. කුසගිනි ඇති කරන්නට සමත් වේ.
  • මළ බද්ධයට බොහෝසෙයින් ගුණ දේ. ඇස් පෙනීම වැඩි වේ. නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව, පීනස ආදී රෝග සඳහා ද තොල් පැලී වණ වී ඇතිවන රෝග ආදියට සුව දෙයි. එසේම සෙංගමාලය, වියළි කැස්ස ආදියටත් සුදුසුයි. කොළ රත් පිත් නසයි.
  • ස්වසන රෝග නසාලයි. සෙම් රෝග දුරු කරයි. විරේකනය සැහැල්ලු වෙයි. නමුත් සමහර අයට තද බල ලෙස විරේකය ඇති වේ. ගර්භාෂ රෝග නැති කරයි. මුත්‍රා ව්‍යුහයේ රෝග නසාලයි. මුල් හා කොළ පොතු අඹරාගත් ලේපය, සන්ධිගත වාත හා වාත රක්තයට ගුණදායකයි.
  • කතුරුමුරුංගා මල්, කොළ, ආහාරයට ගනු ලැබේ. මල් ව්‍යංජනයක් ලෙස ගන්නා රසවත් ආහාරයකි. කොළ ව්‍යංජනයක් මෙන්ම මැල්ලුමක් වශයෙන් ද ගනී. තරමක තිත්ත රසයක් පවතින බැවින් එහි අන් ඒවාට වඩා රසය වෙනස්ය. මෙහි මල් ස්ත්‍රීන්ගේ (ශ්වේත ප්‍රදර) සුද යෑම අවස්ථා සඳහා ගුණදායකයි.
  • පණු රෝග නැති කරයි. සවප්න මෝචනය පිණිස ද යෝග්‍ය වේ. ශරීරයේ දැවිල්ල, ශරීරයේ කොතනින් හෝ අස්වාභාවික ලේ යෑමේදී (රක්තපිත) ඉතා ගුණදායකයි. 
  • ඒ වගේම කතුරුමුරුංගා මල් බුද්ධිය වර්ධනයට හා ශරීර බලය වර්ධනය කර ගැනීමට උදව් වේ. කල්පනා ශක්තිය දියුණු කරන, බලය වඩන, ශුක්‍ර වඩන ලපටි කතුරුමුරුංගා කරල් රසවත් ව්‍යංජනයක් ද වේ.

කතුරුමුරුංගා රෝග සුවයට ගුණයි

  • සෙම අඩු කිරීමට

    - කතුරුමුරුංගා කොළ කලං 4, කතුරුමුරුංගා මල් කලං 4,පාවට්ටා කොළ කලං 4 වතුර පත 8 එකට සිඳ පෙරා උදේ සවස මී පැණි සමග බොන්න.

  • මී මැස් මොරය

    - කතුරුමුරුංගා කොළ, යුෂ ගම්මිරිස් සමග අඹරා එළ මුත්‍රයෙන් දියකර පෙරා උදේට නස්‍ය කරන්න.

  • සන්ධි ඉඳිමුමට

    - කතුරුමුරුංගා මල්, කොළ, කළු අත්තන මුල් සමව ගෙන උණු වතුරින් අඹරා දිනකට වරක් ගාන්න.

  • සන්ධිගත වාත රක්තයට

    - කතුරුමුරුංගා මුල් හා පොතු අඹරා ගත් ලේපය සන්ධිගත වාතයට ගුණදායකයි.

  • තොල් පැලීමට

    - කතුරුමුරුංගා කොළ සහ මල් රතුළූණු සමග උයා ගිතෙල් දමා උදේ සවස කන්න.

  • සමේ තුවාලවලට

    - කතුරුමුරුංගා කොළ යුෂ ගාන්න.

  • හිසරදයට

    - කතුරුමුරුංගා කොළ හා මල් යුෂ බිංදු 5 බැගින් නාස්පුඩු දෙකට දමන්න.

  • ඇස් පෙනීම දුර්වල බව හා රාත්‍රී අන්ධභාවයට

    - කතුරුමුරුංගා මල් සහ කොළ පීකුදු සමග උයාගත් ව්‍යංජනය කෑමට ගන්න.

  • වාත රක්තයට

    - කතුරුමුරුංගා මල් වේලා කුඩු කර මි ගව කිරි සමග මිශ්‍ර කර එම කිරෙන් ගෑමෙන් වාත රක්තයේදී සම පැලී ඇති අයට ගුණයි.

කතුරුමුරුංග පලාවක් ලෙස බොහෝදෙනා ආහාරයට ගත්තත් එය අගුණ නොවේ. සාමාන්‍යයෙන් සතියකට දෙතුන් වතාවක් පමණ ආහාරයට ගැනීම සුදුසුයි. කතුරුමුරුංගා වැවෙන පසෙහි බැර ලෝහ තත්ත්වය වැඩි නම් එහි වැසියනගේ වකුගඩු ආබාධ පවතී නම් ඒවා ආහාරයට ගැනීමේදී සැළකිලිමත් විය යුතුය. විශේෂයෙන් අනුරාධපුර වැනි ප්‍රදේශවල වකුගඩු ආබාධ පවතින නිසා එහි වැවෙන කතුරුමුරුංගා ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. නමුත් වෙනත් ප්‍රදේශවල පසට මෙලෙස ලෝහ පදාර්ත එක්වීම අඩු බැවින් එහි වැවෙන ප්‍රභේද වලින් ආහාරයට ගත්තාට කම් නැත.

ස්වර්ණා ආරියවංශ 

උපුටා ගැනීම දිනමිණ පුවත් පතඇසුරෙනි

Share This Article

තරුණ කාලෙට ගැළපෙන පෝෂණය පිරුණු  Smart කෑම

නිවෙසේ සැදූ ආහාර මේ වියේ පසුවන විශේෂයෙන් තරුණයන් පිටතින් (වෙළෙඳසල්, ආපනශාලා, හෝටල් වැනි) ආහාර ගැනීමට වඩාත් ප්‍රිය බවක් දක්වනවා. නිවෙසේ ආහාර පිළියෙල...

හා...හා... ඇපල් කන්නේ බලාගෙනයි

ඇපල් බොහෝ අයගේ ආදරයට, පිළිගැනීමට පාත්‍රවන පලතුරකි. නමුත් මෙතරම් පිළිගැනීමක් සහිත ඇපල් තොගයක්ම පසුගියදා මෙරට භාවිතයට තහනම් කෙරුණි. ඒ පිළිබඳ පුවත...

උෂ්ණ රෝගවලට සුවය දෙන මුරුංගා

මුරුංගා ශාකය ලංකාවේ සෑම පළාතකම බහුලව දකින්න ලැබෙනවා. ගම්බදව, වතු අලංකරණය පිණිසත්, ඔෟෂධ වටිනාකමක් තිබෙන ශාකයක් විදියටත්, රසවත් ආහාරයක් ලෙසත් විවිධ...

ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

හෘද රෝගවලටරුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඖෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි....

වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර වේල

නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක්‌ වන අතර වැඩිහිටි අවධිය සදහා...

කන්න හොඳ තෙල් වර්ග නිවැ­රැ­දිව දැන­ගන්න

තෙලෙන් සාදන ආහාර සඳහා ඔලිව් තෙල් භාවිත කළ හැකි නම් එය වඩාත් සුදු­සුය. ගැඹුරු තෙලේ බැඳ සකසා ගන්නා ආහාර සඳහා වඩාත් සුදුසු වන්නේ පොල් තෙල් ය.වර්ත­මා­න­යේදී ලොව පුරා...