Biz Log
Classifields
Biz Log
Classifields

අකළට මහලු වීමත් කෘෂ බවත් නැති කරන ඉන්නල

අකළට මහලු වීමත් කෘෂ බවත් නැති කරන ඉන්නල

ඇතැම්විට අල විවිධ රසයන්ගෙන් අනූනව පවතින නිසා මේ කියන්නට යන අල වර්ගය ගැන ද එසේ වෙනමම රසයක් ඇති බව කිව යුතුයි. බතල, මඤ්ඤොක්කා, හුලං කීරිය, හිඟුරල, කිරි අල වැනි අල මෙන් දිවට සුපුරුදු රස ඉන්නල තුළින් ඇති වන්නේ නැත. මෙහි පවතින බෙහෙත් රසය කටට අපි‍්‍රය කරන බව සමහරු කියයි. ඖෂධීය ගුණ පවතින මේ ඉන්නලවල රසය ඇති කිරීමට නම් හොඳින් තුනපහ එකතු කළ යුතුයි. මේ බව කියන්නේ වෛද්‍ය මංගලා මහලේකමයි.

බෙහෙත් රසය නිසා අපි‍්‍රයයි. 

ඉන්නල ව්‍යංජනය පිළියෙල කරන විට එහි පොත්ත ඉවත් කළ යුතුයි. ගෝනියක් තුළට ඉන්නල දමා පොළොව ගසා පොතු ඉවත් කර ගැනීම සිදු කළ යුතු වෙනවා. ඊට අමතරව පොත්ත රැහැල ද ඉවත් කර ගත හැකියි. ඇතැමුන් ඉන්නල තම්බා ආහාරයට ගනු ලැබේ. එහෙත් මෙහි ඇති බෙහෙත් රසය නිසා ඇතැමුන් අපි‍්‍රය කරන අතර හොඳින් තුනපහ එකතු කර කිරි දමා රසවත්ව පිසගත හැකියි. 

ප්‍රෝටීන් බහුලයි

අනෙකුත් අල වර්ගවලට වඩා පිටි ගතිය අඩු අල වර්ගයකි. තෙල් හා සීනි ප්‍රමාණය අඩුවෙන් ඇත. ප්‍රෝටීන් බහුලව ඇත. ඒ නිසා ශක්තිය වැඩියි. විටමින් හා ඛනිජ ලවන වලින් බහුලව ඇත. අනෙකුත් අලවලට වඩා යකඩ ප්‍රමාණය වැඩියි.

ඖෂධීය ගුණ

පිටි ගතිය අඩු නිසා දියවැඩියාවට ගුණ දෙයි. ශක්තිය වඩයි. නීරක්තිය නැති කරයි. ශරීරයේ බලය වඩයි. කම්මැලිකම දුරලයි. කෑම රුචිය වැඩි කරයි. අජීර්ණය නැති කරයි. අස්ථි හා දත් ශක්තිමත් කරයි. සම පැහැපත් කරයි. අධික තරබාරුව නසාලයි. රුධිර වාහිනී ගත රෝගවලට ගුණදායකයි. රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කරයි. ඇස් පෙනීම දුරු කරයි. මල බද්ධය නැති කරයි. අධික රුධිර පීඩනයට ගුණ දෙයි. අධික නිදිමත දුරු කරයි. සන්ධි රෝග නැති කරයි. අකලට මහළුවීම නැති කරයි. වකුගඩු රෝගීන්ට ගුණදෙයි. කෘෂබව නැති කරයි. මුත්‍රා දැවිල්ල නැති කරයි. ප්‍රෝටීන් ඌනතා මන්දපෝෂණයට ගුණදායකයි. මාංශපේශීන් හොඳින් වර්ධනය කරයි.

අවුරුද්දට ඉන්නල

අලුත් අවුරුද්දට කෑම මේසයට පිළිගන්වන හත් මාළු ඉතාමත් ප්‍රකට ව්‍යංජනයකි. එය රසයෙන් මෙන්ම ගුණයෙන් ද ඉහළයි. විවිධ එළවළු වර්ග එකතු කර සාදනු ලබන හත් මාළුව ඉන්නල ද එක් එළවළුවක් ලෙස ජනපි‍්‍රය වී ඇත. මෙහි ඇති ගුණාත්මක බව නිසා ආහාරය පෝෂණයෙන් පරිපූර්ණ කරයි.

100g ක අඩංගු පෝෂණය

  • ජලය 74.4g
  • ශක්තිය 394 කිලෝ ජූල්
  • කාබෝහයිඩ්රේට් 22.6mlg
  • මේදය 0.1g
  • තන්තු 7.1g
  • කැල්සියම් 17mlg
  • යකඩ 6mlg
  • පොස්පරස් 40mlg
  • කැරොටින් 12 micro gram
  • තයමින් 0.05mlg
  • විටමින් C 1 mlg

ස්වර්ණා ආරියවංශ

උපුටා ගැනීම - දිනමිණ

Share This Article

ගැස්ට්‍රයිටිස්වලට මූරුංගා හොඳයි.

මූරුංගා කියූ විට කන්නට ටිකක් බියවෙනවා. ඒ මූරුංගා උෂ්ණ ආහාරයක් ලෙසින් අපේ සමාජය පිළිගෙන ඇති මතය නිසා. ඒත් ආයූර්වේදය පිළිගන්නා ලෙසට...

දිනක්‌ දෙකක්‌ තැබූ අලුත් මාළු අධිශීත කර ආහාරයට ගත හැකිද?

එපා... එක්‌සත් රාජධානියේ ආහාර ප්‍රමිති නියෝජිතාංශය (FSA) පවසයි. අලුත් මාළු නරක්‌ වීම ආරම්භ වූ විගසම ඒවා අධිශීත කිරීම නුසුදුසුය. ඒවායේ ප්‍රමිතිය...

කරවිල තිත්තයි ඒත් ගුණයි.

ඇතැම් එළවළු සහ පළතුරු ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන් යූක්තවන අතර, තවත් එළවළු සහ පළතුරු ආහාරමය ගුණය පමණය. ඖෂධීය ගුණය පමණක් තිබෙන...

මුළුතැන්ගෙයි රසවතුන් සූදුරු-මහදුරු-උළුහාල් කහ-කොත්තමල්ලි

මේවා මගින්ද ආහාර සුවඳවත් වෙනවා. රසවත් වෙනවා මෙන්ම ආහාර රුචියද වැඩි වෙනවා. මීට අමතරව ආහරවලට හොඳ වර්ණයක් ඇති වෙනවා. විසබීජ නැසෙනවා...

රාම රාවණා යුද්ධයේදී ඔසුවක් ලෙස දඹදිවින් ගෙනා අදටත් රස බැලිය හැකි ව්‍යංජනයක්

කලින් ගැමි සමාජයේ තරමක ජනප්‍රියත්වයට පත් තැල්කොළ ඇඹුලට දැන් නාගරික සමාජයෙන්ද සැලකිය යුතු ඉල්ලුමක් ලැබෙමින් පවතී. තැල්කොළ ඇඹුල කෑම මේසයට එක්වූ...

පෝෂණය රැකගෙන ආහාර පිසින්නෙ මෙහෙමයි

කුරුට්ට සහිත සහල්ධාන්‍ය වර්ග ගැන කතා කරන විට බත් ප්‍රධානයි. බත්වල ඇති පෝෂණය හරියාකාරව ලබාගන්න නම් කුරුට්ට සහිත හාල් ආහාරයට එකතු...